-01-

150 23 103
                                    

"මිස්ටර් ඩියෝද් වර්ණකුලසූරිය ? "

ඕගනයිසින් කමිටි කියලා ගහලා තිබුණ ටැග් එකක් දාගෙන ඉදි තරුණ පිරිමි ළමයෙක්ගෙ කටහඩටඅත් දෙක සාක්කුවට දාගෙන ඉදි අඩි හයකට පොඩ්ඩක් අඩු උසක් තිබුණ හැඩි දැඩි අවුරුදු විස්සක විතර පෙනුම තියෙන පිරිමි කෙනෙක් අර ළමයා දිහාට හැරුණා..

" සර් ස්පොන්සර්ස්ලට රෙඩි කරපු සංග්‍රහයක් තියෙනවා කන්ෆරස් රූම් එකේ- "

" අර බෝයි ෆස්ට් ටයිම් මේ අවුරුද්දෙ පාටිසිපේට් කරන කෙනෙක්ද ? "

ඕගනයිසින් කමිටි එකේ පිරිමි ළමයා කියන්න ගිය දේ කියලා ඉවර කරන්න නොදී තිවිරු ඇහුවෙ ආයෙම ඉස්සරහ බලාගන්න ගමන්...

" බෝයි නම්බර් ට්වෙන්ටි ෆයිව්.. "

" නෑ සර්.. මං දන්න විදිහට එයා අවුරුදු දාසයේ ඉදලා එක්සිබිශන් එන්නේ.. පහුගිය අවුරුදු තුනේම  ග්‍රෑන්ඩ් ප්‍රයිස් විනර් ! "

තිවිරු කතා කරන කෙනා කවුද කියලා දැනගතිපු බෝයි උත්තර දුන්නත් හරි තිවිරු තව තප්පර පහක් විතර ඒ දිහා බලන් ඉදියා..  ඒ ඉදලා කඩියෙක් වගේ එහෙට පැන පැන මෙහෙට පැන පැන තමන්ට ලැබිලා තිබුණ ප්‍රදර්ශන කුටිය ලෑස්ති කර කර ඉදි ඒ රුව දිහාට තිවිරු අඩිය තියන්න ගියත් ඒ අඩිය උස්සන්න කලින්ම එකතැන නතර උනා..

තිවිරුගෙ ඇස් හොරකම් කරපු ඒ රුව එකපාරටම පුදුමෙන් වගේ කෙනෙක්ගෙ දිහා බලලා ඒ කෙනාගෙ දිහාවට දුවගෙන ගියේ තිවිරුගෙ ඇස් පුදුමෙක ගිල්ලලා..

අඩි හයකට වඩා උස උන හැඩි දැඩි ශරීරයක් තිබුණ ඒ පිරිමි කෙනා තනි කලු ශර්ට් එකක් ඇදලා අත් දෙක වැලමිට ළඟට නවලා ඉදියේ අතේ බබල් ටී එකකුත් තියාගෙන.. දුවගෙන ගියපු කෙනා අර හැඩි දැඩි පිරිමි පපුවෙ ඔලුව තියාගත්තෙ ඒ ඇග වටේ අත දාලා හරි තදට බදාගන්න ගමන්.. ඒ හිනාව.. කම්මුල් දෙකම වලගැහෙනවා තිවිරුට ඈතට උනත් බලාගන්න පුළුවන් උනා.. ඒ කෙනත් අනිත් පැත්තට හරි උණුසුම් විදිහට බැක් හග් කරේ හිනාවක් මූණෙ රදවගෙන..

දුවගෙන ගිය පිරිමි ළමයා අර පිරිමි පපුවෙ කෙලවරක නිකට තියාගෙන ටිකවෙලාවක් ඇස්වල ගිලිලා ඉදලා මොනවදෝ ලොකු කතාවක් කියවන්නෙ අනිත් කෙනා අවුල් උන කෙහෙරැලි හරි පරිස්සමට පිලිවෙලක් කරද්දි..  ටිකකින් අතේ තිබුණ බබල් ටී එක අරගෙන අතක් අල්ලගෙන පද්ද පද්ද ඉදලා ආයෙම එන්න ආවේ අර ආගන්තුකයා කැන්ඩි සිටි සෙන්ටර් එකෙන් එළියට යන්න යද්දි...

CLOUD | BF season 2 Where stories live. Discover now