පළමු පිටුව

11 1 0
                                    

"ඔයාට පුළුවන්ද දුවේ ඔච්චර ඈතක ගිහින් රස්සාව කරන්න?"

ඇදුම් බෑග් ටික ලෑස්ති කරගන්න අතරේ සුදු අම්මා කාමරේට ඇවිත් කාමරේ අයිනක තිබුනු පුටු සෙටිය ඉදගත්තෙ එහෙම අහන ගමන්.

"මොනා කරන්නද සුදු අම්මෙ? එහෙම තමයි මගෙ රස්සාවෙ හැටි..කට්ට කාලා ඉගෙන ගත්තේ මේක වෙනුවෙන්නෙ!"

අල්මාරියෙ ඇදුම් අස් කරන ගමන් මං සුදු අම්මට කිව්වෙ මේක ඉස්සර එයාගෙ වගේම තාත්තාගෙත් ලොකු ආසාවක් වුණ නිසා..තාත්තා එයාගෙ එකම දුවව හොද තැනකට ගේන්න එයා කාපු කට්ට මතක් කරන ගමන්..ඒත් දැන් එයාලත් කැමති නැ එයාගෙ දුවව ඈත් කරන්න..

"මං ගියහම ඔයාලට කනක් ඇහිලා ඉන්න පුලුවන් වෙයි නේද මගෙ කච කචෙන්"

ඇදුම් නවන එක පැත්තකින් තියලා මාත් සුදු අම්මාගෙ ඉස්සරහින් දණ ගහලා වාඩි වෙලා එයාගෙ උකුල උඩින් ඔලුව තියාගත්තෙ ආයෙමත් ඉස්සිලා මූණ දිහා බලන ගමන්..අනේ සුදු අම්මෙ ඔයාගෙ නිමක් නැති ආදරේ දාලා දුරකට යන්න මටත් ලෝභයි ඒත් මොනා කරන්නද..ලැබුණු රස්සාව භාරගන්න එපැයි.

"මගෙ කෙල්ලගෙ කච කච කවදද මට කරදරයක් වුනෙ.."

මගෙ පැත්තට හැරිලා මගෙ මූණ අත් දෙකට  අරගෙන කදුලු පුරෝගත්තු ඇස් දෙකින් බලාගෙන ඔහොම කියද්දි රස්සාවත් දමලා ගහලා ගෙදර ඉන්න හිතෙනවා සුදු අම්මෙ සත්තයි..අවුරුදු දෙකේදි අම්මා දාලා ගියාට පස්සෙ තාත්තත් රට ඉද්දි ඒ දෙන්නම නැතුව මාව මෙච්චර ලොකු කරපු ඔයා මට වටිනවා හැමදේටම වඩා...නිච්චියක් නැතුව මගෙ ඇස් වලිනුත් කදුළක් වැටුණා..

"හරි හරි..ලෑස්ති කරලා ඉවර වෙලා පල්ලෙහාට කන්න එන්න දරුවො.

සුදු අම්මා ඉක්මනට කාමරෙන් එළියට ගියා..එයාගෙ කදුලු දැක්කොත් මේ දුවගෙ හිතෙ හයිය නැති වෙනවා කියලා එයා හොදටම දන්න නිසා..තෙරුණා සුදු අම්මේ මට,කතා කරන ඇස් කියන කතාව..
සුදු අම්මෙ සුදු අම්මෙ කිව්වට ඔයා තමයි මගෙ අම්මා..තාත්තගෙ අම්මාට ආච්චිඅම්මා කිව්වට ඔයා මට හැමදාම "සුදු අම්මා"

කදුලු පිහදගෙන මම ආපහු නැගිටලා රෙදි ටික නවන්න ගත්තේ ඉස්සරහට මගෙ ජිවිතේ මොන වගේ වෙයිද කියලා හිතන ගමන් දිග හුස්මක් හෙලලා..

හෙට ගෙනියන සේරම ලෑස්ති කරලා පහලට ගියේ තාමත් දවල්ට කාලා නැති නිසා..

සුදු අම්මා කෑම ටික මේසෙටත් ඇරලා..ආසම දේවල්වලින් එන නහය කඩාගෙන සුවදට ගෙදර ඉන්නමයි හිතෙන්නෙ..ම්ම්ම්..කහ බත් උයලා ඒකටම ගැලපෙන කිරට හදපු පරිප්පුයි,පැනි පාටට තියෙන බටුමෝජුවයි,චිකන් ඩෙවල් එකට නැතුවම බැරි කට්ලටුයි පපඩමුයි බැදලා ආයෙ කවදා මේ අත් දෙකින් මේ කෑම වල රස බලන්න වෙයිද හිත හිත කෑම ටික බෙදාගෙන මේසෙට වාඩි වෙන ගමන් මං සුදු අම්මා දිහා බැලුවා.

"සුදු අම්මෙ"

"ම්ම් මොකද" මොනාදෝ කල්පනා කරන ගමන් බත් කටක් අනනවා..

"මන් ගියහම ඔහොම කල්පනා කර කර එහෙම ඉන්න එපා හරිද"

ටික දවසක ඉදන් නෝට් වුන දෙයක් කිව්වා..නැත්තන් කල්පනා කරලම ලෙඩ වෙනවා..

"අනේ හා චුටි නොනේ"
ඒ කිව්වහම කින්ඩියට වගේ එලියට පැනපු හිනාවනෙ දෙයියනෙ මෙච්චර දවසක් නොදැක්කෙ..ඔයා ලස්සනම ඔහොම හිනා වෙද්දි සුදු අම්මේ..



To be continued!

2024/10/27

දිව්‍යාංගනා Where stories live. Discover now