ඊයේ තරු වහන් කරපු, හඳ වහන් කරපු
වැහි වලාකුළු අද කොහෙටදෝ තල්ලු වෙලා ගිහින්..
ලස්සනට පායපු ඉර නිල්ම නිල් අහසේ අරක්ගෙන ඉද්දි,
ඒ වටේ ආරක්ෂකයෝ වුනේ පුලුන් බෝල වගේ සුදු වලාකුළු කුට්ටි..ඊයේ දවසෙම පෙනුනේ තද කොල වටපිටාවක් වුනාට,
අද මුළු වට පිටාවම කොලපාටේ එක එක වර්ණ පරාසයකින් පෙනුනේ..
තැනින් තැන තවමත් දුම් වලාවක් වගේ මීදුම තිබ්බත්,
සීතල ගතිය ටිකාක් අඩු වෙලා තිබ්බා..හෝටල් කාමරේ උණු වතුර කරාමයක් තියෙන නිසා මම ඇඟ සෝදන් දිග කලිසමකට සුදු කමිසයක් ඇන්දා..
නැතුවම බැරි උණුසුම් කෝපි කෝප්පේ
අදත් මගේ තොල් අතරේ රැඳුනා..ටක්!! ටක්!! ටක්!!
හෝටල් කාමරේ දොරට තඩිබාපු සද්දෙට දොර අරිද්දි හිටියේ ගෑනු කෙනෙක්..
" මහත්තයා.. ලොකු මහත්තයාගෙන් පණිවිඩයක්.. "
මගේ අතට ලියුම් කඩදාසියක් දීලා ඒ ගෑනු කෙනා යන්න ගියා..
මම කෝපි කෝප්පේ මඩිය ඉතුරු වෙන්න බීලා කෝප්පේ මේසේ උඩින් තියලා ලියුම් කඩදාසිය අතට ගත්තා.." අදීරට,
මෙහෙ ආව බව ආරංචි වුනා.. නරකද ආවොත් මේ පැත්තට?
ගෙයක් තියෙද්දි හෝටල් වල ඉන්නේ මොකටද බන්?
තාත්තා අද ෆැක්ටරියේ.. අම්මයි මායි ඉන්නේ ගෙදර.. නිසා වරෙන් අදවත්..ඊටත් මට උඹට දෙයක් කියන්ඩ තියෙනවා..
පුලුවන්නම් ගෙදර එන්න!
අයියා,
සුදීර "අයියා ලියුම් කඩදහියක් එව්වත් මට ඕනි වුනේ නෑ ගෙදර යන්න..
මට ඕනි වුනේ නෑ මගේ මොලේ කුරුවල් කරගන්න ආයෙමත් ගෙදර ගිහින්..මට යාළුවෝ නැති වුනත්, ආදරයක් නැති වුනත් මට පවුලක් තියෙනවා..
තිබුණත් වැඩක් නැති!මේ මගේ උපන් ගම වුනත් මම ඇටයා කාලේ ඉදන්ම හැදුනේ කොලඹ ලොකු අම්මා ලඟ..
හේතුව මගේ අම්මාගේ බඩින් මාව වැදුවත් තාත්තට මන් ඒකාගේ ධාතුවෙන් ආපු එකෙක් කියලා විශ්වාස නැතිකම!තාත්තා අම්මාට ඒකලා එක්ක දිගටම පවුල් කන්න ඕනිනම් මාව අතෑරපන් කීව තැන අම්මා මාව එයාගේ අක්කාට දීලා.. අදටත් අම්මා තාත්තා එක්ක පවුල් කනවා හැබැයි මාව අතෑරලා..