" චූටි බේබි මේක හරි වැඩක්ද ? "
ඩේවිඩ් පේරාදෙණිය සරසවිය ඉදිරිපිට කලු පැහැ බෙන්ස් කාර් එකේ ඩ්‍රයිවින් ශීට් එක ළඟ දොරට හේත්තු වෙලා ඉදි තිවිරුගෙන් ඇහුවත් හරි , තිවිරු පහත් වෙලා දාගෙන ඉදි ශේඩ්ස් දෙක දබරැගිල්ලෙන් පහළට ඇදලා නහය උඩට දාගෙන ඒ උඩින් බැලුවේ හිනාවෙන ගමන්..
" ඩවුන් සවුත් කොච්චියා සතියක් මාව මගෑරියෙ මේක කරගන්න තමා ! "
තිවිරු ආයෙම ශේඩ්ස් දෙක උඩට කරගන්න ගමන් කෙලින් උනේ පහුගිය සතිය ගැන මතකාවර්ජනයක නිරතවෙමින්.. පහුගිය සතියෙම යසස් යන යන තැනට පස්සෙන් ගිහිල්ලත් යසස් වචනයක් කතා නොකර තඹේකට ගත්තෙ නැතුව ගියපු හැටි මතක් උනහම තිවිරුගෙ ඇඟේ මාළු නුවර වැවේ නටනවා..
මෙහෙමත් පාච්චල් වෙලා පුරුදු එකෙක්ද යකෝ මේ ?!!
" ඩවුන් සවුත් කිව්වෙ කොල්ලා දෙවුන්දර කිට්ටුවද ? "
එඩ්වඩ් ඇහුවේ තිවිරුගෙ ශේඩ්ස් දෙකට යටින් තිබුණ ඇස් කැම්පස් එකෙන් එළියට එන ළමයි ස්කෑන් කරන අතරතුරේදි..
" නෑහ්.. තංගල්ලේ.. දෙවුන්දර මොකෝ තංගල්ල මොකෝ.. බෙන්තර ගගෙන් එහානේ~ "
තිවිරු ඇස් අහකට නොගෙනම කතා කරන්න වුනේ ඇසිපිය ගහන ක්ෂණයෙන් පවා අතුරුදහන් වෙන්න යසස්ට තිබුණ හැකියාව හොදටම දන්න නිසා..
" ඕහෝ~ අයි ගොට් යූ කොච්චියෝහ් ! "
තිවිරු විසිල් කරගෙනම කාර් එකෙන් මෑත් උනේ අඩි දෙකක් ඉස්සරහට ඇවිදින ගමන්.. යසස් ඒ වෙද්දිත් බැජ් මේට් කෙනෙක් එක්ක ටියුට් එකකුත් දිගෑරගෙන ආවේ ලොකු කතාවක් පිට.. කතාව පිට ආපු යසස් තිවිරුව නොදැක්කට යසස්ගෙ යාළුවා තිවිරුව දැකලා බ්‍රේක් ගැහුවත් යසස්ට බ්‍රේක් පෑගුනේ තිවිරුගෙ ඇඟේ හැපිලම තමා..
ඔලුව උස්සලා බැලුවත් හරි යසස්ගෙ ඇස් සමාන්තර වුනේ තිවිරුගෙ මුව එක්ක.. යටිතොල යට තිබුණ බර්ත්මාර්ක් එක දැකපු ගමන් කෙනා අඳුනගත්තු යසස් හොද හුස්මක් පහත හෙලලා පස්සට උනේ කණ්ණාඩි දෙක දබරැගිල්ලෙන් උස්සන ගමන්..
නළලත් රැලි කරගෙන යසස් තිවිරු දිහාවට පිච්චිලා යන ප්‍රමාණයේ බැල්මක් දැම්මේ තිවිරු ඇහිබැම උස්සලා සද්දයක් කොනැගෙන්න මොකද කියලා අහද්දි..
YOU ARE READING
CLOUD | BF season 2
Mystery / Thrillerවැහිවළාකුළු ලස්සනම ඉර එළිය අතරෙ නෑවිලා ඉද්දි ! Start - 12.09.2024 End - ?