අප දිගටම ජීවිතයෙන් පැන යන්නවුන් විය..
'මානසික රෝගින්' , 'පවුකාරයින්' වැනි නානප්‍රකාර නම් වලින් ඔවුන් අප අමතයි..
නමුදු ඔහුට මා තවමත් ඔහු දුටු සුන්දරම මලයි..!ආදරය කිරීම වරදක්දැයි ඇසූ තැන 'නැත' යැයි පවසා ඔවුහු මා ආදරය කල පුද්ගලයාව ඝාතනය කිරීමට තැත් කලෝය..
අප දහවලේදී පැනගොස් රාත්‍රියේදී ආදරේ කරයි..
ඔවුහු දහවලේදිත් රාත්‍රියේදීත් අප පසුපස ආහ..
අනාගතයේදිත් ඒවිදෝ නොදනිමි...පවසන්න ,
තවමත් ආදරේ වරදක්ද?
ජිවත් වීමේ අයිතිය උදුරා ගැනීමට තරම්..(Carlo Floris)
1983
*******************************************විසි වන සියවසේ ජනප්‍රියම චිත්‍ර අතර තිබූ චිත්‍රයක් දෙස බලාගෙන ඔහු තම පෙම්වතාගේ උරහිසට බර වූයේ එහි අග වැල් අකුරෙන් ලියා ඇති වේදනාවේ කවියත් කියවන ගමන්ම වාගේය...
ඔහුගේ අත් තම පෙම්වතාගේ අත් සමඟ එකට බැඳුනි..තව දුරටත් කවුරුන් හෝ ඔවුන්ට රොගින්, පවුකාරයින් ලෙස ඇමතූයේ නැත...ඒ පිළිබඳ ඔවුහු කාට ස්තූති කරන්නදැයි නොදැන සිටියහ..ඔවුන් දෙදෙනාගේ ඇස් එක එල්ලේ චිත්‍රයේ සිටි මිනිසුන් දෙදෙනා වෙත එල්ල වී තිබුනේ එහි අලංකාරය දැකීමට වඩා ඔවුන් විදි වේදනාව සෙවීමට වාගෙයී..
"ඔයා ඕක බලාගෙන ඉඳලා තව දුක් වෙනවා නම්...මම ඔයාව ආයේ කවදාවත් Art exhibitions බලන්න එක්කන් යන්නේ නැහැ.."
ඔහු තම පෙම්වතාට තරවටු කලේය..
"ඒත්...ඇයි මිනිස්සු මෙච්චර නරක.."
"එහෙම තමයී ස්වීට් හාර්ට්...එයාලා වැරදි කාලෙක ඉපදිලා හරි කෙනාව හොයාගෙන....එතකොට ඒක වේදනාවක් තමයි....අපි අරෙහෙට යමු..ඔයා ඕක ගැන දවසම හිතයී.."
තවමත් එකිනෙකාගේ දෑත්වල පැටලි ඉදිරියට ඇදුනත් ඔවුන් දෙදෙනාගේම හදවත් ආගන්තුක චිත්‍ර ශිල්පියෙකුගේ වේදනාව ඉදිරියේ පෑරි ගොස් තිබුණී....
*****
ආදරය හැඟීමකී...
තවත් කෙනෙකු එක් වූ විට බැඳීමකි..
එය ගොඩනැගෙන්නේ විශ්වාසය ඔස්සේ වුවද තව දුරටත් බැඳීම් රැකගැනීමට ඔවුනොවුන්ගේ සිත්වල තිබූ ආදරය ප්‍රමාණවත් නොවීය....සිතට දැනුනු කා සමඟ හෝ ආදරයෙන් බැඳීම තමන්ට නිරයේ දරුණුතම දඬුවම් විඳිමට තරම් අපරාධයක්දැයි කෑ ගසා අසන්නට සිතුණත් ඔවුන්ගේ හඬ කිසිවෙකුත් අසා සිටියේ නැත...
ඔවුන්ට සිටියේ ඔවුන් පමණි...."තමුන් කරන්නේ පවක්...තමුන් නිරයේදි අලුවෙලා යාවී...ඔය එක්වෙන්න හදන්නේ වැරදි මනුස්සයෙක් එක්ක"
නැත...ඒ නිවැරදි පුද්ගලයායී...එකම පුද්ගලයායී..වැරදි කාලයයී...
ඔබ සිතට දැනුනු ආදරයක් වුවත් ඒ නිවැරදිම පුද්ගලයා වුවත් ආදරය තවමත් පවකී...මිනිසුන් ඔබට දිගටම ද්වේශ සහගතව සලකයී..
"ඒකට කමක් නෑ..මම ආදරේ ඔහුට...ඔහුට විතරයී...."
අපි අපගේ පව් වලින් පැනගොස් කොහෙහෝ ජීවත්වන්නෙමු...
ආදරේ කරන්නෙමු...
මියයන්නෙමු...
මියයන මොහොතේදී මගේ පසෙකින් සිටින ඔබ පමණක් මට මුලු ලෝකයෙන්ම ඉතිරි වුවත්
මා පසුතැවෙන්නේ නැත....****************************************************************
වෙනස්...
අලුත්..
අමුතු කතාව එක්ක එකතුවෙන ඔයාලා හැමෝටම ස්තූතියී...පලවෙනි චැප්ටර් එක ඉක්මනට දෙන්නම්...
මේක මටත් අලුත් චැලේන්ජ් එකක්..
මම ඒක හොඳින් කරන්න බලාපොරොත්තු වෙනවා..
ESTÁS LEYENDO
His Personal Art
No Ficciónවිෂ සහිත ලෝකයක නොගැලපෙන කාළවකවානු ගළපාගැනීමේ බලාපොරොත්තු සහිතව නැවත හමුවෙන තුරු, ආදරය උදෙසා ජීවිතයෙන් පැනයන්නවුන් වෙනුවෙන් ! '''Oh, I love it and I hate it at the same time You and I drink the poison from the same vine Oh, I love it and I hate it at...