වෙනදා වගේම සාමාන්‍ය දවසක්... අදත් මම පාන්දර ම ඇහැරිලා දඩිබිඩියෙ ඉස්කෝලෙ යන්න ලෑස්ති උනා... මේ ගෙවිලා යන්නෙ එකොළහ වසරෙ අවසාන දවස් ටික... අපේ ඉස්කෝලෙ විදිහට නං ආතල් එකේ ඉන්න පුලුවන් අවසාන දවස් ටික...සාපෙ කාලසටහන එන්න එන්නම පස්සට යද්දි මහා පරිමාණ වශයෙන් කෙළවිලා ගියේ අපිට... මොකද ටවුන් එකේ ගෞරවනීය ප්‍රධාන බාලකයක් විදිහට අපේ ඉස්කෝලෙ ඉන්න හැත්ත බුරුත්තට පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් ඉන්න හිටින්න තැන් නැතිවෙනවා... දැනුත් එහෙමයි... එකොළහේ උන්ගෙ සිලබස් ඉවර වෙලා වාර තුනත් ටික ටික ඉවර වෙලා යද්දි අපිට ආපු ලොකුම ප්‍රශ්නෙ, ඉස්කෝලෙන් නිවාඩු දෙන්නෙ නැතුව දිගටම ඕලෙවල් කිට්ටු වෙනකන් උගන්නනවා කිව්ව එක...
ඉස්කෝලෙ ඉඩ නැහැයි කියලා දැන දැනත් අහවල් එකකටද තවත් උගන්නනවැයි කියන්නෙ... ඇයි යකො මෙච්චර කාලයක් උගන්නන්න වෙලාවත් තිබ්බා ඉඩකඩත් තිබ්බා ඒත් ඉගැන්නුවෙ නෑ දැන් එනවා සෙමිනා සෙමිනා කියාගෙන මේ ගෙදර නිදහසේ ඉන්න ටිකටත් කෙළවන්න... ඒ මදිවට දැන් ඉන්න දහයෙ උන් එකොළහට එද්දි අපිට අපේ සෙක්ෂන් එක නැතිවෙනවා... ඒ වගේම අපිට සෙමිනා දානවානම් ඊළඟ මාස දෙකේම ඉස්කෝලෙ ඉන්න වෙන්නෙ ඔඩිටෝරියම් එකෙයි මේන් හෝල් එකෙයි පැලපදියං වෙලා...
"සුදූ මේ බත් එක කාලා පලයං ඉස්කෝලෙ... බඩගින්නෙ යන්නෙ... කෑම ගෙනියන්නෙත් නෑ...."
"අනේ සැරයි... වතුර..."
මං බෑග් එකත් එක කරක එල්ලගෙන ගැම්මට පහළ තට්ටුවට බැහැගෙන එද්දි ආච්චි ඉඳගෙන මල්ලිට කවනවා... මට කාලා යන්න කියලා කියන ඩිංගට ඒ ගෝතයට කවපු බත් කට සැරවෙලා... ආච්චි හනික ඌට වතුර පොවද්දි මම බබා වගේ කෑම කාමරේට ගිහින් මේසෙ උඩ බෙදලා තිබ්බ බත් පිඟාන අතට ගත්තා..
"සුද්දා!!!! මේ හය හමාරයි වෙලාව... උඹ යන්නැද්ද ඉස්කෝලෙ ??"
බත් එක අතට ගත්තා විතරයි තාත්තා බෙරිහන් දෙද්දි තමයි මටත් මීටර් උනේ අද වෙනදට වඩා පරක්කු වෙලා කියලා... තාත්තට ආපිට මේ එනෝ කියලා කෑගහපු මං ඉක්මනට බත් කටවල් දෙකතුනක් ගිලලා සින්ක් එකේ ටැප් එකට අත අල්ලලා හෝදගෙන සාලෙට දිව්වා... තාත්තා ඉන්නව හෙල්මට් එකත් දාගෙන ආච් එකට වෙලා... ඉස්කෝලෙ යන මට වඩා මේ මනුස්සයට තමයි තදියම තියෙන්නෙ...
YOU ARE READING
JEZH || NONFIC BL
Non-Fictionමම උඹ දිහා බලන් හිටියා උඹ මං දිහා බලනකන්ම, ඒත් ඔය ඇස් මුණගැහෙද්දි මට තවත් ශක්තියක් තිබ්බෙ නෑ... ඒ බැල්ම මත්තෙම නැහෙන්න... මං උඹට පලු යන්න ආදරෙයි මගේ ජෙෂ්...