ජීවිතේදි අපිට මුණ ගැහෙන, ආදරේ හිතන අය අයිතිවෙන්නෙත් නෑ, අයිතිය ඉල්ලන් එන හැමෝටම ආදරේ දෙන්නත් බෑ.. ඒක හරි අමුතු අර්ථකතනයක්..
හරියටම කිව්වොත් ඒකපාර්ශ්වික ආදර කතාවකට ෆැන්ටසියක් කලවම් කරලා අධිමාත්රාවෙන් ඒ ෆැන්ටසිය ඇතුලේ කිදා බැහැලා හුස්ම හිර වෙලා යන හැඟීමක්..
ගොඩක් පිරිමි, එයාලගේ හදවතට දරාගන්න බැරි ඒකපාර්ශ්වික හැඟීම් ඇල්කොහොල් වලින් ගලනාලේ දිගේ පුළුස්සලා දානකොට ගැහැනු කලේම එහෙව් හැඟීම් ෆැන්ටසි වචන අස්සේ හිර කරපු එක..
ඉතින් රැදෙන්න අවසර නැති හැඟීම් ළඟ හදවතට හොරෙන් ම මගේ වචන හිර වුණෙත් හරි අමුතු ෆැන්ටසියක..................
...
✆ Vishvi
✆ Rashen
' හායී.. '
' හායී.. කවුද මේ ? '
' කොහොමද ? '
' මාව දන්නව ද ? '' පුළුවන් නම් අදුරගන්න බලන්න.. '
' ම්ම්.. කවුද කියන්නකෝ '
' ඔයා රශේන් නේ.. '
' ඔව්.. ඔයා කවුද අනේ.. '
' ඔයාව දන්න කෙනෙක්.. '
' හරි ඉතින්... දැන් කවුද කියන්න බෑ ද ? '' කේන්ති යනවනේ හරියට.. '
' කවුද අනේ මේ.. අනික කොහෙන්ද මගෙ නම්බර් එක.. ? '
' මන් කවුද කියලා වැඩක් නෑනේ ඉතින්.. '
' හරි එහෙනම්.. අන්තිම පාරට මේ අහන්නේ.. කවුද කියලා කියන්න බැරි නම් Number එක Block කරනවා.. '
' Hint එකක් දෙන්නද ? '
' ම්.. '
' අපි අද හවස හම්බුණා.. '
' කොහෙදිද ? '
' කොමස් ක්ලාස් ඉවර වෙලා එතන ගේට් එක ළඟදි.. '
YOU ARE READING
Off Season Flower ⚘
Non-Fiction® Nonfiction (g×b) අකාලේ මියදෙන්නට නම් කුමට අවාරෙට පිපුණාද දරාගෙන මහ ගින්නක් කුමට නුඹ යලි නිවුණාද !? ෆැන්ටසි ලෝකෙක මමත් ආදරවන්තියක් වීමි ⚘ Milagro ♡