02....

117 14 2
                                    


ආදරනීය නොවන රාගයට පමණක් සීමා වූ හෝරා කීයපයක් අවසානයේ චේතිය එයාගෙ ඇඳුම් ඇගලාගත්තේ ඇඳ උඩ තවමත් වැතිර සිටින යුවතිය චේතියගේ කඩවසම් සිරුර දිහා නොනිවෙන බැල්මකින් බලන් ඉද්දි ...

" නෙක්ස්ට් ටයිම් කවද්ද ආයෙ මීට් වෙන්නෙ  .. ? "

" ආයෙ නෙක්ස්ට් ටයිම් නෑ වස්තුව .  මං කෙල්ලෙක් එක්ක හිටියොත් එකපාරයයි .. මම එකම කෙල්ල එක්ක එකපාරකට වඩා සෙල්ලම් කරන්නෑ .. "

තේක්ක ලීයෙන් නිර්මානය කරපු කන්නාඩි මේසෙ කන්නාඩියෙන් බලන් තමන්ගෙ අපිලිවෙල උන අකීකරු කොට කොන්ඩය අතරින් ඇගිලි අරන් යනගමන් චේතිය කිව්වෙ සෙල්ලක්කාර විදියට ..

" චේති .. බට් ඔයා කිව්ව ... "

" මොකක්ද මං කිව්වෙ ? "

කන්නාඩියෙන් අවදානෙ මුදවගත්ත චේතිය සරාගී යුවතිය දිහා බැලුවෙ හැගීම් විරහිතව ...

" මම .... මම ලස්සනයි කියල .. තව ... "

"පුහ් ....! සනූ ... ලස්සනයි කියල කිව්වෙ මම .. නැතුව මට ඔයාව කසාද බදින්න හිතෙනව කියල නෙමේ ! "

මුදල් නෝට්ටු කිහිපයක් ඇද රෙද්දෙන් තම නිරුවත වසාගෙන සිටින යුවතිය දිහාට විසි කරපු චේතිය හොටෙල් කාමරයෙන් එලියට ආවෙ සරාගී යුවතිය සමග ගත කරපු හෝරා කිහිපය අමතක කරමින් ..

" මල්ලි තෝ තාමත් ඔය සෙල්ලම නැවැත්තුවෙ නැද්ද ? අර කොහෙවත් ඉන්න පට්ට ##යක් දාල ගිය එකට ගෑණු එක්ක බුදියලද තෝ පළිගන්නෙ ? අප්පච්චි දන්නවනම් තොගෙ කෙරුවාව අම්මපා උබව පව්ලෙන් එලවලම දානව ! "

ගෙදර ආව ගමන් චේතිය තමන්ගේ වැඩිමහල් සහෝදරයාගේ වාග් ප්‍රහාරයට ලක් උනේ වෙනද වගේම වෙනසක් නැතුව.. ඉතින් හැමදාම වගේ චේතිය ගෙදර ආව ගමන් සෝෆාවට බර වෙලා මහන්සි අරිද්දි මිහිඳුම් තමන් කියන දේ සතේකට ගනන් නොගන්න චේතිට අතේ තිබ්බ පත්තරෙන් දමලගහල යන්න ගියා .

" හැමදාම එකම බනේ ... ඕකම කියවල එපා වෙන්නෙ නැද්ද දන්නෑ "

ශර්ට් එක අන්බට්න් කරනගමන් චේති සිවිලිමේ කැරකෙන ෆෑන් එක දිහා බලන් ඔහේ හිටිය ..

අවුරුදු හතරහමාරක් තිබ්බ ලව් එෆෙයාර් එක අවුරුදු එකහමාරකට කලින් බ්‍රේකප් උනාම චේති ටික ටික සෙල්ලකාර උනේ මිහිදුම්ටවත් චේතිව ගොඩගන්න බැරි වෙද්දි . පස්ස පස්සෙ මිහිදුම් හිතහදාගත්තෙ චේතිගෙ මේ නොමනා හැසිරීම කවදහරි එයාගෙ ජීවිතේට එන ගෑනු ලමයෙක් නිසා මඟහැරෙයි කියල උනත් චේති ආයෙ ගැණු ලමයෙක් ගැන හිතන්නවෙත් නෑ කියල මිහිඳුන්ට තේරුම් ගියා .. සමලිංගිකත්වය ගැන දෙපැත්තට වැනෙන අදහස් තිබ්බ මිහිඳුම් මල්ලිව ගොඩගන්න කොල්ලෙක් පවා චේතිට ලංකරන්න ගිහින් සහෝදරකම නොකැඩී බේරුනේ අනූනමයෙක් ..

ගිරිබාරපුස්තක 📜Where stories live. Discover now