මමයි සවී අතුගාලා අත් දෙකත් සෝදගෙන පිට්ටනියට ආවේ ගාථා කියන්න..ඔයාලට කියන්න කෙල්ලනේ අර අයියා අපි අතුගාලා ඉවර වෙනකම්ම අතනට වෙලා හිටියනේ..ඒත් එයා නෙවෙයි මේ පැත්තවත් බැලුවේ..
අපේ පෝලිමට ආව මමයි තීනුයි ඉස්සරහින්ම හිටගත්තා..
ලොකු සර් එක්ක ටීචර්ලා සර්ලත් ආවම හාමුදුරුවෝ ගාථා කියන්න කියලා කිව්වේ අපි වැදගෙන ගාථා කියන්න පටන් ගන්නකොට..
.
.
.
.
.
.
.
.ගාථා කියලා ඉවර වෙලා ජාතික ගීය කියන්න 13 වසරේ ඉන්න අයියලා හතර දෙනෙක් ස්ටේජ් එක උඩට ආවේ අපි හැමෝම සීරැවෙන් හිටගනිද්දි..
ඔයාලට කියන්න ඒයිම්ලා මට ජාතික ගීය කියනකොට එක විදිහකට ඉන්න බැහැනේ..එක්කො ඔලුව කසනවා එක්කො නහය කසනවා..නැත්තන් කොහෙහරි අස්සක ඉදලා මදුරැවෙක් හරි එනවා මට වද දෙන්න..
නහයට දැනෙන කිතිය නිසා මම ඉක්මනට නහය පිහදාගෙන සීරැවෙන් හිටියෙ ඇස් කොනෙන් එයා පැත්තෙ අයියලගේ පෝලිම දිහා බලලා..
ඔයාලට කියන්න අර උදේ නා ගහට ජැක් ගහගෙන හිටිය අයියා මගෙ දිහා බලාගෙන ඉන්නවා.. ජාතික ගීය කියනවා කියලවත් ගානක් නෑ එයාට..එයාගෙ එහා පැත්තෙන් හිටගෙන ඉන්න අපේ ශිෂ්‍ය නායක අයියා එක්ක බර කතාවක්..
ඒකත් මගෙ දිහා බලාගෙන..නහය කසපු එක කියවනවද කොහෙද..හපූ සැජ්ජාව..
ජාතික ගීය ඉවර වෙලා හාමුදුරැවන්ගෙන් අයියලගෙ බැනුම් ටිකත් අහගෙන පෝලිමේම පන්තියට යන්න ගියේ නියපොතුත් පෙන්නන ගමන්..හොද වෙලාවට ඊයේ හවස නියපොතු ටික කැපුවේ..
අපි පෝලිමේම පනිතියට ආවා..උදේම තියෙන්නේ විද්‍යාව පීලියඩ් එකක්..ටීච තවම පන්තියට ආවේ නැති නිසා මමයි සවියි දෙන්නගෙ පොත් ටික අරගෙන මේසෙ උඩින් තියලා ආවේ පන්තියේ කොරිඩෝවට..කොරිඩෝවේ ලමයි පිරිලා..ඔව් ඉතින් තවම ටීචලා සර්ලා පන්තියට ඇවිත් නෑනේ..
අපි කොරිඩෝ එකේ බිත්තියට හේත්තු වෙලා ලොකු යකට දෙලෙන් පේන පිට්ටනිය දිහා බලාගෙන හිටියා..ඒකේ අයියලා වගයක් වොලිබෝල් ගහනවා..අපේ කෝච් සංජය සර්රැත් ඉන්නවා කෝට්ටකුයි විසිල් එකකුයි තියාගෙන අර අයියලට තල තල..හික්ස්..
" තීනු අර "
සවි මගෙ උරහිසට තට්ටු කරලා පෙන්නුවේ 11 වසරේ පන්තිය..අපේ පංති කෙරවලේම තියෙන්නේ 12 වසර A,B පන්ති..12 B පන්තියට මුළු කොරිඩෝවම පේනවා..
සවී මට පෙන්නුවේ අර අයියව..එයාගෙ එහා පැත්තෙ අර බෙලෙක් කටත් ඉන්නවා ඒ අයියගෙ කනට මොනවදෝ කිය කිය තව අයිය කෙනෙක් එක්ක හයියෙන් හිනා වෙවී..අර සුදු අයියගෙනම් කන් දෙකත් රතු වෙලා..ඒත් ඇස් තියෙන්නෙ අපේ පැත්තේ..හයියෙන් කකුල් දෙකත් හොලවන ගමන් ඩෙස් එක උඩින් අත් දෙක තියාගෙන යටි තොල අතගානවා..
මමයි සවි පිටිපස්ස හැරිලා බැලුවේ කා දිහාද බලාගෙන ඉන්නේ කියලා බලන්න..ආහ් මෙතන අක්කලා ටිකක් ඉන්නවනේ..සමහරවිට ඒ කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා ඇති..ඒ අක්කලත් නිකන් ඇබරෙන්නේ කහබිලියා කොලයක් ඇගේ ගෑවිලා වගේ..මල කෝලන් බෝල සබන්..
එයාල දිහා මූණ ඇද කරගෙන බලපු මම අර අයියා දිහාත් බලලා ඇද කලා..
අන්න අන්න හිනා වෙනවා..ඔලුව දෙපැත්තට වනලා හිනා උන එයා කොන්ඩේ හදන්න ගත්තා..පුහ් හරි ලස්සන කොන්ඩෙ කියලා හිතන් ඉන්නේ..
අපේ අක්කගෙ බෝයිපිට තියෙනවා ඔයිට වඩා ලස්සන කොන්ඩයක්😒
To be Continues~❤️🖇
වෝට් නෑ💔
කමෙන්ට් නෑ💔
රීඩර්ස්ලා නෑ💔
Followersලා නෑ💔
💔💔💔💔💔💔💔💔💔💔💔💔
කමන්නැ
ගිහින් එන්නම්😊💗
ආදරෙයි babys❤️🖇