I ♡

14 0 0
                                    

ග්යොංබොක්ගුං මාලිගාව , ජෝසෝන් රාජවංශය විසින් නිර්මානය කල පංච මහා මාලිගා අතරින් ප්‍රධානම හා විශාලම මාලිගය උන සෝල්හි ජෝසෝන් රාජවංශයේ රාජකීය මාලිගයයි. 1972 වර්ශයේ සිට කොරියාවේ ජාතික කෞතුකාගාරයක් උන මෙම මාලිගාව බලවත් අධිරාජ්‍යයෙක් වූ ලී සෝජුන් ගේ මාලිගාවයි. වර්ග මීටර 410,000 ක ප්‍රදේශයක් ආවරණය කරන මේ මාලිගය රාජකීය පවුලේ සංකේතය ලෙස සලකයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උන හන් ජීසන් තමන්ගෙ හොදම මිතුරන් දෙදෙනා වූ හ්වන්ග් හ්‍යුන්ජින් සහ ලී ෆීලික්ස් වගේම තමන්ගේ විශ්වවිද්‍යාලයේ සිටි අනෙක් ඉතිහාසය හදාරන ශිෂ්‍යයන් සමග ග්යොංබොක්ගුං මාලිගයට පැමිනියේ ඔවුන්ගෙ නව පර්යේෂණයට දත්ත එකතුකර ගැනීමටයි. ග්යොන්චුන්මුන් ලෙස හදුන්වන මාලිගයේ නැගෙනහිර දොරටුව "වසන්තයේ දොරටුව" ග්යොංබොක්ගුං මාලිගයේ පිවිසුමයි. කෞතුකාගාරෙ මගපෙන්වන්නා සමග නැගෙනහිර දොරටුවෙන් ඇතුල්වූ මේ ශිෂ්‍යයන්ට මුලින්ම දැකගැනීමට ලැබුනේ එහි දොරේ සිවිලිමේ නිල්, රතු , සුදු , කහ සහ කලු වර්ණ වලින් වර්ණාලේප කර ඇති වලාකුලු හා මකරුන්ය.

මාලිගාවට ඇතුල් උන මොවුන්ගේ පලවෙනි නැවතුම වූයේ සිංහාසන කාමරයයි.

" ලමයි මේ තියෙන්නේ සිංහාසන කාමරය. මෙතන 1399 ඉදන් 1546 වෙනකම් රජවරු හත් දෙනෙක් ඔටුනු පලදලා තියෙනවා. ජොංජොං , ලී සෝජුන් , දන්ජොං , සේජෝ, සොංජොං , ජුංජොං , මියොංජොං කියන්නේ ඒ රජවරු හත් දෙනා. මේක ඉදිකරලා තියෙන්නේ 1394 තේජෝ රජුගේ පාලන සමයේ.

කෞතුකාගාරෙ මගපෙන්වන්නා මේ විස්තර පැහැදිලි කරන අතරම ඒ ශිෂ්‍යයන් හැම කෙනෙක්ම මේ තොරතුරු තමන්ගේ සටහන් පොත් වල සටහන් කරගත්තා.

කෞතුකාගාරෙ මග පෙන්වන්නගේ මගපෙන්වීමෙන් පැය තුනකට ආසන්න කාලයක් මාලිගයේ අංග ගැන අධ්‍යනය කල සිසුන්ගේ ගමනාන්තය උනේ අවුරුදු දහස් ගනනක පෞරාණික වටිනාකමකින් යුක්ත දේව දොරටුවයි.
ආරම්භයේ ඉදන්ම මාලිගාව ගැන ලොකු කුතුකහයක් වගෙම ආසාවක් තිබුන හන් දැන්නම් හිටියේ පැය තුනකට ආසන්න කාලයක් තමන් ඔලුවට දාගත්ත කරුනු ඔලුවෙන් එලියට පනින්න ඔන්න මෙන්න තියාගෙන.

 ❤︎ RED STRING ❤︎ ( Sinhala bl )Where stories live. Discover now