දොලොස්වන දිගහැරුම

13 1 0
                                    

"ම්ම්....හ්... සුදූ....."

ඉන වටේ දැනුන සීතල ස්පර්ශ එක්ක අනුරුද් වෙනම ලෝකෙක යනවා වගේ දැනුනා...ඊටත් එයා ඇදන් හිටපු ලා කහ පාට ටී-ශර්ට් එකට උඩින් ඇදුන ආදිත්‍යගේ අත් එක පාරමට වගේ ඊට යටින් තිබ්බ අනුරුද්ගේ බඩේ රෝම කූප අතරිං එහාට මෙහාට මොනවද හොයන්න ගත්ත පාර අනුරුද්ට කියා ගන්න බැරි හැගීම් ගොඩක් එක පාරම ඇවිස්සුනා වගේ දැනුනා.. ඊටත් රලුත් නැති ගොරෝසුත් නැති ආදිත්‍යගේ අත් වල පහස එයාගේ ඉන වටේට දැනෙද්දී හැගීම් ගොන්නක් එක පාරම ඇහරෙන්නට වුනා...

"ආ....හ්... අයියේ... please බයික් එක අරං යන්නේ මම.... අනේ.....හ්"

"ඉතිං සුදූ... මම ඉන්නේත් ඒ බයික් ඒකේ... ඉතිං පරිස්සමෙන් අරන් යන්න වෙනවාමයි ඔයාට....."

"ම්ම්ම්....හ්... අනේ......"

"අපි යන්කෝ නිදහස් තැනකට..."

තවත් අනුරුද්ගේ ඉන ආදිත්‍ය තදින් අල්ල ගත්තා... කොටින්ම දැන් එයාට බයික් එක අරන් යනවාට වඩා ආදිත්‍යගේ තුරුලට එන්න හිතෙන තරමට... ඒ අතරේම ආදිත්‍ය හිමීට අනුරුද්ගේ කොලර් එක පාත් කරලා එයාගේ තොල් වලින් හරී සුමුදුවට බෙල්ල ස්පර්ශ කරපු එකෙන් අනුරුද් තවත් මත් වෙන්න වුනා.... තවමත් ආදිත්‍ය එයාගේ අත් වලින් අනුරුද්ගේ ඉන වටේ මොනාද හොයනවා වගේ එහාට මෙහාට ඇවිදින්න උනා....රෝම කූප අතරින් හරි අමූතුවට දැනුන ඒ ස්පර්ශය නිසා අනුරුද්ගේ මුලු ඇගම ගැහෙන්න වගේ වුනේ ඒ ස්පර්ශය එයා විදින්නේ පලවෙනි පාරට නිසා....

කොහොමින් කොහොම හරි දෙන්නාම බයික් එකෙන් ගියේ තිසා වැවේ වැව් බැම්මට... ඒකත් කවුරුත් නොයන පැත්තකට.... වැවේ හුලං හරි අපූරුවට වැව් දිය සිබගෙන බැම්මට උඩින් ඇවිත් ඉසුරුමුණිය  , රංමසු උයන පැත්තට ගලං ගියේ ආදරනීය හිත් දෙක්කට ආදරේ විදින්න හොදම තැන මේක කියන්නා වගේ... සමාජය විසින් අසම්මත යැයි කිව්වත් අසම්මත නොවන ආදරෙන් බැදුන හිත් දෙකකට මේක හොදම නවාතැනක් ආදරේ සුවද විදින්න....

"අනේ..... අයියේ.....හ්...."

බයික් එකෙන් දෙන්නම බැහපු ගමන් ආදිත්‍ය කලේ පිටිපස්සෙන් ඇවිල්ලා අනුරුද් වැලද ගත්ත එක....  අනුරුද් හිමීට ආදිත්‍යගේ මූන පැත්තට හැරුනේ ආදිත්‍ය එයා වටේ දාගෙන හිටපු අත් එහෙම්මම තියෙද්දීමයි.... ආදිත්‍ය කරපු එකම දේ අර අහිංසක ඇස් දෙක දිහා බලාගෙන හිටපු එකම විතරයි..... අනුරුද් හිමිට ආදිත්‍යගේ අත් ඉනෙන් අරගෙන තදින් අල්ල ගත්ත...මේ වෙද්දී අනුරුද්ගේ ඇස් වල කදුලු පිරිලා...

මිහිදුම් සේලWhere stories live. Discover now