04

192 38 11
                                    


කාලය ඉක්මනින් ගෙවිලා ගියේ දවස් දෙකකුත් පහු කරලා..

තේහ්‍යුන් හිටියේ උදේ කෑම හදන ගමන් කුස්සියේ වෙනකොට ජන්කුක් වෙනදා වගේම ඔෆිස් යන්නත් සාරා යුනි යන්නත් ලැහැස්ති වෙනවා..

තේහ්‍යුන් මේ දවස් දෙකේ හිටියේ ටිකක් අසනීපෙන්..අද උදේත් තේහ්‍යුන් නැගිට්ටේ පුලුවන් කමකට නෙවෙයි උනත් උදේ පාන්දර ජන්කුක්ගෙන් බැනුම් අහන්නත් බැරි කමට වගේම ජන්කුක්ව බඩගින්නෙ යවන්නත් ඔහුට හිත නොදුන්න නිසා..

උදේට කන්න පෑන්කේක් හදලා ජන්කුක්ට බීම එකකුත් හදලා ෆ්‍රිජ් එකට දාලා තේහ්‍යුන් සින්ක් එක ලගට ආවේ සින්ක් එකේ ගොඩ ගැහිලා තියෙන බාජන ටික හෝදන්න..

" අන්න ඔප්පා පහලට එනවා..ගිහින් කෑම මේසේ ලැහැස්ති කරනවා.."

ඒ සාරා.. ටයි එක ගැටගහන ගමන් තේහ්‍යුන් ඉන්න තැනට ආව සාරා ටයි එක අතඇරලා එයාගෙ නයපොත්තකට පිම්බේ තේහ්‍යුන් දිහා බැල්මක් දාන ගමන්..

තේහ්‍යුන් මුකුත් නොකිලා කැක්කුම් දෙන හිස ගනන් නොගෙන ගිහින් කෑම මේසේ ලැහැස්ති කලේ ජන්කුක් ඇවිත් කෑම මේසෙන් ඉදගද්දි..

වෙනදට කියව කියව ජන්කුක්ගෙන් බැනුම් අහන තේහ්‍යුන් අද නිශ්ශබ්දව කෑම බෙදද්දි ජන්කුක් තේහ්‍යුන් දිහා බැලුවේ ඇයි කියලා..

එතකොට තමයි දැක්කේ ඇදිලා ගිහින් වගේ ඉන්න තේහ්‍යුන්ව..වෙනදට චෙරි පාටට දිලිසෙන තොල් අද වේලිලා ගිහින් සුදු පාට වෙලා..කම්මුල් ගිලා බැහැලා වගේ..කිරි සුදුපාටට තිබුන ඇස් අද ලා රතු පාටට හැරිලා අද තේහ්‍යුන් හිටියේ ඇවිදින මලමිනියක් වගේ..

ජන්කුක් තේහ්‍යුන් දිහා බලාගෙන ඉදලා ආයි කෑම එකට ඔලුව ඔබාගත්තෙ එයාට වැඩක් නෑ කියලා හිතලා..

සාරත් ඇවිත් කෑම කන්න පටන් ගත්ත නිසා තේහ්‍යුන් ආයෙම කුස්සියට ගියේ ඉස්සෙල්ලා හෝදන ගමන් හිටිය බාජන ⁣ටික හෝදලා ඉවර කරන්න..

.
.
.
.
.
.
.

කන ගමන් හිටිය ජන්කුක් සාරා ගැස්සිලා ගියේ කුස්සියෙන් ඇහුන පිගානක් බිදෙන සද්දෙට..

" හරියට පිගානක්වත් අල්ලගන්න බැරිද කොහෙද ඔප්පා මුට..බලන්න අපරාදෙනේ "

සාරා කිව්වේ කලකිරැන විදිහට..

" ඔයා කන්න චූ⁣ටි මම බලලා එන්නම්.."

කියපු ජන්කුක් අත හෝදගෙන කුස්සියට ගියේ මොකද්ද වෙන්නෙ කියලා බලන්න..

ඒත් ජන්කුක් දැක්ක දෙයින් ගැස්සිලා ගියේ තේහ්‍යුන් හිටිය විදිහ දැකලා..

" තේහ්‍යුන්..!!!"

සින්ක් එක ගාව වැටිලා හිටිය තේහ්‍යුන් ලගට ජන්කුක් දුවගෙන ගියා..

තේහ්‍යුන්ට සිහිනැතිවෙලා කියලා ජන්කුක් ගියපු ගමන් දැක්ක නිසා හිතන්නෙ බලන්නෙ නැතුව තේහ්‍යුන්ව උස්සගෙන කාමරේට දුවගෙන ගියේ තේහ්‍යුන්ව උස්සගෙන එනවා දැකපු සාරාත් ජන්කුක් පස්සෙන් මොකද අහන ගමන් දුවගෙන යද්දි..

" ඔප්පා මොකද මේ..මොකද්ද උනේ!? "

" පස්සෙ කතා කරමු චූටි.. ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරන්න!! "

තේහ්‍යුන්ව බලාගෙන ඉද්දි සුදුමැලි වෙන දිහා බලාගෙන ජන්කුක් කිව්වේ සාරට..ජන්කුක් කියපු ගමන් සාරා එයාගෙ කාමරේට ගියේ ජන්කුක් කලබල වෙලා ඉන්නවා ඒ ඇයි කියලා හිතන ගමන්..













Update පරක්කුයි..ඒකට සමාවෙන්න..
මාව follow කරනවට කතා වලට vote කරනවට තැන්ක්‍යු...ඒ වගේම follow කරලා unfollow කරනවට ඒකටත් තැන්ක්‍යු..ඒ වගේ වෙලාවට මගෙ කලින් account එක මතක් වෙනවා..මතක් කරනවටත් තැන්ක්‍යු❤️❤️
ගිහින් එන්නම්..ඉක්මනින් ආයෙම දවසක හම්බෙමු...
ආදරෙයි❤️❤️❤️

You've reached the end of published parts.

⏰ Last updated: Sep 08 ⏰

Add this story to your Library to get notified about new parts!

Cold Husband❤️‍🔥Where stories live. Discover now