භූමී හිටියේ ටිකක් කලබලෙන්. පිටින් බැලුවට ලොකුවට නොපෙනුනත්, භූමී හිතින් නම් සෑහෙන්න කලබල වෙලා. ඒ ඇස් සැරෙන් සැරේට පාර දිහයි, ඔරලෝසුව දිහයි මාරුවෙන් මාරුවට බලනවා. අදත් හැමෝටම කලින් භූමී බෝඩිමෙන් පිටත් උනේ වෙනදා පිටත් වෙන වෙලාවටත් කලින්. ඇයි මෙච්චර කලබලයක්. භූමීගෙන් ඒ ගැන අහන්න කෙනෙක් හිටියෙ නෑ. ඇහුවත් ඕකට දෙන්න තරම් උත්තරයක් භූමී ලඟ ඇත්තෙත් නෑ.
ඊයේ මෙතන පාර්කින් එකේදී භූමී අතින් අතඇරුන මල් බොකී එක දැන් පේන්න නෑ. සමහරවිට කවුරුහරි අහුල ගන්න ඇති. නැත්තම්, පිරිසිදු කරන අය, කුනුගොඩකට දාලා වෙන්නත් පුළුවන්. අතඇරිච්ච මල්පොකුර භූමීට මතක් උනාද. ඒ ගැන භූමීට දුකක් දැනුනද. කවුද දන්නේ. මේ වෙලාවේ භූමීගේ මුණේ පැහැදිලි හැඟීමක් කියවගන්න බෑ. ඒත්, භූමීගේ ඇස් කලබලෙන් පාර්කින් එකට එන වාහන දිහා බලනවා.
එයාගේ ඇස් කාවහරි හොයනවා."භූමී"
නොදැනීම තත්ත්පර විනාඩි ගෙවෙද්දී, භූමී හිටියේ නොඉවසිල්ලෙන්. ඒත් එයාට පිටිපස්සෙන් ඇහුනේ එයා බලාපොරොත්තු වෙච්ච හඬ නම් නෙවෙයි."නිශා"
භූමී එයාගේ හිස් බැල්මෙන්ම ඒ හඬ ආපූ දිහාට හැරුණා." ගුඩ් මෝර්නින්ග්.. මං උදේ වැඩිද.. නැත්තම් ඔයා කලින්ද.." නිශා ඇහුවේ හීන් සීරුවේ.
" මං කලින් " භූමී කෙටි උත්තරයක් තිබ්බා. නිශාගේ මූණේ ලස්සන හිනාවක් ඇඳුනා. භූමී කලින් ආවේ එයාව මුණගැහෙන්න කියලා කෙල්ලගෙ හිත කෑ ගහලා හිනා වෙන්න ගත්ත නිසා.
" භූමී ඊයේ...."
"ඊයේ මට ඇත්තටම සමාවෙන්න නිශා. මං මෙහෙටම ආවත් කිව්වා වගේ මට හදිස්සි වැඩකට යන්න උනා. "
" මොකක්හරි ප්රශ්නයක්ද භූමී. මට ඔයාට උදව් කරන්න පුළුවන්ද"
නිශාගේ ඇස් කලබලෙන් භූමීගේ ඇස් වලට එබිලා අහද්දි භූමී යන්තම් ගැස්සුනා..නිශා මෙච්චර කාලෙකට මොකක්දෝ ලෙංගතු හැඟීමක් අරන් ඇවිත් භූමීගේ හිතේ දොරවල් ඇරගත්ත එකම කෙල්ල. නෑ කියන්න බෑ. ඒ ලෙංගතු කමට කාටවත් නොකිව්වට භූමී, නිශාට ඒ හිතේ ඉඩ දුන්නා. ඇත්තටම ඊයේ නිශාගේ උපන්දිනේ සමරන්න භූමී හිතාගෙන හිටපු විදිහට නෙවෙයි ඒ දවස ගෙවිලා ගියේ. මේ ලෙංගතු බැඳීමට ස්ථිර නමක් දීලා, මේ මූණට හිනාවක් අරන් එන්න නේද ලෑස්ති වෙලා හිටියේ කියලා පුංචි පසුතැවීමක් භූමීට දැනුනා. ඒ වෙනුවට ඊයේ මොනවද ඒ සිද්ධ උනේ කියලා භූමී මොහොතකට කල්පනා කලා. ආයෙමත් නිශාගේ ලස්සන ඇස් දිහා බලාගෙන කෙල්ලගෙ කඩා හැලෙන කොණ්ඩේ යන්තම් අවුස්සලා දාපූ භූමී එයාගේ බෑග් එකෙන් මොනවදෝ හොයන්න ගත්තා..
YOU ARE READING
Glacier - ග්ලැසියර්. ( Sinhala BL Novel )(ongoing)🔞
Non-Fictionඅරුණෝද්.. මහ පොළවේ එක පාළු සීතල අඳුරු ඉසව්වක, ග්ලැසියරයක් වගේ තනිවෙලා හිටියා. දරාගන්නම බැරි උනාම, ග්ලැසියර පවා දියවෙනවා..! ඒත් අරුණෝද්..,, හැඟීමක් දැනීමක් නැති රූකඩයක් ගානට සීතල මනුස්සයෙක් වෙලා හිටියා.. භූමී... මහපොළොව තරමට දේවල් දරාගන්න පුළුවන්...