ඉතින් මෙහෙමයි,
ආදරය යනු නිසි නිර්වචනයක් නොමැති විටෙක කීකරු විටෙක අකීකරු වචනයකි. පිටු කිහිපයක් පුරා විස්තර කලද මට අනුව මෙය ආදරය වුවත් තවත් අයෙකුට අනුව එය වෙනස් විය හැක. ඉදින් මට අනුව සමහරෙකුට සුන්දර සමහරෙකුට අමිහිරි මෙම හැඟීම සුන්දර වුවත් අමිහිරි වුවත් කටුක අත්දැකීම් මැද්දෙන් සියලු දෙනාටම ඉදිරියට යෑමට සිදු වේ. පරිත්‍යාගයක් වන් වූ ආදරය විටෙක සුන්දරම පරිත්‍යාගයක් වුවත් ඇතැම් අවස්ථාවල පරිත්‍යාගය පරිත්‍යාගයක්ම කර දීමට සිදු වනු ඇත.
ආදරය පිවිතුරුයි.ලස්සනයි.දුක්ඛදායී.ඊර්ශ්යාසහගතයි.වංකයි විටෙක අවංකයි තවත් විටෙක ආත්මාර්තකාමි...මන්ද යත් එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නා වූ සීමාවත් අසීමාවත් අතර දෝලනය වන්නා වූ ප්‍රබල හැඟීමක් නිසාවෙනි.
ඉතින් ආදරය නම් වූ ප්‍රබල වචනය දැනෙන ආකාරයද හරි වෙනස්..!
කෙනෙක්ට දුරින් ඉදලත් ආදරේ කරන්න පුළුවන්ද?ඔව් නිසැකවම! #_ඒකපාර්ශ්වික ආදරේ_ තරම් ප්‍රබල හැඟීමක් තවත් නැතුවැති! හිතේ ඇති වන උමතු හැඟීම් ප්‍රකාශ නොකර ආදරේට අරුත් දෙන්න පුළුවන් නම් සැබවින්ම ආදරේ එයයි! දෙහදක ඇති වන ආදරය එක්වුනාම ලස්සනයි! නමුත්,එක් හදක් තවත් හදකට හොරැහින් පෙම් බඳිද්දී තවත් ලස්සනයි!
ඒ දැනෙන හැඟීම විදින හැටිත් විදවන හැටිත් හරි අපූරුවට ඒකපාර්ශ්වික ආදරේ කියලා දෙන හැටිත් පුදුමාකාරයි!(මේකට විවේචන එයි...ඒත් මං ලියන්නෙ මට දැනෙන විදිහ)
කෙනෙක් දිහා බලාගෙන නිවෙන්න පුළුවන් නන්, එක හිනාවකට පුදුමාකාර විදිහට ඇබ්බැහි වෙන්න පුළුවන් නන්,එක හිතකට අවංක වෙන්න පුළුවන් නන් ඒ තමයි ආදරේ....
ඒකපාර්ශ්වික ආදරේ හැමෝටම ලැබෙන්නෙ නෑ. ඒක ඇත්ත. ඇත්තට ආදරේ කරන්නත් ඇත්ත ආදරේ ලබන්නත් හැමෝටම බෑ. සමහර වෙලාවට කෙනෙක්ට හරිම ආදරේ හම්බෙද්දි එයාට ගොඩක් දේවල් මගහැරිල තියෙන්න පුළුවන් #ජීවිතේ හොඳම කාලෙ ලස්සනම දේවල්දෙහදින් ආදරේ කරන දෙන්නෙක්ට මොන ප්‍රශ්නෙ ආවත් ඒ බැඳීම නැති කර ගන්න බෑ. ඒ හැම දෙයක්ම විසදගෙන ඉස්සරහටම යන්න බලන ආදරයක් අපි හැමෝටම ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරනවා....
තමන්ට ලැබුණු එකම ආදරය නැති වෙද්දි හිත් කීයක් නන් කැඩෙනව ඇතිද? ඇතැම්විටක පසු බලපෑම් නිසාවෙන් බිඳෙන ආදර කතා සැබවින්ම සුන්දර ගලායෑමක් එක්කොට ගත්තත් දුක්ඛඃදායක අවසානයක් උරුම කර ගැනීමත් පුදුමයක්.
ආදරය නම් වූ මාතෘකාවට විවිධ ස්වරූප ඇතත් සැබැවින්ම සියල්ලන්ම බලාපොරොත්තු වන්නෙ සතුටුදායක නිමාවක් නොවේද.....?ආදරය ඉදිරියේ මිනිස් මනසින් ලාබාල වන්නේ නිරායාසයෙනි. ඔවුන් ආදරය හොයනවා...විඳිනවා...හුරතල් වෙනවා...ඉදින් එවන් වූ ආදරය අතරේ නිමාවක් දක්නා ආදර කතාද නැතුවාම නොවේ!
ආදරය ගැන පිටු කිහිපයකට සීමා කරන්න පුලුවන් නන් මම ඒක දැනටමත් සීමා කරලා ඉවරයි. නමුදු තවත් විස්තර කරන්නට අදහස් ගලා ඒම පමණක් මිස මෙය මෙතැනින් නතර කරන්න යැයි මනසින් නොපවසයි.
ආදරේ කරන මිනිස්සු අතරේ ඇස් වලට ආදරේ කරන මිනිස්සු හරි දුර්ලභයි.එහෙම නේද? ඇස් වලට ආදරේ කරන්න හැමෝටම බෑ...එහෙම ආදරේ කරන මිනිස්සු හරි අපූරුවට දේවල් ආදරේ කරද්දි බලාපොරොත්තු වෙනවා....ඒ වගේම තමයි එයාට ආදරේ දෙන්නෙ හදවතින්මයි...
ජීවිතේ හරි පුදුමාකාරය. ඉතින් ඒ පුදුමාකාර ජීවිත ආදරෙන් ලස්සන වෙද්දි තවත් ලස්සන දේවල් අපේ ජීවිත හැඩ කරන්න එකතු වෙනවා...ඒ විශ්වයේ ආශිර්වාද වෙන්න පුළුවන්.
විශ්වාසය අතාරින්න එපා...දිගටම නිදහසේ පියාඹන්න...ආදරයත් ඒවගෙ....විශ්වාසය බිඳුණු ආදර කතා තඩුවක් කැඩුණු බත්කූරෙක් වගේ...විශ්වාසය තියෙනකන් හැටට හැටේ පාගලා පියෑඹුවත් එක තට්ටක් කැඩුණු ගමන් වේගය බාල වෙනවා..අන්න ඒ වගේ තමා විශ්වාසෙ බිඳුණු ආදර කතා....
ආදරේ කරද්දි අපිට ගොඩක් දේ කැප කරන්න වෙනවා...ඒක තමයි ඇත්ත.මේ කතාව ටිකක් වෙනස් වෙයි.
රසවිදලම බලන්න! ආදරේ කොච්චර ගැඹුරුද කියලා කල්පනා කරන්න! ඔයාගෙ ලස්සන අදහසුත් මේකත් එක්ක අමුනන්න.....
ඉතින් මෙතැකින් අවසර.....!
•Arzz•
YOU ARE READING
ශිඛර මල්.....
Romanceආගන්තුක මලකට නම් නොලද හැගීමක් අමුණා මිතුදමත් ආදරයත් වෛරයත් අතර දෝලනය වන කතාබහක්....දරුණු පසුතැවිල්ලක් හමුවේ අවසානය සුන්දර ද අසුන්දරද....? මේ ඒ කතාවයි. Arzz_