මෙහි එන සියල්ල මනඃකල්පිත වේ.
"මෙ මොන මගුලක්ද මෙ...සිහස් !!!!!! මෙහෙ වරෙන්..."
"මොකද ? "
"මේක මොකක්ද ? "
"මොකක්ද ? "
"බලපන්..."
උදෙ පාන්දරම ලෙටර් බොක්ස් එකෙ තිබ්බ ලෙටර්ස් වගයක් අරගෙන ආපු නෙවාන් ඒවා කියවන්න ගත්තා වගේම ඒ ගොඩ තිබිලා කීයටවත් බලාපොරොත්තු උනෙ නැති විදියෙ ඉන්විටේශන් ලෙටර් එකක් තිබ්බා...
නෙවාන් ඒක සිහස්ට දීපු සැනින් සිහස්ගෙ ඇස් රතු උනෙ කේන්තියටමයි...තිබ්බ කේන්තියටම එ කොලෙ සිහස්ගෙ අත් වලට පොඩි උනා වගේම...
"උබ සිරාවට ආයෙ- "
"පිස්සුද උබට ? මේක කරපු එකා මොකාද කියලා මම දන්නවා..."
"උබ කොහෙද ඔය යන්නෙ...නැවතියන්...මාත් එනවා..."
සිහස් එ සැනින්ම බයික් එකට ගොඩ වෙලා අදාල පුද්ගලයාව හොයාගෙන යන්න උනා...
"උබ මොකද මෙ උදෙන්ම studio එක පැත්- ඒයි...මොකද මෙ...යාත්‍රව අතෑරපන්..."
සිහස් studio එකට එද්දි හිටියෙ ලියාත්‍රයි තෙහසුයි විතරයි...සිහස්ගෙ හිතෙ තියෙන්නෙ කේන්තියක් විතරමයි...එයා පසුතැවෙනවා වෙරි මතෙ කියවපු දේවල් ගැන...මෙ තරහට හේතුවත් ඒකමයි...
කොටින්ම කිව්වොත් එයා මෙ ලියාත්‍රව හම්බ වෙන්නෙත් සතියකට පස්සෙ...ප්‍රැක්ටිස් වලටවත් අඩුම සෙනසුරාදා ඉරිදා hotel එකෙ play කරන්නවත් සිහස් ආවෙ නෑ...අනිත් කොල්ලො ටිකනම් සිහස්ගෙ මෙ වෙනස නිසාම ඌව හොයාගෙන සිහස්ගෙ ගෙදරට ආවත් සිහස් නෙමෙ දොරවත් ඇරියෙ...ඒ කිසිම වෙලාවක හැබැයි කට්ටියත් එක්ක ලියාත්‍ර නම් ගියෙ නෑ කිව්වොත් හරි...
හිතෙ තියෙන පසුතැවීම දරාගන්න බැරි කේන්තියක් උන තැන ස්ටූඩියො එකට කඩාපැන්න හැටියෙ සිහස් ලියාත්‍රගෙ බෙල්ලෙන් අල්ල ගත්තා කිව්වොත්...සිහස්ගෙ ඇස්...ඒවා කේන්තියෙන් දිලිසෙනවා...ලියාත්‍රට නම් එ අත් වලින් ගැලවෙන්න ඕනෙ නැති ගානයි...
තෙහස්ට වෙන දෙයක් හිතා ගන්න බැරුව සිහස්ගෙ අත් වලින් ලියාත්‍රව බේර ගන්න දගලනවා...
![](https://img.wattpad.com/cover/378724388-288-k827913.jpg)
YOU ARE READING
එයිට් | Eight | COMPLETED
No Ficciónඅයිතියක් නැති තැන මම රගන්නෙ නෑ...ඒ වගේම අයිතියක් තියෙන තැන රගන්න දෙපාරක් හිතන්නෙත් නෑ... -ලියාත්‍ර තේමිදු රොද්රිගෝ- . . . start - 13 oct. 2024 End - 10 Dec. 2024