එකමත් එක අවාරෙක, හරි ලස්සන මලක් පිපුණා.. කවුරුත් නොදන්න, වටිනාකමක් නොදුන්න ඒ මලේ ලස්සන වාර අවාර මැද හරි අපූරුවට ඔහු විසින් සුවඳ විදිමින් තිබුණා..
ඉතින් මම කියන්නද සරලව ම, ආදරෙයි නම් ආදරෙයි කියන්න... මොකද වචන වලට කරන්න පුළුවන් දේවල් අසීමිතයි..
එහෙම බැලුවම ආදරේ රෝමාන්තිකයි.. ඒත් ෆැන්ටසි ආදරේ.............
...
ගුරු රැස්වීමක් නිසා ගුරුවරු නැතුව කෑ ගහන එකොළහ වසර පන්තිකාමර පෙලක කෙලවරේම පන්තියේ මැද පෝලිමක මැදම වාඩි වෙලා හිටිය විශ්වි හිටියේ ඇස් දෙක අත් වලින් වහගෙන.. එයාට ඉස්සරහින් ඩෙස් එක උඩ අත් එක උඩ එක තියන් හිටියේ එයාගේ ආදරණීය මිතුරු කැල..
" උඩ ඉදන්......... අටවෙනි අත "
විශ්වි එහෙම කියලා ඇස් වලින් අත් අහකට ගත්තේ සනුගි ගේ මූණ ඇඹුල් වෙනකොට.. එක දෙක තුන කියලා සද්දෙටම ගැනපු අත් ළඟ අටවෙනි අත සනුගි ගේ අත..
" අහ්හ්....ඩෙයාර් ද ඩබල් ඩෙයාර් ද "
හැමෝගෙම කෑ ගැහිල්ල මැද විශ්වි සද්දෙටම කියද්දි සනුගි මූණ බෙරි කරන් ඩබල් ඩෙයාර් තෝර ගත්තේ විශ්වි කට කොනින් හිනාවෙනකොට..
කලින් ඩබල් ඩෙයාර් එකේ එයාට දීපු දෙකට හරි යන්නම විශ්වි, සනුගිට ඩෙයාර් දෙකක් දෙද්දි සනුගි තෝර ගත්තේ පන්තියේ තියන රෝස පාට සවල තෙනුශාන් ට දෙන එක.. කොටින්ම තෙනුශාන් කියන්නේ සනුගි ගේ හිත ගිය තැන මාළිඟාව.. ඔව් ඔව්.. එයා තමා සනුගි ගේ ක්‍රශ් එක..
යාළුවෝ තුන් කට්ටුවක ඩෙස් පෝලිමේ හැමදාම මැදින් වාඩි වෙන සනුගි කියන්නෙ හරිම ලැජ්ජශීලී ගෑනු ළමයෙක් වෙනකොට ශවිත්මා කියන්නේ ඒ තුන් කට්ටුවේම ටිකක් විතර මොලේ තියන වාර විභාග වල පන්තියේ මුල් දහය අතර හිටිය කෙල්ලෙක්..
එහෙම බැලුවම විශ්වි කියන්නේ ටිකක් විතර කටකාර ඉඟන ගන්න මෙලෝ උනන්දුවක් නැති හැබැයි උනන්දුව තිබ්බොත් ඉගන ගන්නත් පුළුවන් කෙල්ලෙක්..
" හෙයි.. තෙනුශාන්.. මේක මගෙන් ඔයාට.. "
හතරට පහට ඇඹරි ඇඹරි පිටි පස්සේ පෝලිමේ ඉන්න තෙනුශාන් ළඟට ගිහින් සනුගි රෝස පාට සවල දෙනකොට හැමෝම හූමිටි තිබ්බේ හැමවෙලේම විහිළුවට බර තෙනුශාන් නාට්‍යානුසාරයෙන් ඒ සවල අරගෙන ආපිට සනුගිට උත්තරයක් දෙද්දි..
YOU ARE READING
Off Season Flower ⚘
Kurgu Olmayan® Nonfiction (g×b) අකාලේ මියදෙන්නට නම් කුමට අවාරෙට පිපුණාද දරාගෙන මහ ගින්නක් කුමට නුඹ යලි නිවුණාද !? ෆැන්ටසි ලෝකෙක මමත් ආදරවන්තියක් වීමි ⚘ Milagro ♡