02❤️‍🔥

9 0 0
                                    

උදේ හත විතර වෙද්දි කොළඹ තියෙන්නෙ පුදුම තරම් කළබලකාරි ගතියක් ළමයි ඉස්කෝලේ යනවා වැඩට යන මිනිස්සු තමන්ගේ වෙන වැඩවලට යන අය හින්දා පාරවල් සේරම බ්ලොක් වෙනවා.

මේ වෙද්දි විතෙව්නා හිටියේ කොම්පඤ්ඤ වීදිය කිට්ටු කරලා සෙනඟ පිරුනු බස් එක ඇතුලේ තෙරපිලා හිටිය විතෙව්නා බොහොම අමාරුවෙන් එයාගේ ඇගේ කෑල්ලක් ගලවගන්නේ නැතුව බස් එක හෝල්ඩ් එකෙන් නතර කරපු ගමන් ඉක්මනට බැහැගත්තා.

බස් එකෙන් බහිනවත් එක්කම ගැලවිච්ච සපත්තුව අතට අරගත්ත විතෙව්නා මූණත් ඇද කරගෙන පාර පනින්න ආවා කලුපාට ට්‍රව්සර් එකට ක්‍රීම් කලර් බ්ලව්ස් එකක් ඇදලා ඒක ට්‍රව්සර් එකට යට කරලා ඇදලා හිටපු විතෙව්නා එයාගේ දිග කොන්ඩේ කවදාවත් නැතුව කඩලා දාලා හිටියේ

පාර පැනලා එක සපත්තුවක් අතේ තියාගෙන අනිත් සපත්තුව කකුලේ දාගෙන හිමින් හිමින් ඔෆිස් එක පැත්තට ආව විතෙව්නා ඔෆිස් එකේ එන්ට්‍රන්ස් එකෙන් චෙකව්ට් වෙලා සුපුරුදු විදිහටම වටේම හිටපු අයට ග්‍රීට් කලේ නොකර බැරි කමට හරිම අපහසුවෙන් හිනාවක් මුහුණට අරගත්ත විතෙව්නා ලිෆ්ට් එකට නැග්ගේ එයාගේ ඔෆිස් එකෙ තියෙන්නේ තර්ඩ් ෆ්ලෝ එකේ නිසා.

ලිෆ්ට් එකට නැගලා ඒකේ ඇතුලේ පේන තමන්ගේම රූපෙට ඇදකරපු විතෙව්නා එක අතකින් එයාගේ කොන්ඩේ පොඩ්ඩක් හදාගෙන අනිත් අතේ තිබුන එයාගේ කැඩුන සපත්තුව දිහා බැලලා තොල් දෙක පෙරලගත්තේ එනගමන් එයාට සපත්තුව මහගන්නවත් බැරි වුන නිසා ඒත් ඉතින් එකපාරටම ලිෆ්ට් එක ඇරුන නිසා එයා ටිකක් පුදුම වෙලා ඉස්සරහා බැලුවා එයා ඉස්සරහා බැලුවට වඩා ඉක්මනට බිම බලාගෙන අතේ තිබ්බ සපත්තුව පිටිපස්සට කරලා අල්ල ගත්තේ ලිෆ්ට් එකට ගොඩ වෙලා තිබුනේ වෙන කවුරුත් නෙවෙයි වෙයාරා නිසා
අද එයාගේ පෙනුම ගත්තොත් වෙනදටත් වැඩිය එයාගේ බොසී ලුක් එක පේන විදියට ෆුල් සූට් එකක් එයා ඇදලා හිටියේ කලු සුදු කියන්නෙම යාරාගේ ෆැශන් එක වෙනකොට ඒකෙන් එයාට යුනික් පෙනුමක් ගෙනාවා

ලිෆ්ට් එකට නැගපු ගමන් ඒකේ ඇතුලේ ඉන්න විතෙව්නාව දැක්ක යාරා කට කොනකින් හිනා වෙලා එයාගේ උඩ ඉදලා යටට වෙනකන්ම ස්කෑන් කලා ඒත් එක්කම එයාගේ ඇස් ගිහින් නතර වුනේ විතෙව්නාගේ කකුල් දෙක ලග ඒ වගේම එයා විතෙව්නා හංගගත්ත සපත්තුවත් දැක්කා ඒ දිහා හිස් බැල්මකින් බලන් හිටපු යාරා තර්ඩ් ෆ්ලෝ එකෙන් ලිෆ්ට් එක නතර වෙලා දොර ඇරෙනවත් එක්කම විතෙව්නා දිහාට බැල්මක්වත් නොදී යන්න ගියා

UnConditional LOVE ❤️‍🔥Where stories live. Discover now