01 කොටස

165 22 9
                                    

"චූටි බේබි.. චූටි බේබි..."

"ම්හුක්"

"නැගිටින්න චූටි බේබි ලොකු බේබිත් නැගිටලා චූටි බේබිට එන්නලු ලොකු මහත්තයා"

"ඔයා යන්නනේ මට කන්න එපා නිදාගන්න ඕනා.!"

මේ ළමයා ආපහු පස්ස උඩ දාගෙන නිදි තාත්තා බලාගෙන ඉන්නවා පොඩි පුතා එනකල් පොඩි පුතාට Don't Care

දෙව්ෂන්ට නිදාගන්න ඕනේ නම් කෑමත් එපා වතුරත් එපා එපා. බෙට් ශීට් එකයි කොට්ටෙකුයි ප්‍රමාණවත්

කොල්ලා හුඟ දවසකින් පස්සේ උදේ වෙනකල්ම නිදාගත්තේ නැත්නම් උදේ හය වෙද්දි එයා ලොයලා එකේ

කොල්ලා එයාගේ පාසල් ජීවිතයට ඊයේ අවසන් ගෞරවය දක්වපු නිසා ආයෙ ලොයල් කොල්ලෙක් වගේ යුනිෆොම් එක ඇඳලා සිඟිති පාතලේ රජ කරන්න බැරි එක ගැන දේව්ෂාන්ට තියෙන්නෙ  පොඩි දුකක්

අපේ ජීවිතවල සුන්දරම කාලය කියන්නෙ අපි ඔබ හැමෝම ජීවත් වෙන්න කැමති පාසල් කාලය දෙව්ෂන්ගෙන් ඇහුවොත් ජීවිතය සුන්දරම කාලය වකවානුව මොකද්ද කියලා එයා අනිවාර්යෙන්ම කියන්නෙත් පාසල් කාලේ කියලම තමයි

දැන් ඉතින් දෙව්ෂන් කියන්නෙත් ලොයල් එකේ ආදි ශිෂ්‍යයෙක් විතරයි!

"පොඩි නැගිටින්න පුතේ තාත්ති ඔෆිස් යන්න යන්නේ"

"මොනාද අනේ ඔයාලා මට නිදාගන්නවත් දෙන්නෙ නෑ පාරේ නිදියන බල්ලටත් මට වඩා හොඳට නිදාගන්න පුළුවන් වෙන්න ඇති"

"ඔයා කියන එකක් තමා එන්නකෝ යන්න"

දෙව්ෂන් නිදාගන්න දෙන්නේ නැහැ කියලා අම්මට අඩපාලි කියද්දි අම්මා ටිපර් උනේ නෑ අම්මා සාමකාමීව කතා කරලා කොල්ලව සාලෙට කැන්දන්න ආවා

දෙව්ෂන්ට මෙලොව ගානක් නෑ පඩිපෙළේ බහින්නේ වැනි වැනි අමුවට ගල් භාගයක් ගැහුවත් එහෙම කවුරුත් වැනෙන්නෙ නෑ අත් දෙකෙන්ම ඔලුව බදාගෙන කසනවා තව පැත්තකින් හොඳට නිදාගත්ත නිසා කුණු කෙල කට වටේ ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම පොඩි වෙලා කොටින්ම කිව්වොත් හෙන ගාපු පොල් ගසක් වගේ

කාක්කුඩුවක් වගේ තිබුණු කොණ්ඩේ ඒකට සාක්ෂි කිව්වා..

සුදර්ශන් දෙව්ශාන්ගේ තාත්තා එයා කියන්නේ එයාගේ පොඩි පුතා එයාගේ වාසනාව කියලා... ඒක කටකතාවට කියනවා නෙවෙයි දේව්ෂන් ඉන්න තැන හරි සිරියා වන්ත පාටයි දේව්ෂන්ගේ හිනාව තමයි එයාගේ සතුට

- ක රා තේWhere stories live. Discover now