Rasadara pov:
"අප්පත්ති...අප්පත්ති නනවද..."
දොරකඩ හරහට එල්ලලා තිබුනු ලී පටි හන්දා හොඳට ගියාවෙ...නැත්තං මේකි දුවගෙන ඇවිදින් නතර වෙන්නෙ රේල් පීල්ලෙ...කොච්චරවත් මං වැඩට යන වෙලාවට ළමයව ඩිංගක් පේන මානෙන් අහකට අරං පලයං කීවට අපේ එකි කනකට ගන්නෙම නෑනේ...හැමදාම මේ පොඩි එකීව බොරු කිය කිය රවට්ටලා වැඩට ගියාට මයෙ හිතටත් හරි නෑ...එතනින් එහාට්ට කරන දෙයක් වත් යාදෙන්නෙ නෑ...
"අප්පත්ති දුවට ලොකුම ලොකු බෝනික්කෙක් අරගෙන විගහට එන්නංකො..."
මයෙ හිත නරක් උනාට මයෙ පොඩි එකීගෙ හිත නරක් වෙන්න දෙන්න බෑනේ...ඉතිං ඔන්න ඔහේ යාන්තමට සැනසෙන්න අදත් කෙල්ල වෙනුවෙන් සුපුරුදු මුසාවාදේම අත ඇරියා...
"අප්පත්ති විගගට එනවා?..."
අප්පත්ති විගහට එන්නෙ නැති බව දැන දැනම උඹත් හිත සනසවගන්න හැමදාම එකම ප්‍රශ්නෙ අහනවනෙ මයෙ දුවේ...එන්න බැරි බව දැන දැනම මාත් ඒකිගෙ හිත හදන්න හැමදාම එකම උත්තරේ දෙනවා...
"ඔව් පුතේ ඔව්...
මයෙ සුදු කෙල්ලගෙ අප්පත්ති විගහට එනවා..."ඒකිගෙ ඇස් දෙකේ යාන්තමට පීදෙන කඳුළු කැට...බෝනික්කෙක් ගේනවා කීව සතුටටද, මං යන දුකටද කියන්න මට අදටත් තේරෙන්නෙ නෑ...
සමහරවිට පොඩි එකීටත් තේරෙනවා ඇති...අප්පත්ති බොරු කියන්නෙ තියෙන අසරණකමටයි කියලා..."කෝ දැන් මයෙ හොඳ දුව අම්මි ගාවට නනවා නේද..."
ඇහුව හැටියෙ කෙල්ල වයින් කරපු බෝනික්කෙක් වගේ ඔළුව වනලා කාමරේ ඇතුළට රිංගුවයින් මාත් විගහට පේන මානෙන් පැන ගත්තා...නැත්තං ඊගාව වතාවෙ කෙල්ලා ගේ ඇතුළට දුවන්නෙ අඬාගෙන...
ගිනි කාෂ්ටකේ උගුර ලේ රහා වෙනකන් බෙරිහන් දීලාම කටහඬත් එක්ක අතුරුදහන් වෙලා ගිහින් වගේ...මුන්දැලාව ස්කෝලෙන්, බස් ස්ටෑන්ඩ් එකට බැස්සුවයින් පස්සෙ නම් යාන්තමට ඩිංගක් හාන්සි වෙලා ඉන්න ඇහැකි...ඉතිං මේ තත්පරෙත් ඔහොන්ම ඉවසනවා කියලා හිතාන...
YOU ARE READING
ආදරණීය ලං.ග.ම
Non-Fictionමේ ටිකට් කඩදහියට ගමනාන්තයක් නොවිච්චි... ආරම්භය : 01 : 10 : 2024 අවසානය :