2

43 11 14
                                    

- පීක්ක්ක්ක්... -

යකෝ! මයෙ පොඩි එකීගෙ බිත්තරේ...

මුන්ට හෙණ වදිනවනෙ දෙයියනෙ...
වරු තුනකට සෑහෙන්න ගත්ත හාල් මල්ල එක වරුවකට වත් කන්න දුන්නෙ නැති හැටියක්...

වැලි පාරේ හතර දිසාවටම විසිරිලා තිබුනු හාල් මල්ල දිහා බලාන රසාදර හූල්ලන්න ගත්තා...

අප්පත්ති මාව්...අප්පත්ති මාව් නැ...
අප්පත්ති මාව් දෙ...කිය කිය අරහෙ පොඩි එකී බත් ඇටයක් කටට නොගෙන එකම යුද්ධයක්...කෙල්ලව හාමතේ තියලා බලාන ඉන්න මේ අප්පච්චිට ඇහැක් වේද...ඒ පාරයි කොල්ලා කැටේට එක්කහු කරලා තිබුනු කාසි පනං ටිකත් සාක්කුවට ඔබාන දොට්ට බැස්සෙ...

ඒ එන ඩිංගට පත දඬු මොණරයක් ඇවිදින් රසාදර ගාවින් කපාගෙන ඉස්සරහට ඇද්දුවෙ ගැස්සිච්ච පාරට උගේ අතේ තිබුනු බඩු මල්ල කාස්ටක පොළොව උඩ සී සී කඩ විසිරෙද්දි...

නැවතිල්ලක් නැතුව රෝල් උනු තක්කාලි ගෙඩි වාහන රෝද වලට චුරුපට්ටම් වෙලා යද්දිත් රසාදරට පුළුවන් උනේ බලාන ඉන්න එක විතරයි...

මනුස්සයෙක් මැරෙන්න වැටිලා උන්නත් කැමරාව උස්සන්න බලාන ඉන්න රටක්නෙ මේක...එහෙව් එකේ එළවළු මල්ලක් සී සී කඩ විසිරුණාට...රසාදරට වේල් තුනක් උනාට...මේ වගේ උන්දලාට ඒක නිකංම සොපිං උරයක් වෙච්ච කොට තර්ක විතර්ක වල ඵලක් තියෙනවද...
මනුස්සකම තුට්ටු දෙකට වැටිච්චි!

කාණුවට නොවැටී යාන්තමට බේරිලා තිබුනු ළූණූ, මිරිස් කරල් ටිකේ වැලි දූවිලි ටික පිහපු රසාදර ඇස් කන් නැති මනුස්සයෙක් ගානට ඒවා කලිසම් සාක්කුවට ඔබාගත්තා...

'අම්මෙ අන්න අර මනුස්සයා වැලි ගොඩේ වැටිලා තිබුනු එළවළු ටික සාක්කුවට දාගත්තා...'

'තුක් විතරක්...දැන් කාලේ ඉන්න මිනිස්සු නම් තිරිසන්නුන්ටත් අන්තයි...'

'දෙයියනෙ මුන් ඔය ජරාව කොහොම කනවද මන්දා...හැදෙන ලෙඩ හොයාගන්නත් බැරි වෙයි...'

වට පිටාවෙ ඇස් කන් මා දිහාවට වැටිලා තිබුනට මට පෙනුනෙ නෑ...වටපිටාවෙ කටවල් මං වෙනුවෙන් ඇරුනට මට, ඒ දේවල් ඇහුනෙත් නෑ...

රසාදර අසාධාරණද...රසාදර අසරණද...
ඒ එකෙකුට වත් මේ මනුස්සයට වැලි ගොඩක වැටිලා තිබුනු එළවළු ටික වැලි පිහලා සාක්කුවට ඔබාගන්න තරම් තියෙන අහේනිය මොකක්ද කියලා හොයන්න උවමනාවක් තිබුනෙ නෑ...
උන්ට උගෙ පොඩි එකීගෙ බඩගින්න පෙනුනෙ නෑ...
උන්ගෙ අසරණකම පෙනුනෙ නෑ...

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

ආදරණීය ලං.ග.මWhere stories live. Discover now