09.

73 18 31
                                    

"ත්-තීර් අයියා?"

"ම්ම්ම්...තීර් අයිය තමයි"

"..."

"කෝ තිනූ?"

"එයා ගියා බිස්කට් පුඩිං එකක් අරන් එන්න"

"මොකක්?"

"ඔව් අනේ කැන්ටිමට ගියා "

"හ්ම්ම්.."

මගෙ කොන්ඩෙත් අවුස්සලා මට එහා පැත්තෙන් ගල් බංකුවේ වාඩි උන තීර් අයියත් එක්ක චූටි කතාවක් දාගෙන හිටියෙ.ඒ වුනාට දැන් නම් ඉස්සර වගේ මේ මහසෝන් යස්සයා එක්ක කතා කරන්න මට වැඩිය නුහුරු ගතියක් දැනෙන්නේ නෑ.ඔන්න ඔන්න ඉතින් මේ මහසෝන් යස්සයා අයෙත් මං දිහා බලාගෙන ඉන්නවා ගිලින්න වගේ. බැරිවෙලාවත් තීර් අයියා ළමා දූසකයෙක්නම් දෙයියනේ දෙයියනේ තිනූ තෞසෙ මාව තනි කල්ල කොහෙද ගියේ.මෙහෙම බලන් ඉන්නකොට ලැජ්ජ හිතෙනෝනෙ අනේ.

"දැන් මොකද කරන්නෙ? ගෙදර යනවද?"

"හුම්...ඕ අද after school classes ත් නෑනෙ."

"ම්ම්ම් අද කැම්පස් එක බලන්න දෙනව"

"ආනෙඑඑ දෙනවද අනේඒඑඑඑ සෝක්‌නේ "

"ආශ් කෑ ගහන්නෙපා බං"

"අනේ අයියේ තිනූවයි මාවයි එක්කන් යන්නකෝ"

"තිනූ යනවා කිව්ව ශෙනන් එක්ක "

"හෑ? එයා එහෙම කිව්වද?"

"ම්ම්ම් "

"මට කිව්වේ නෑනෙ අනේ "

"ඌ යනවා කිව්වා බං "

අප්පෝ තිනූ තෞසෙ මට එහෙම කලා නේද එහෙනම්. මම කිව්වනෙ මෙතන මට නොතේරෙන මොකක් හරි හුට්ටප්පරයක් තියෙනවා කියල. මාව දාල යන්නද තෞසේ යන්නෙ එතෝට. එව්වා කොහෙද මාත් එක්ක. අපි එහෙම සැලෙනවද නෑනේ නෑනේ.

"අනේ අපිත් එයාල එක්ක යමුකෝ අයියේ"

"යන්න ඕනිද උඹට?"

"ඔව් අනේ මං හරි අසාවෙන් හිටියෙ ඒක බලන්න යන්න."

"විල්සන් අන්කල් එයි නේද ඉස්කෝලේ ඇරෙන ටයිම් එකට එක්කන් යන්න"

"තාම 1.25නෙ වෙලාව. අනේ මං කෝල් එකක් දීලා කියන්නම්."

"හ්ම්ම් එහෙනම් කියපන්"

BROKEN WINGSWhere stories live. Discover now