07 කොටහා

136 26 22
                                    

" ලොකු ලොකු....... මෙහෙ වරෙන්කො ඩිංගක් "

" ඇයි අප්පා අඩ ගැහැව්වේ. අම්මේ....... කොහෙද අප්පච්චියෙ මේ ලෑස්ති වෙලා යන්ඩ හදන්ටේ ඈ අම්මේ "

මන් ඇසුත් පොඩි කොර කොර ගෑටුවේ අම්මා ළගට. අම්මා ලස්සන චීත්ත පොඩ්ඩට හැට්ටයක් ඇදන් කන්නාඩියෙන් හැඩ බලනවා.




" ආ මේ හැට්ට කට්ට ගහපන්කෝ බන් ඩිංගක්. මන් මේ අප්පච්චි එක්කලා වෙද ගෙදරට යන්ඩ කියලා බන් "




" ඒ මොකෑ "

" ලෙඩෙක් බලන්ඩ බන් "

අම්මයි අප්පච්චියි කිරි පුතා එක්කලා යන්ඩ යද්දි මන් විගහට ඇතුළට ගොඩවෙලා රිංගුවේ මල්ලිගේ කාමරේට.  ආපෝ මේකා තාම ගොරෝන වා. මේකත් අම්මට අරන් යන්ඩ තිබ්බ නොවෑ. මන් හුනුසාල් වට්ටියත් ඇරන් සරමත් කැහැපොට ගහන් ගෑටුවේ කුකුල් කොටුව ළගට.




" අප්පේ බොලාලගේ පුදූම පෙරේතකමක් නෙ තියෙන්ටේ. හිමින් ඩිංග ඩිංග කොටා බාහන් බන් "

කහ පාට කුකුල් පැට්ටු හරි කලබලෙන් අරහෙට්ට දුවනවා මෙහාට්ට දුවනවා. අම්මා සුදාම්මිගෙන් කිරි ඩිංග දොවන්න ඇති. මටත් කිරි තිබහේ බැරුවා ඕන්. කුස්සියට ගාටපු මන් කෝප්පෙට එකක් පිරෙන්ඩ කිරි දාන් දුම් මැස්සේ උඩ තිබ්බ හකුරු මුලෙන් කිතුල් හකුරු කෑල්ලකුත් අරන් ඉස්තෝප්පුවට ගෑටුවා. හුළං එන හින්දා හරි සනීපයි නොවෑ.





" ස් ස්...... "


" අන්ගු..... උබ මොකෑ උදේන්ම "

ස් ස් ගෑවේ මොකාද කියලා විපරම් කොරද්දි දැක්කේ අන්ගු අයියා ගොඩ වැදිලා කියලා. කුස්සියේ පැත්තෙන් වෙන් නැති එන්ඩ ඇත්තේ. කොට කලිසමකට අත් නැති බැනියමක්‌ ඇදලා ඉන්ඩ මුන්දෑ දැන් හරි පෙනුමයි නොවෑ.


" නිකන් බන්. මයෙ තම්බි පොඩ්ඩ බලන්ඩ ආවා "

එහෙම දෙසාපු අන්ගු මයෙ ළගින් ඉද ගෙන මයෙ බිබී හිටපු කිරි කෝප්පෙත් අරන් ඒකත් කට තියාලා බොද්දි මයෙ ඇස් ගෙඩි දෙක එළියට පනින්ඩ ඔන්ඩ මෙන්ට වුනා. අප්පුච්චියි අම්මිත් එහෙම නොවෑ කොරන්නේ. ආලේ වැඩි වුණාම දෙන්නා එක කෝප්පෙන් බොනවා.




කටු ඉඹුල (Completed )Where stories live. Discover now