❤️ මියුරු සිහින ❤️

7 0 0
                                    

(කොටස් කිහිපයක කෙටිකතාවකී)

මියුරු සිහින ......(2)......🌷🌷🌷🌷

ප්‍රොෆෙසර් ජයසිංහ එක්ක කතා කර කර හිනා වෙවී මියුරුත් නෙසුකිත් එක පාරම බැලුවෙ කොල්ලෝ ටික ඉන්න දිහා...කොල්ලෝ ටිකව කෙල්ලො දෙන්නට දැක්ක වෙලාවෙම අදුර ගන්න බැරි වුනේ ඒ වෙද්දිත් හෝල් එකේ තිබුනෙ අඬ අඳුරක ආලෝකයක් විතරයි...

ඒත් ඊට මිනිත්තු ගානකට පස්සේ කෙල්ලෝ දෙන්නට මේ කොල්ලො සෙට් එක ගානට අඳුර ගන්න පුළුවන් වුනා..නෙසුකිගෙත් මියුරුගෙත් ඇස් ටීක් බෝල සයිස්...

"සෙවන් වෝකල්ස්ලා ...."

නෙසුකි මියුරුගෙ අතක් තදින් අල්ලගෙන හිමීට මුමුණනවා...

ඊට පස්සෙ වුනේ හිතා ගන්න බැරි දෙයක්...කොල්ලෝ සෙට් එක එක්කම සිහින කෙල්ලෝ දෙන්න ඉස්සරහට ආවා...මේ වෙලාවේ නෙසුකිවත් මියුරුවත් අඩි ගානක් පස්සට විසි වුනා වගෙයි...කවදාවත් මේ බෑන්ඩ් කොල්ලෝ ටිකව මේ තරම් ළඟට කෙල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්වත් දැකලා නෑ...ආව ගමන් කලේ ප්‍රොෆෙසර් එක්ක කතා කරපු එක...ඒ අතරෙ කෙල්ලො දෙන්න ප්‍රොෆෙසර් යනවත් එක්කම හිමීට මාරු වෙන්න හැදුවේ...කොහේ මාරු වෙන්නද එක පාරටම සිහින මියුරුගෙ නම කියලා නෙසුකිට කතා කලා...

"එක්ස්ක්‍යුස්මී මිස් මියුරු සංකල්පනා ...." නව් අයි වොන්ටු ටොක් ටු යූ...."

සිහින එහෙම කියනවත් එක්කම යන්න ගිය කෙල්ලො දෙන්නම එහෙමම නැවතිලා සිහිනලා ඉන්න දිහාට හැරුනා...

"දන්නවා ඇතිනේ අපි කවුද කියලා...."

සිහින කතා කරන්න ගත්තේ කොල්ලෝ ටිකවත් අතින් පෙන්නලා...කෙල්ලෝ දෙන්න නම් තරඟෙට ඔලුව වනනවා...

"මොකෝ...කතා කරන්න බැරිද මියුරුට....නම වගේම ඔයාගෙ සිගින් පර්ෆෙක්ට්....සින්දුවේ හයි පිචින්,ලෝ පිචින් , ඒ වගෙම මූව්මන්ට් එකේදි ඔයාගෙ ඇක්ෂන්ස් කියන්න වචන නෑ නංගි...අමරදේව සර්ගේ ඒ සුවිසල් ගායනයට මෙහෙමයි කියන්න කිසිම අසාධාරණයක් ඔයා කලේ නෑ...ගුඩ් ලක් මියුරු...අයි විශ් යූ ඕල් ද බෙස්ට් ෆ්‍රොම් ඕල් ඔෆ් මයි හාර්ට්..."

එහෙම කියන ගමන් සිහින අතට අත දෙන්න අත දික් කලේ නෙසුකිට...කෙල්ලො දෙන්න එලව ගිහින් මෙලව ආවා වගේ...ඇයි දෙයියනේ මෙච්චර වර්ණනා කරලත් ඒ සින්දුව කිව්ව ඒ කට හඬේ නියම අයිතීකාරිට නෙවෙයිනෙ සිහින මේ අත දික් කරන් ඉන්නෙ...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 02, 2024 ⏰

Add this story to your Library to get notified about new parts!

❤️ මියුරු සිහින ❤️Where stories live. Discover now