මේ සුදු නෙලුම් කීයද....?
හීනි ඒත් ගැඹුරු කටහඬක් ඇහෙනකොට මම මල් වලින් ඔලුව උස්සල කඩෙන් එලිය බලනකොට එතන හිටගෙන හිටියා හරි වැදගත් පෙනුමක් තියෙන තරුණ මනුස්සයෙක්.
කලු කලිසම, කලු බෙල්ට් එක, අත් නවපු සුදු කමිසෙ...
මට වඩා උස එයාගෙ මූණ බලන්න මම ඔලුව උස්සන්න ඕන.
ඒත් ඒ මූණේ මට හුරු පුරුදු ගතියක් දැනෙනවා. ඒ ඇස්.... ඒ ඇස් නිල් පාටයි.
හරියට....
මම ඊයෙ දැක්ක ඇස් වගේ..හරියටම ඒ වගේ...
එතකොට මේ මහත්තයද ඊයෙ මාව ගිලෙන්න නොදී බේර ගත්තේමේ... ඔයාට ඇහෙනවද...?
මේ සුදු නෙලුම් කීයද..?එයා එයාගෙ නහර පිරුණු ඇපල් ඔරලෝසුවක් ගැට ගහපු අත මයෙ ඉස්සරහින් වනන ගමන් ආයෙමත් අහනව.
මමත් නිකම් දැහැනට සමවැදුනා වගේ ඒ මහත්තයගෙ නිල් පාට දිලිසෙන ඇස් දිහා බලාගෙන හිටිය කියල මට තේරුම් ගියෙ එතකොට.
මොන වස විලි ලැජ්ජාවක් ද, කොල්ලෙක් වෙලත් තව කොල්ලෙක් දිහා ඇස් ලොකු කරගෙන කටත් ඇරගෙන බලන් ඉන්න එක..මල් පහක් සීයයි මහත්තයා...
හරි එහෙනම්..
මේ මල් ඔක්කොට ම ගාන කීයද...?ම්... මොකක්ද...?
එක්කො මගෙ කන් ඇහෙනව හරි නෑ. එහෙමත් නැත්තම් ඒ මහත්තය ඇහුවෙ මම මෙච්චර වෙලා හිත හිතා හිටි ප්රශ්නේට උත්තරේ නෙවෙයි. මම හිත හිතා හිටියේ මේ මල් වලින් ටිකක් හරි ඉක්මනට විකුණගෙන උණ ගැනෙන්න කලියෙන් ගෙදර යා ගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා.
කවුද මහත්තයා ඔයා... දෙයියෙක්ද ඈ...?මට මොකක් හරි ප්රශ්නයක් තියෙන වෙලාවක ඔය මහත්තය ඇවිත් මොකක් හරි විදිහකින් මගේ ප්රශ්න විසඳන්න ඇයි උත්සාහ කරන්නේ...?
නෑ නෑ... හංසයො එහෙම හිතන්න බෑනෙ අපිට...
එක පාරටම කොහෙදො මන්දා ඉඳන් එනවා.. අරකද මේකද අහනවා...
මං මොනා කරන්නද මයෙ අම්මා..දාහක් විතර වෙයි මහත්තයො...
ගැනලා බලන්න ඕන...හරි...
කමක් නෑ... හැබැයි මට මේ සේරම මල් ඕන.. දෙන්න පුළුවන් නේද...?ඒ කටහඬ ආයෙත් මගෙන් අහනවා. මං සද්ද නැතිව ඔලුව උඩට පහලට කළා. ගැනලා කියන්න ඕන. එතකොට ගාන අහලා උඩ යන්නෙ නැතෑ...
YOU ARE READING
මුතූ A Jikook nonfic
Sachbücherවසත් අහසට මේඝ ගගනා, දිස්න ගෙන එන දේව දුනු හා, මල් පලස යට දිය අතර සිට කෝලයෙන් එබිකම් පාන්නා, අදිසි ආදරයේ මුදුන් මුල පාද්දා, රකිමි නුඹ ගෙල මුතු පලන්දා.. ආදරණීය මුතූට... සඳැස්ගෙන්.