ආදරෙ කියන්නෙ හරි අමුතු දෙයක්..ගැහැනියකට පුලුවන්..
තමන් හොයන ආදරය , කාලය , රැකවරනය ලැබෙනව නම් යකෙක්ට වුනත් ආදරෙ කරන්න...ඉතින් හිතවත. මං අහන්නෙ.
ආදරෙ කියන දේ තියෙන්න ගැහැනු පිරිමි අතරෙ විතර ද?
කවුද තහංචි දැම්මෙ.. ආදරේට.. ආදරෙ කරන්න ඕන ගැහැනියක් පිරිමියෙක්ට විතරම ද?
ගැහැනු ගැහැනු..
පිරිමි පිරිමි ඒ අය ආදරෙ කරන්නැද්ද? එහෙම අය නැද්ද? නෑ.. ඉන්නවා...ඒ ඇරුනම...
අමනුස්සයන්ට ආදරේ දැනෙන්නැද්ද?
ඉතින් එයාලට ඒ හැඟීම දැනෙන්නැද්ද? නෑ දැනෙන වා..
අපි අපේ පැත්තෙන් විතරද හිතන්නඕන..
ඇයි ඒ අයගෙ පැත්තෙන්...ඉරක් ඕන මට
සඳක් වෙලා පෑයූ
සෝනු...තරුත් එක්ක මම..
හොයන් එනවා..
මකපන් පාලුසෝ නු...
සෝනු...උබ අදත් පටන් ගත්ත ද ආ?
වහපන් ඔය කන්කරච්චලේඅයියෝ අත්තම්මා මගේ නමනේ කියන්නෙ අනේ... අහන්න දෙන්නකො අප්පා..
සිංදුවෙ ආසම ටික යනකොට ආත්තම්ම අදත් කෑ ගහන්න ගත්තා
දන්නෙ නෑ.. ඇයි කියන්න... හිතට හරි අමුතු හැඟීමක් ඒ සිංදුව මට ගෙනාවා...සමහරවිට මගේ නම ඒකට තියෙන නිසාම වෙන්නත් ඇති..
සෝනු..
ඇයි අප්පච්චි...
දැන් උබේ කල වයසත් හරි නේ ද?
අපි උබට කසාදයක් කතා කරල තියෙන්නෙ...
හෙට එනවා..
ලෑස්ති වෙයන්අප්ප්...
හ්ම්ම් හ්ම්ම්...තීරනේ වෙනස් වෙන්නෑ... හෙට ලෑස්ති වෙයන්...
හැමදාම එහෙමයි...
කවදාවත් මට ආස දේ කරන්න කියන්නවත් මේ වලව් හතර මායිමකවත් මට ඉඩක් හම්බුනේ නෑ.. මම සැහැල්ලුවෙන් හිටියා නම් හිටියේ ඒ හීනෙන් පේන මනුස්සයා ළඟ...කවුද කින්ද මන්ද කාගෙද කියන්න දන්නෙ නෑ.. ඒත් මට ඒ මනුස්සයා හුරු ගතියක් දැනුනා..
මගේ හිත කිව්වෙම මේ මනුස්සයා ඇත්තටම ජීවත්වෙන කෙනෙක් කියලා.. කොහේ හොයන්න ද? මේ වලව්වෙ ඉන්නකම්..
ESTÁS LEYENDO
සෝනු
Fanficලැම මල් පුලුලුකුල වින්දේ දිවසින මට රහසක් ව නුබ මහදේ ගැවසින ඒ පති බැම්ම බින්ද කුමර දියසේන.... සෝනු බලන්