මව පියා විසින් නොසලකා හරිනා ලද නව යෞවනයෙක්...
ඔහුට හමුවන අපූරු මිතුරෙක්...
කඳුකරයෙහි නිවාඩුවක්...
කඳුකර වංකගිරියක සදහටම වැළලෙතැයි සිතූ අභිරහසක්...ඔවැනි උධෘත පාඨ මේ කතාවට එක් කළ හැකි ය. එහෙත් ' මිහිදුම් කොදෙව්ව ' නවකතාවක් දැයි මා තවමත් දන්නේ නැත. ඇතැම්විට එය යොවුන් නවකතාවක් නවකතාවක් බවට පරිවර්තනය වෙමින් යන්නා වූ අතරමගක දී බිහිවූවක් වන්නට ඇතැයි එකල මම සිතුවෙමි. එමෙන් ම ලිවීමෙන් වසර 18 කට පමණ පසුව එය නොවෙලාවක් බැව් සිතන්නට හැකි තරමට සාධක දක්නට ලැබිණ.
කොහොමත් අප විසින් ගොඩනගා ලියාපදිංචි කරමින් ව්‍යාපාරික කටයුතු ඇරඹූ The Novella Zone Publications ආයතනයට දැන් ' මිහිදුම් කොදෙව්ව ' ද අයත් ය. එහෙයින් එය නොවෙලාවකි යි කියමු.
සැබෑ ය. මිහිදුම් කොදෙව්ව ලියූවේ 2002 - 2003 වසර දෙක අතර දී ය. එවකට එය අත් පිටපතක් වශයෙන් 100කට අධික සංඛ්‍යාවක් විසින් කියවන්නට යෙදුණි.
ඒ මගේ අ.පො.ස උසස්පෙළ මුල් අවධිය යි. ඊට අදාල කේවල ව්‍යාපෘතිය සඳහා මා තෝරා ගත්තේ ග්රන්ථකරණය යි. ඒ සඳහා මගේ ප්‍රථම ගද්‍ය නිර්මාණය ( නොවෙලාව ) යොදා ගත්තෙමි. 2004 - 2006 උසස්පෙළ අවධියෙහි දී මිහිදුම් කොදෙව්ව වටා රසික පිරිසක් එක් වූයේ එලෙස ය. තවද ප්රකාශනය පිණිස ග්රන්ථයක් සකස් කරන්නේ කෙසේ දැයි යන්න පිළිබඳ මනා පෙරහුරුවක් ද එයින් මට ලැබිණ. පසුකාලීනව මගේ වෘත්තීයට එය බෙහෙවින් බලපෑවේ ය.
එය අමුතු කාතාවක් යැයි මට හැඟෙයි. ඒ මගේ සිතුවිල්ල ය. එහෙයින් ඊට වෙනත් හැඳින්වීමක් කිසිවෙකු විසින් හෝ දෙන්නේ නම් එම නිදහස් අදහස්වලට ගරු කරමු.
කෙසේ වූව ද බිහි වීමෙන් වසර 22 කට පසුව මිහිදුම් කොදෙව්ව සයිබරයෙහි ' වට්පෑඩ් ' වෙත එක් වෙයි. එම පොදු අවකාශයට පිවිස රසවිඳන්දනය කරන්නට ඔබට ආරාධනා කරමි.
එන්න.. එම කොදෙව්වෙහි තිමිරය අතර, අතරමං නොකර අවබෝධය වෙත ඔබ ගෙන යන්නට එකල්හිත් මට හැකි වී දැයි විමසා බලන්න.
කතා ඇල්බමය සඳහා පළමු කමෙන්ටුවෙහි ඇති link එක භාවිතා කරන්න.
📝📝📝 දේවිකා මධුවන්ති ගෝවින්නගේ