10.

76 16 67
                                    

"මමද? මෙහෙමයි හරිද කලින් නම් මට එහෙම බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. හැබැයි අද හිතුන ඒලෙවල් ගොඩ දාගෙන පේරාදෙණියෙ එන්න ඔනි කියලා."

"ම්ම්ම් ඒක හොදයි"

"මෙහෙ හරි ලස්සනයි නේද අයියේ. නිකම් සිහින පාරාදීසෙක ඉන්නව වගේ"

"පේරාදෙණිය කියන්නෙම ප්‍රේමයක් බං"

"Agreed! ඔයාටනම් ෂෝයි ඉතින් නේ"

"නෑ. ප්‍රේමනීය පාරාදීසය අසම්පුර්ණයි වසන්තය අරගෙන එන පුංචි කුමාරයා නැතුව "

"...."

"..."

"අනේ..."

"මොකද බං"

"ලැජ්ජයිනෙ"

"මං දැන් උඹටද කිව්වේ?"

"ආ මං නෙවේද?"

"මං දන් නෑ "

"ම්හු මං යනව අනේ "

"කොහෙද යන්නෙ මෙන්න මෙහෙ හිටපන් බං "

"..."

"ඔව් ඔව් බං උඹ තමා ඉතින්. මෙච්චර කල් මං උඹ දිහා හැර වෙන කෙනෙක් දිහා බලන් හිටියද?"

"නෑ. නෑ නේද?"

"නෑ බං නෑ."

"ඉතින් ඇයි ඔයා මට ඒක කියන් නැත්තෙ"

"වචනෙන් නොකිව්වට උඹ ඒක දන්නවා, උඹ දන්නව අයිතිය මගෙ කියලා."

"ඒ වුණාට ඉතිම්"

"ඉතින් මොකක්ද ම්ම්ම් ඔයාට දැන් මං ඒක කියන්න ඕනිද?"

"ම්හු ඔව්නෙ"

"ම්ම්ම් මෙතන හරි ලස්සනයි බං. මගෙ හිත පිරිලා උතුරලා යන්න තරම් හැගීම් මහ ගොඩක් පිරිල තියෙනවා."

"හුම්ම් "

"යමුද?"

"යන්න හිතෙන් නෑ අනේ."

"ම්ම්ම් මටත්... ඒ වුනාට දැන් යමු මට ශෙනන් මැසේජ් එකක් දාල උන් එළියෙ කියලා."

හිච් ගහේ ඉදගෙන තීර් අයියයි මායි පැයක් විතර හිටියා. කතා කරනවට වඩා අපි කරේ ඔහේ බලන් ඉදපු එක. එහෙන් මෙහෙන් ටිකක් කතා කලා. කොහෙද ඉතිම් මේ මනුස්සයා අධ ගොළු බීරිනෙ. මේ ගෙවුන පැය මට විනාඩි කීපයක් වගේ දැනුනෙ. එයත් එක්ක ඉන්න හැම වෙලාවේම, වෙලාව හරි ඉක්මනට යනවා.කොහොම හරි තිනුයි ශෙනන් අයියයි අපි යනකොට කාර් එකේ හිටියා. ඊට පස්සෙ එයාල මාවත් ගෙදරින් දාල ගියා.










BROKEN WINGSWhere stories live. Discover now