#Chapter 15
A/N
මෝල් එකේදී කෙහෙවලු පටලන් ආපු වෙලේ ඉදන් ජින් බර කල්පනාවක. වෙනදාට නම් ජින් ගෙදර ඉන්නවා කියන්නේ ඝන්ටාරයක් ගෙදර හයිකරා වගේනේ හැබැයි ඉතින් අද නම් හරිම නිශ්ශබ්දයි.. ලියාත් අප්පා වටේ කොච්චර කැරකුනත් ජින්ගේ අවදානය ගන්න බැරි වුණා. දෝ යුන්ට වුණත් ජින්ගේ නිහැඬියාව අමුතු හැගීමක් ගෙනත් දුන්නා.
Tv එකේ නිව්ස් දාන් සෝෆාඑකට බරවෙලා ඉන්න ජින් ලගින් දෝ යුන් ඉදගත්තේ නිව්ස් එකට අවදානය යොමුකරලා. ඒ වන විටත් දවසේ පුවත වෙලා තිබ්බේ මෝල් එකේ ඇටෑක් එක . Tv තිරයෙන් ඇස් අරන් ජින්ගේ පැත්තට ඇස් යැව්ව දෝ යුන් නිහැඩියාව බින්දා.
Onni - නිව්ස්වලත් යන්න තරන් ලොකු ඇටෑක් එකක් වුනාද ජින්
Jin - හ්ම්ම්
ජින්ගේ උත්තරේ කෙටියි
Onni - මොකද ඔයා හුම්මිටි තියන්නේ .. ප්‍රශ්නයක් නම් කියන්න ජින් හිතේ තියන් ඉන්නෙපා ඔයා ඔහොම ඉන්න කෙනෙක් නෙවෙයිනේ
Jin - ප්‍රශ්නයක් තමා විසදන්න බැරි
ජින් කලේ දෝ යුන්ගේ දිහාට ඇස් යවපු එක
Onni - විසදුම් නැති ප්‍රශ්න මේ ලෝකේ නෑ ජින්. හැමදේටම විසදුමක් තියෙනවා. අපි විසදුම හොයන්න කලින් ප්‍රශ්නේ තේරුම් ගන්න එපැයි.
Jin - මන් සියෝව දැක්කා..
ජින්ගේ කතාවට දෝ යුන්ට අදහාගන්න බැරි වුණා වගේම හිතට අමුතු වේදනාවක් ගෙනත් දුන්නා..
Onni - සියෝ... ? එහෙම වෙන්නේ කොහොමද .. එයා ඉන්නවා නම් ටේ දැනටමත් එයාව හොයන්.
Jin - මට සියෝගේ ඇස් හොදට හුරුයි. ටේත් එක්ක ඩීල් එක කරන්න කොලබරේට් වෙලා තියෙන කෙල්ල දන්නවා නේද කියෝමි ඔය නිව්ස් එකෙත් ඉන්නේ.. එයාට තියෙන්නේ සියෝගේ ඇස්මයි ඒ කටහඬමයි බට් කෙල්ල මාස්ක් එකක් දාන් හිටියේ
Onni - එකම වගේ කටහඬවල් තියෙන කීදෙනෙක් ඉන්නවද
Jin - ඒක හරි ඒත් මං ඒ කෙල්ලට නිකමට සියෝ කියලා කතාකරා කෙල්ල ස්ටක් වුණා ඒත් මොකුත් නොවන ගානට ආපහු හැරිලා ගියා අනික මට ඔප්පා කියලමයි කතාකරෙත් ..
YOU ARE READING
ᴛʜᴇ ᴘᴀꜱᴛ ʙᴇʜɪɴᴅ ᴜꜱ♡| KTH (on going)
RomanceEven if there is a drought at one time and everything is destroyed, when spring comes again, things will be as they were...🍃 This is the fate of Taeseo who had hoped that this story would end in a spring💗 NO TOPIC SEASON 2🌸 Sinhala ff❕ By YuChae♡