අවාරෙක පිපුණ කුසුමක් ගැන
❝ අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන ආදරෙයි උතුරන්න
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න ❞Song By : Gangadara
මේ සින්දුව අහන වාරයක් ගානෙ මට මේ කතාව ලියන්නම හිතුනා.. හරියටම බැලුවොත් ඒ සින්දුවට මේ කතාව අමුනන්න මට ආස හිතුණා.. ඉතින් සින්දුවේ අයිතිය මුල් හිමිකරු සතුයි..
ඉතින් මේ තමයි ඒ ලස්සන කතාවේ ආරම්භය !
අමුතු අමුතු කතා ළඟ මේ කතාව කොහොම කොයිවගේ වේවිද කියන එක මට තාමත් සැකයි !?
ෆලෝවර්ස්ලා කවුරුත්ම නැති මේ ගිණුමෙන් මම මේ කතාව ලියන්නෙත් අන්න ඒ නිසයි..ඉතින් කතාව ඉවර වෙද්දි අවාරෙක පිපුණ මල් බොහොමයක් මේ කතාව වැලදගනීවි කියන අස්ථිර හැඟීමක් එක්ක මන් මේක ලියන්න පටන් ගන්නවා.. එතකොට ආවාරෙට වුණත් ලස්සනම මල් පූදින බවට ඔයාට ම මේකෙන් තේරුම් යාවි..
එහෙම උනොත් අනිවාර්යෙන් ම අවසන් පරිච්ඡේදය හමුවේ පසුවදන් අමුනන්න.. ඉතින් අඩු පාඩු ඇතොත් සමාවෙන්න..
කතාවෙ නම් ගම් ස්ථාන හැම දෙයක්ම හුදෙක් කතාවට පමණයි.. සමහර සිදුවීම් මගේ මනඃකල්පිතයන් පමණයි.. කොටින්ම මගෙ සීමිත ලෝකෙන් සත්‍ය කතාවක් ලියන්න මම ෆැන්ටසිය යොදාගනීවි..
එකිනෙකට යා නොවුණ එක එක කාල වලදි සිදුවුණ සිදුවීම් කිහිපයක් වටා ගෙතුන ලස්සන ආදර කතාවක් ලියන්න විතරයි මට ඕනි..
ඉතින් එන්න අවාරෙක පිපුණ කුසුමක සුවඳ විදින්න !
>>
" එකමත් එක අවාරෙක, හරි ලස්සන මලක් පිපුණා.. කවුරුත් නොදන්න, වටිනාකමක් නොදුන්න ඒ මලේ ලස්සන වාර අවාර මැද හරි අපූරුවට ඔහු විසින් සුවඳ විදිමින් තිබුණා..
ඉතින් මම කියන්නද සරලව ම, ආදරෙයි නම් ආදරෙයි කියන්න... මොකද වචන වලට කරන්න පුළුවන් දේවල් අසීමිතයි.. "
⚲ Vishuu
ආදරෙන්,
Milagro ♡
Oct 16, 2024
YOU ARE READING
Off Season Flower ⚘
Non-Fiction® Nonfiction (g×b) අකාලේ මියදෙන්නට නම් කුමට අවාරෙට පිපුණාද දරාගෙන මහ ගින්නක් කුමට නුඹ යලි නිවුණාද !? ෆැන්ටසි ලෝකෙක මමත් ආදරවන්තියක් වීමි ⚘ Milagro ♡