" ප්‍රධාන ආරක්ශක ඔබ මොහු පිලිබද යම් තොරතුරක් සොයාගත්තද ?
" සමාවන්න රජතුමනි මට මෙතෙක් ඔහු පිලිබද කිසිදු තොරතුරක් හමුවූයේ නැත. මොහු පිලිබද කිසිවෙකුත් මින් පෙර දැන සිට නැහැ. මා අපගේ ඔත්තු කරුවන් ලවා ඒ පිලිබදව සොයා බැලුවා.
" ප්‍රධාන ආරක්ශක ඔබට සිතෙන්නේ නැතිද මොහු පවසන දෑ සත්‍ය වග.
" මා හට එවැන්නක් විශ්වාස කල නොහැකී රජතුමනි. මා හට නම් සිතෙන්නේ මොහු මේ දේව ද්වාරය ගැන තිබෙන කටකතාව භාවිතා කොට අපගෙන් පැනයාමට මුසාබස් පවසන වගයි. එමෙන්ම මෙතෙක් කාලයකට දේව ද්වාරයෙන් කවුරුන්හෝ පැමිනි බවට කිසිදු සාක්ශියක් ලැබී නැත.
" එය සැබෑව ප්‍රධාන ආරක්ශක. මට මොහුගෙන් තනිව ප්‍රශ්න කල යුතුයි. ඔබත් දැන් පිටවන්න.
" හොදමයි රජතුමනි.
ප්‍රධාන ආරක්ශන සොන් හා ලී සෝජුන් රජුට ආචාර කර සිරගෙදරින් පිටව ගියා.
ප්‍රධාන ආරක්ශක පිටව ගිය පසු හන් අසලට පැමිනි ලී සෝජුන් රජු හන් ගෙ කට බැදලා දාලා තිබුන රෙදි කැල්ල ඉවත් කරා." ඔබේ නාමය කුමක්ද ?.
" මම.. මම හන් ජීසන්.
" හොදයි ජීසන් මට සත්‍ය පවසන්න. ඔබ කෙසේද මගේ මාලිගයට පැමිනියේ.
" මම එකපාරක් ඔයාලට කිව්වා මම ඔත්තුකාරයෙක් නෙවේ කියලා.
" ඔබ මා හට සත්‍ය නොපැවසුවහොත් ඔබටත් සිදුවන්නේ දඩුවම් ලැබීමටයි.
" මම කී පාරක් කියන්නද මම ආවේ අර දේව දොරටුවෙන්. සූර්‍යග්‍රහණය වෙලාවෙ ඒක ඇරුනතත් එක්කම මාව ඒක ඇතුලට ඇදිලා ඇවිත් මෙහෙට වැටුනා. ඔයාලා හිතන් ඉන්නේ මමත් මෙහෙ කැමැත්තෙන් ඉන්නවා කියලද ?. මට ආයෙ මගෙ ලෝකෙට යන්න ඕනා. මගෙ අය ගාවට යන්න ඕනා. මට තාමත් මේ උන දේ නරක හීනයක් වගේ. මට ආයෙත් මගෙ ලෝකෙට යන්න පුළුවන් උනානම් මම මෙලහකට ගිහින්. මට ඔයාලා ගැනවත් ඔයාලගෙ රාජ්‍ය ගැනවත් මේ කිසිදේකින් වැඩක් නැහැ. මම කාගෙවත් ඔත්තු කාරයෙක් නෙවේ. මම දන්නෑ මම කොහොමද ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ කියලා. ඔයාලට මම වැරදිකාරයෙක් කියලා ඔප්පු කරන්න සාක්ශියක්වත් නැතුව ඔයාලා කොහොමද මාව වැරදි කාරයෙක් කරන්නේ. මම ඇත්තටම කියන්නෙ ඇත්තනම් මම බොරුකාරයෙක් වෙන්නේ කොහොමද. ඔයාලට පුළුවන්ද මම කියන්නේ බොරු කියලා ඔප්පු කරන්න. ඇත්ත කියන්න කියලා ඔයාලා මට මෙහෙම වද දෙන එකෙන් මොනාද බලාපොරොත්තු වෙන්නේ.
YOU ARE READING
❤︎ RED STRING ❤︎ ( Sinhala bl )
Historical Fictionඅදෘශ්‍යමාන රතු නූලක් කාලය, ස්ථානය හෝ තත්වය නොසලකා හමුවීමට ධෛවෝපගත පුද්ගලයන් සම්බන්ධ කරයි. එම නූල දිගු විය හැක, පැටලුම් සහගත විය හැක, නමුත් කිසි විටෙකත් කැඩී නොයනු ඇත. - RED STRING -