01

20 2 0
                                    

"අඩෝ පවනා ඔහෙ හිටු!"

සහින් ඒ කෑ ගැහුවෙ පවන් ට!
අද කැන්ටිමෙ දාන සෝශල් පාටි කටවුට් එක අඳිනවා
එතනට පවන් නැත්තං වැඩකුත් නෑ

මොකද කියනවා නං
පවන් කියන්නේ චිත්‍ර අඳින්න දක්ෂ කොල්ලෙක් නිසා
මිණිරු නිසා අහම්බෙන් පවන් ගෙ ස්කෙච් බුක් එක අනිත් අය නොදකින්න පවන් කරන්නේ ලෝකෙට හොරා විතරක් චිත්‍ර අඳින එක.

"මිණිරුවා උඹත් යමං!"

එපාර සහින් මිණිරුවත් ඇදගෙන යන්න තතනනවා.
ඒත් මිණිරුට එහෙ යන්න නිකං බැහැ බැහැ වගේ!
ඇත්තටම ඊට වඩා වැදගත් වැඩක් තියෙනවා මිණිරු ට කරන්න

"බෑ බං!
පොඩි වැඩක් තියෙ කරන්න
කැන්ටිමෙ ⁣ඝෝෂාව එක්ක ඒක කරන්න අමාරුයි….!"

මිණිරු ඒ පිට එහෙම කීවෙත් නොයා ඉන්න පොටක් හොයාගන්න ඕනවට.
ඇත්තම කතාව නං මිණිරු කරන වැඩේට නිමිත්ත වෙච්චි එයාව මිණිරු ගෙ ඇස් මානෙ තියං ඒක කරන්න බැරි කමක් තමා මිණිරු ට තිබුණේ

"ඒක අමාරුයි මිසක් කරන්න බෑ නෙමෙයි නෙ බං

කොල්ලො ඔක්කොම යනවා!”

සහීන් නම් මිණිරු ව හොස්ටල් එකෙ දාලා යන අදහසක් නැති ගාණයි.

“උඹ විතරක් මෙතන ඉතිරි වෙලා ඉඳල ඒක සින්නෙක් දැක්කොත් සෝශල් එක නතර කරල අපට ආයෙම බැජ් ෆිට් එක ගැන උංගෙ බණ දේසනාව අහන්න වෙයි බං

ඒ නිසා යමං
උඹ හොඳ එකා නෙ!"

ඇත්ත.සහින් කියපු කතාව ත් වැරදි නෑ.
මෙඩිකල් ෆැකල්ටිය වුණා ට මොකද සමහර වෙලාවට සීනියර්ස්ල ජූනියර් ලව විතරක් නෙමෙයි ලෙක්චරර්ස්ල ව පවා නටවනවා

හැබැයි ඉතිං රැග් නං නෑ
සීනියර්ස්ල කරේ ලන්ච් ටයිම් වලට මේස වලට වාඩි වෙලා ජුනියර්ලව ටිකක් වාත කරපු එක විතරයි
කීවෙම රැග් එක ලෙක්චරර්ස්ල  ම දෙයි කියල

කීවත් වගෙ ඇකඩමික් පටං ගත්තම ලෙක්චරර්ස් ල ගාණෙම මිණිරු ලගෙ බැජ් එක රැග් වෙන්න ගත්ත
ටියුට් කියයි
ස්මෝල් ගෘප් ඩිස්කෂන් කියයි
ඇසයින්මන්ට් කියයි
අරක කියයි
මේක කියයි

දවසෙ පැය විසි හතරයි සතියෙ දවස් හතයි මදි අන්තිමට
ඔය ඔක්කොම එක්ක මේ වගෙ ඉවෙන්ට් එකකුත් සෙට් වුණාම මරේ මරු

තුහින වර්ෂණ (OnHold)Where stories live. Discover now