ඉන්ට්වර්ල් එකේ ඉදන් ම ගෝඨායිම්භරයගේ ඇස් දෙක මගේ දිහාවට වැටිලා තියෙන්න කියලා මගේ සූක්ෂම මොළේට වැටහිලා තිබ්බේ..
මූට මොකක් හරි කිව්වොත් මට සුදුවැන් සවාරියකට ටිකට් බුක් වෙයිද..මූගේ පෙලපත ගැන ආරංචි වෙච්ච විදිහට රන් හැන්ද කටේ ගහන්ලුනේ ඉපදිලා තියෙනවයි කියන්නේ..අනිත් එක මූ වීරවංශ ලූ නේ හදිස්සියෙවත් අර ඇමති වීරවංශගේ වේයෙක්ද දන්නැනේ..සෙතුවගෙන් අහන්න ඕනි..
"එක්කියුස්මී මිස්....."
ෆිසික්ස් මිස් උගන්න උගන්න ඉන්නකොට හතේ හරි අටේ හරි පොඩි ඇච්චෙක් ඇවිත් මිස්.......ගාන්න ගත්ත පාරට මිසුත් උඩ ගියා..
"මොකද ලමයෝ..."
"ආආ...මේ වොනාල් අයියලට ස්පෝට්‍ස් සර් රූම් එකට එන්න කිව්වා.."
ඇච්චා එහෙම කියොන කොට මිස්ගේ ඇස් ඒ විදිහට ම ආවේ මගේ පිටිපස්සෙන් හිටපු සෙට් එකට
"යන්නවලා ඉතින්..තමුන්ලා ගෙදර ඉන්න බැරි කමටනේ මේ ස්කොලෙ පන්තියේ ඉන්නේ..ඔය දැන් ඉතුරු තුන්දෙනාත් නැගිට්ටේ යන්න වෙන්නැති.."
ගෝඨායිම්භර එක්කම නැගිටපු අනිත් ගොබිලයෝ තුන්දෙනා මිස්ට මහා බලු හිනාවක් දැම්මා..
"වොනාල් අයියලටනේ කිව්වම අපි තුන්දෙත් අයිතිනේ මිස්..යන්නම් එහෙනම්.."
මුන්ට පන්තියේ එලියට යන්න තියෙනවනේ බල්ලෙක් මැරිලා කියලා ආරංචියක් ආවත් ඇති..
ආහ්..
අනේ මට මේ ගෝඨායිම්භරයගේ අත කඩන්න ඕනේ
මේ ගස් බල්ලා මගේ ඔලුවට ගහන් ගියා අත තියන් යන්න බැරුව..
උන් ටික ගියාට පස්සේ මිස් ආපහු උන් ඉදියත් එකයි නැතත් එකයි කියලා උගන්නන්න ගත්තා..
මන් එහෙම්ම ම පාත් උනේ සෙතුවගේ කනට.."මෙහ්..වීරවංශ කිව්වේ ඇමතිගේ මොකෙක් හරිද ඌ..."
සෙතුවා මට දැම්මේ උබට මෝල්ද වගේ බැල්මක්
"ඒ ඇමතියා විතරද ඒ වාසගමෙන් ඉන්නේ බල්ලෝ.."
"හරි හරි ඉතින්.."
මිසුත් උගන්නලා යන්න ගියා..අරුන් හතරදෙනා පන්තියෙන් එලියට ගියා ගියාමයි ස්කොලෙ ඇරෙනකුනුත් උන්ගේ හෙවනැල්ලවත් නෑ පේන්න..
YOU ARE READING
<...My Consolation...>
Non-Fiction"දන්නවද යෙනු..උබ ඇවිත් මගේ හදවතේ සොහොනේ තනි රකින්න පිපුණ අරලිය මලක්..යෙනු උබ එක වෙලාවකට සුදුම සුදු අරලිය මලක් වගේ..තවත් වෙලාවකට පින් පාට කහා අරලිය මලක් වගේ...තවත් වෙලාවකට රතු අරලිය මලක් වගේ බන්..හැමදාම මගේ සොහොනේ අරලිය මල වෙලා හිටපන් යෙනු.." හේෂ්,යෙ...