(කොටස් කිහිපයක කෙටි කතාවකි)
මියුරු සිහින......(1)......🌷🌷🌷🌷
"ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදකලාව සුසුම් හෙලන හදවත සනසා
අතීතයේ ගිලිහී ගිය
සතුට රැගෙන යලි වඩින්න
ආරාධනා ...... ආරාධනා ..... "ස්ටේජ් එකේ හරි ලස්සනට නියම ශ්‍රැතියට ඒ මහ ගාන්ධර්වයාගෙ මුල් ගායනයට කිසිදු හානියක් නොවන පරිදී ඇහෙන මියුරු ගී රාවෙට සිහිනගෙ දෙසවන් යොමු වුනේ නොහිතන විදිහට....
අවසානය වෙනකල්ම සින්දුවට සවන් යොමු කල සිහින එහෙමම තම සඟයො ටික හොයාගෙන ඕඩියන්ස් එක දිහාට පිය මැන්නා...
"සප්ත ස්වර 2018"මේ කොළඹ කැම්පස් එකේ සෞන්දර්ය ඒකකයේ වාර්ශිකව පවත්වන තවත් එක් ප්‍රසංගයක්...සිහින යාළුවෝ එක්ක කැම්පස් එකේ ආරාධනාවෙන් මේ ඇවිත් ඉන්නේ ඒ ප්‍රසංග බලන්න...
සිහින ශාක්‍ය බණ්ඩාර...අවුරුදු 27ක තරුණයෙක්...එහෙම නැත්නම් සුවහසක් ජනතාවගේ ආදරයට පාත්‍ර වූ නව යොවුන් වියේ අසම සම කටහඬකට හිමිකම් කියන ගායකයෙක්,සංගීත අධ්‍යක්ෂකවරයෙක්,කොළඹ සෞන්දර්ය කැම්පස් එකේ සංගීතය පිළිබඳ උපාධිධාරීයෙක්,ඉන්දියානු භාරතීය සංගීතය පිළිබඳ උපාධිධාරීයෙක්,ව්‍යාපාරිකයෙක් මෙකි නොකි හැම අංශයක් පිළිබඳව දැනුම ඇති තරුණ කොල්ලෙක් කිව්වොත් නිවැරදී...
සිහින යද්දී යාළුවො සෙට් එකම සිහින එනකල් බලන් ඉන්නවා...ඇත්තටම සිහිනට හරි හමන් සිහියක් දැන් නෑ වගේ...ඒ අර සින්දුව සවන් වැකෙන කොට ඒ තරමට පියවි ලෝකෙන් සෑහෙන දුරක් හිතෙන් සිහින ගිහින් ඉවරයි...
"ආහ්හ්හ්....ගායකයා තෝ දැන්ද එන්නෙ බොල...අපි කීයෙ ඉදල බලන් ඉන්නවද උබ එනකල්..අනේ යකෝ එක්කෝ කෝල්ස් වලට අන්ස්වර් කරපන් හිපාටුවා...ගස් ගෙම්බා...බෝදිලිමා..."
සිහිනගෙ යාළුවෙක් වුන දේවින්දගෙ නම් නොහොඳ නෝක්කාඩු එමටයි...අනිත් උන් ටිකත් මහ පල් එකට හිනා වෙනවා...මොකද කවදාවත් සිහින වෙලාවට වැඩ කරන කෙනෙක් නෙවෙයි.ඒක ඉතින් සිහිනගෙම දුර්වලතාවයක්...
"හරි යකෝ....පොඩ්ඩක් ලේට් තමා...අද ප්‍රැක්ටිස් වලට ගියා...ස්ටූඩියෝ එකට ගියා,මහ පාන්දර ශෝ එකකට ගිහින් ගෙදර එද්දී 3ත් පහු වෙලා...පොඩ්ඩක් හිතපන්කෝ මෙහෙම හරි ආව එක ගැන.. උබලා අද දවසට නිකමටවත් ගිහින් නෑනේ ස්ටූඩියෝ එකට..බලහන් ඉන්න එවුන් වැඩ ඔක්කොම අල කරලා...."