හවස 5.30යි වෙලාව
මම ලෑස්ති වෙන්නෙ පන්ති යන්න
අනේ මන්දා මට මොකද්ද වගේ
වෙලාවකට හරිම වුවමනාවකින් යන පන්තියට වෙලාවකට යන්න හිතෙන්නෙ නැති වෙන විදිහෙ මහ මූසල හැඟීමක් දැනෙනවා
මන් දන්නෙ නැ ඒ දේ මට විතරක් වෙන දෙයක්ද කියලා
තව සමහර වෙලාවට දෙයක් සිද්ද වුනොත් ඒ දේම ඒ තැනේදි ඒ වෙලාවෙම කොයිම හරි දවසක වෙලා තියෙනවාද කියලාත් හිතෙනවා
වෙලාවකට හිතෙනවා කවුරුහරි කාලෙ පාලනේ කරනවාද කියලා
අනේ මන්දා
මට පිස්සුමම ලෑස්ති වෙලා පන්තියට යන ගමන් ඉන්නෙ
අම්මායි තාත්තායි වැඩනෙ
ඒ හිම්දා මම් යන්නෙ තනියම
තනියම කිව්වෙ වෙනදාට නම් යන්නෙ ශෙනා එක්ක
ඌ කිව්වානෙ අද එන්නෑ කියලා
ඉස්කෝලෙ ආවෙත් නෑ බූරුවා...මම පන්තියට ඇවිත් වාඩි වුනෙ කවුරුත් නැති ඩෙස්ක් එකක් බලලා
මට ඩෙස්ක් දෙක තුනක් ඉස්සරහා මම දැක්කා ගවීශව
ඌ මාව දැකලා අත වනලා මට එතනට එන්න කිව්වා
මාත් ගියා
ගවීශ කියන්නෙ මගෙ යාලුවෙක්
අපේ ඉස්කෝලෙ නම් නෙවේ
හැබැයි පට්ට ෆිට්
ඌව හම්බුනේ මට මේ පන්තියේදිම තමාඅපිට එහා පැත්තෙ කෙල්ලන්ගෙ ඩෙස්ක් ටික තිබ්බෙ
අපෝ...උන්ගෙ කිචිබිචිය තමා...නැත්තන් සෝක් කෙල්ලො ටිකපන්තිය පටන් ගත්තා...ගවීශයා මොනාද මන්දා එහාපැත්තෙ එකා එක්ක කියෝලා මගෙ පැත්ත හැරිලා මොනාද කියවන්න ගත්තා...
අප්පෝ...මහා කම්මැලී
මට ෆට්ට නිදිමතක් ආවා...
මන් ඩෙස්ක් එකෙන් ඔලුව තියාගෙන ටිකක් ඇස් දෙක වහගත්තා...
සෑර් මොකද්ද වැඩක් දීලා පන්තිය වටේ මයික් එක අරන් මායම් වෙනවා...ආහ්
නිදාගන්න නෑනෙ ටිකක්...ඒ පන්තියත් ඉවරවෙලා ගෙදර එන්න කියලා හදද්දි හම්මටසිරි වෙන්න යකොව් වහින්න හදන්නෙ...
මොන මගුලක්ද අප්පා...මෙච්චර හොදට පායලා පන්තිය ඉවරවුනාම වහින්න හදනවා...
සැක් කුඩේකුත් නෑ
රෑත් වෙලා 8යි නෙ...
පන්තිය 6ට පටන් අරගෙන 8ටනෙ ඉවර වුනේ...
තාත්තා ආවොත් හොදයි
නැත්තන් පලයන්කො තෙමි තෙමි...
ගෙදරට පයින් යන දුර තියෙන්නෙ
ඒත් එහෙමයි කියලා තෙමි තෙමි යන්නවැයිඅහසෙ හද හැංගිලා ගිහින් ගොරවගෙන වැහිපොද එක දෙක වැටෙනකොට මම පාරට ඇවිල්ලා අම්මාට කෝල් එකක් දැම්මා