001: we're

64 9 101
                                    

10 years ago>>>

පාන්දර 4.30යි! යන්තන් සාලේ දිහායින් ඇහෙන පිරිත් සද්දෙට ඇහුම්කන් දුන්න පුංචි හිමත් ඇස් දෙක අතින් පොඩි කරගෙන ඇදේ බිත්තිය අයිනට රෝල් වෙලා ගිහින් කම්මුල කොට්ටෙට තද කරගෙන ඇස් ඇරියා.

ලැම්ප් එකෙන් එන පුංචි එළියෙන් කාමරේ පෙවුනත් අඩවල් වෙලා තිබ්බ දොරෙන් ආපු එළියෙන් තව කාමරේ එළිය වෙලා තිබ්බා. හිමත් කෙදිරි ගාගෙන අත්දෙක ඇග අස්සට ගහගෙන ගුලි උනේ ෆෑන් එකෙන් එන හුලගයි ලග අම්මයි තාත්තයි දෙන්නම නැතුව දැනුන හිස්කම එක්ක.. අම්මා ගාව රස්නේ නැතුව එයාගේ නින්ද කැඩුනා..

'මම්මී...'

හිමත් නිදිමත කටහඩින් හෙමින් මිමිනුවත් කුස්සිය දිහා ඉන්න අම්මට ඒක ඇහුනේ නෑ.. වෙන්දටත් කලින් අම්මා ඇහැරුනේ ඇයි කියා හිමත් බැලුවා..

එයාගේ ඇග වටේ තිබ්බ බ්ලැන්කට් එක අයින් කරපු හිමත් ඇද ලගම තිබ්බ එයාගේ ස්ලිපර්ස් දෙක දාගෙන ඔලුවත් කස කස ලොකු ඈනුමක් ඇරලා අඩවල් කරපු දොර ඇරගෙන එලියට ආවා..

එළියට ආවම එකපාරට ඇස් වලට වැදුන ලොකු එළියට ඇහැ හුරු නැති නිසා ඇස් දෙක චූටි අත්වලින් වහගෙන හිමත් හැප්පි හැප්පි සාලෙට ආවම ඩයිනින් ටේබල් එකේ හිටපු හිමත්ගේ තාත්තා පුංචි අඩි සද්දේ ආපු දිහා බලලා හිනා උනා.. නමින් එයා රෙෂාන් ඩයස්.. වෘතියෙන් මහාපරිමාන ඉකෝන් ටියුෂන් ගුරෙක් උන එයාට වගේම එයාගේ වයිෆ් රාධිකාට හිටපු එකම වස්තුව හිමත්..

'මොකෝ මේ ඉලන්දාරියා පාන්දර ඇහැරන් ම්ම්? දැන්ම හතු පිපෙන්න අරගෙනද?'

රෙෂාන් පුංචි හිමත්ගෙන් ඇහුවම හිමත් නිදිමතේම ඇවිත් රෙෂාන්ගේ අතේ මූන ගහගෙන කෙදිරිගාලා ඇස් පියාගත්තා..

'මොනාද රෙෂාන් ඔය අහන්නේ?'

කෝපි එක ගෙනල්ලා රෙෂාන්ට දෙන ගමන් රාධිකා ඇහුවම රෙෂාන් මග් එක පැත්තකින් තියලා හිමත්ව උස්සලා අරගෙන මේසේ උඩින් ඉන්දුවා.. රාධිකාගේ අතේ වතුර ටිකක් තිබ්බ නිසා එයා එයාගේ අතක් හිමත්ගේ කම්මුලක තිබ්බම හිමත් උරහිස අකුලන් හයියෙන් හිනාවුනා දැනුන සීතල එක්ක..

𝗕𝗔𝗡𝗔𝗡𝗔 𝗕𝗨𝗡𝗖𝗛 | yz nk jh Where stories live. Discover now