එක දවසක අපි නුපුරුදු සුවදක
හිත හෙමිහිට බැදුනා
අප හමුවුනු හිනැහුනු...මතකය
සසර පුරුදු හැගුනා...
ජන්මෙන්...ජන්මේ...
ඔබට හද පිදුවා...
මේ භවයෙදී හමුවන පැතුමන්
සිහිනෙකැයි සිතුනා...සින්දුවකුත් අහන ගමන් ඇදට දාලා තියෙන කලු ඇතිරිල්ල දිගේ මගෙ දිගැටි ඇගිලි ගෙනියන ගමන් මම හිතන්නෙ මේ එයා ගැන...
එයා???
ඔව්...ඊයෙ මම ඉස්කෝලෙදි දැක්ක ඒ හිනා කලදක් නැති මූන...හිනාවක් නැති වුනාට බුම්බගත්තු පෙනුම එයාට හරි ලස්සනයි...ඊටත් වඩා කඩවසම්
මම කොල්ලෙක්!!!
දවසම තව කොල්ලෙක් ගැන හිතලා මොලේ අවුල් වෙන්න තරම් මොකද්ද මට මේ වුනේ ?
ආයිශ් මට තේරෙන්නෙ නෑ...හරි අමුතුයි"උබ කොල්ලෙක්...ඌ ගැන හිතන එක නතර කරපන්!!!"
මම මටම කියාගත්තෙ වෙන කරන්න දෙයක් නැති නිසා...
මම දැන් මේ ඇදේ එහාට මෙහාට හැරෙන්නෙ වෙන දේකට හිත යොමු කරගන්න බැරුව..."ඕක නවත්තපන් ගොනෝ...තොට පිස්සුද...කොල්ලෙක් ගැන ඔච්චර හිතන්නෙ තොට ඔල්මාදෙද???"
කවුරුහරි දැක්කා නම් මම පිස්සුවෙන් කියෝනවා කියලා හිතනවා ආයෙ දෙකක් නෑ...
මමත් මේ මගෙ පාඩුවෙ මටම කියෝගන්නෙ මගෙ කාමරේට කවුරුත් එන්නැති බව දන්න නිසානෙ...මම විහග හසරැල්...මට 16යි හැබැයි...මන් මේ මෙච්චර කල්පනා කරන්නෙ මගෙ ඇගේ උදේ හැප්පිලා ගිය ඒ කොල්ලා ගැන...ම්ම්හ්හ්...මූ මොකට මගෙ හිතේ මෙච්චර හොල්මන් කරනවාද මන්දා...මම්ගුල
පේනුන විදිහට නම් පොර අලුත්...හැබැයි මන් හිතන්නෙ මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් වගේ...මොකද ඒකා ගියෙ 13 වසරෙ පන්ති පැත්තට"මේ වසවර්ති මාරයෙක් ගැන හිතනවාට වඩා මට තව කොච්චර වැඩ තියේද...හහ්...
ඕවා ගැන හිතන්න හොද නෑ...
හිතන්නෙපා යකෝහ්හ්....හිනා පොදක් නෑ මූනෙ...මන් දිහා බලලා රැව්වා...
එහෙව් එකෙක් ගැන හිත හිත ඉන්නෙ මට පිස්සුද එව්ව්ව්...
හෙට ඉස්කෝලෙ යන්නත් තියෙනවා නිදාගනිම් බම්ලෝ..."මන් මටම කියාගෙන කියාගෙන ගිහින් බැරිම තැන කොට්ටෙට මගෙ මූන තදකරගත්තා...ඒත් නෑ...ඒත් මූ මගෙ මනසෙ සැරිසරනවා...මම බැරිම තැන වෙලාව බැලුවෙ නෑ මගෙ බොක්කට කොල් එකක් ගත්තා...
රින්ග්ස් තුනක් හතරක් විතර ගිහින් ඉස්සුවාට පස්සෙ මට ඇහුනෙ එහා පැත්තෙන් නිදිමත බේරෙන කටහඩක්..."ක්...කව්..ද"
නිදිමතේම කතා කරපු උට මන් කව්ද කිව්වා විතරයි නිදි මතත් නෑ බැනගෙන බැනගෙන ගියා...ඒවා අහන් ඉන්න බැරුව මගෙ කන් බෙරේ පැලෙයි කියන සාදාරණ සැකය මත මම ෆෝන් එක මගෙ කනෙන් අහකට ගත්තා..
"ශෙනා...මේ මම බන්"
"ගොන් උලම් මී මැසි මදුරු කීට පත්තෑයො...තෝ මේ මහ රෑ මට කතා කලේ අහවල් මගුලකටද යකෝ...උබ රෑට හොරපොල් කැඩුවාට මම නිදාගන්නවා...තොගෙ වදෙන් බේරෙන්න තියෙන්නෙ ගෙදරට ඇවිත් නිදාගන්න ටිකේ විතරයි...ඒකත් කනවා මේ වුට්ටා..."
ඒ ශෙනා...මගෙ බොක්කෙ පිට් එක...හැබැයි මෙහෙමයි මිනිහාට ගිනිපුක්ගාය ටිකක්...අපි දෙන්නා සෙට් වුනේ හය වසරෙදි...එදා ඉදම් අවුරුදු පහක් එකදිගට පැවති යාලුකමක් මේ...
"හෙහෙ...කේන්ති ගන්නෙපා සුතූ...මෙච්චර වේලාසන උබ නිදාගනියි කියලා කව්ද හිතුවෙ"
ඒ ටික කිව්වාට වඩා හොදයි මන් නොකියා හිටියා නම්...ඒ ඇහෙනවාත් එක්ක මූ ආයෙ මට බැනගෙන බැනගෙන ගියා අම්මටසිරි වෙන්නම...
"උද්දික පුතෝ...තෝ වේලාසන කියලාද කිව්වෙ..බලපිය වෙලාව දෙකටත් කිට්ටුයි...තොගෙ ආච්චිට...අම්මපා මට කියන්න එනවා තොට...හරි දැන් කියපම් ඇයි මගෙ මේ ලස්සන හීනෙට බාදා කලේ තෝ උගුඩුවෙක් වගේ..."
"කොරි කොරි හුම්...අහපම්කො...අර මගෙ ඇගේ හැප්පිලා ගිය පොර බන්...ඌව මගෙ හිතෙන් අයින් වෙන්නෑනෙ...මූ මගෙ මනසෙ සැරිසරනවා හරියට නිකන් මුහුදට ගහන් ගියපු පොල් ලෙල්ලක් අයාලේ පා වෙනවා වගේ "
ඔහොම ඔහොම මන් මුට ඌ ගැන කියද්දි මුගෙ එහා පැත්තෙන් සද්දයක් වත් නෑ...
"ඕයි...ශෙහා...බල්ලො තෝ අහන්ද..."
"ම්ම්හ්හ්හ්....ක්"
බලනකොට මූ නිදි...උනහපුලු පත්තෑයා...
මන් ෆෝන් එක තියලා උට නිදාගනිම් කියලා මාත් නිදගන්න බැලුවා..ම්ම්හූ...නින්ද යන පාටක් නෑ...කොහොමින් කොහොමින් හරි මට ඊයෙ රෑ නිදාගන්න වුනේ නෑ...මොන විකාරයක්ද මන්දා
ඊයෙ දැකපු එකෙක් ගැන මෙච්චර හිතන්නෙ...**************************************************
හලෝව්ව්ව් ඒයිම්ලා
මගෙ පලවෙනි ස්ටෝරි එක
කැමති නම් ඇඩ් කරගන්න...
පොඩි පොඩි මිශ්ටේක්ශ් ඇම්ති ගනම් ගන්නෙපා....බායි
පස්සෙ එන්නාම්ම්