"ජන්ග්කුක්...... මෙහෙ එනවා......"
ජින් පහල ඉඳන් ගේ දෙවනත් වෙන්න කෑගහලා මේ අඬගහන්නෙ උඩ තට්ටුවෙ ගොරෝ ගොරෝ නිදාගෙන ඉන්න ජන්ග්කුක්ගෙ නම ජප කර කර..
කොච්චර කතා කලත් ජන්ග්කුක් නැති තැන ජින් අතට අහු වෙච්ච කොස්සත් අරන් විදුලි වේගෙන් පඩිපෙළ නැග්ගෙ ජන්ග්කුක්ව හොයන්..
"ජන්ග්කුක්..... නැගිටිනවා..... කිව්වම නැගිටිනවා ඉතින්......"
"ම්හ්ම්... ගුම්මෝනින් හ්යුන්ග්.. ඇ- ආව්ව්ව්ව්ව්....."
ජන්ග්කුක් ඈලි මෑලි කඩ කඩ ජින්ට ග්රීට් කලත් අනිත් අතට ජින්ගෙන් හම්බ උනේ නම් පස්ස රත් වෙලා යන්න කොහු මිටි පාරක්..
"ආව්ව්ව්???? ආව් නෙවෙයි මං සැරයකුත් කිව්වා ජන්ග්කුක් දොර ගාව ශූ රැක් එකේ අර ඔහේගෙ මඩ මිදිච්ච බූට් දෙක තියන්න එපා කියලා.... කොච්චර කිව්වත් එපා කියන එකම කරන්නෙ අම්මප ඔහේට මොලයක් නැද්ද පොඩි එකෝ..."
"අනේ හ්යුන්ග් මං ඒක අයින් කරන්නනෙ හිටියෙ උදේ.. ඊයෙ රෑ වෙලානෙ ආවෙ මං ඉතින් එහෙමම තිබ්බා හුහ්.."
"ආ.... ඔය කියන්නෙ ඔය කියන්නෙ.... ජන්ග්කුක් මේ මං විහිලු කරනවා නෙවෙයි තමුන් මහ රෑ වෙනකන් අර දඬු මොණරෙ නැගලා කරක් ගහන එක අද ඉඳන් නවත්තන්න ඕන... ඔයා ඕවර් යනවා ජන්ග්කුක්...
බයික් එක දුන්නත් හරි ඔයා දැන් වෙනස් වෙලා.."ජින් මුලදි කෑගහලා අන්තිම හරිය කතා කලේ කනස්සල්ලෙන්.. දුකෙන්..
ජන්ග්කුක් බලාගෙන ජින්ගෙ මූණ වෙනස් වුණ විදිහ..ඇත්ත තමයි වද දීලා දීලා ජන්ග්කුක් බයික් එකනම් ආපහු ඉල්ල ගත්තා.. ඒ එක්කම ජන්ග්කුක්ගෙ දින චරියාවත් වෙනස් වෙලා..
කාලෙකින් බයික් එක හම්බ උන නිසා ජන්ග්කුක් කොයි වෙලේ බැලුවත් ඕක උඩ නැගගත්ත ගමන්..
ගෙදර එන්නෙ මහ රෑ වෙලා..ජන්ග්කුක් කල්පනා කලා..ඇත්ත ජන්ග්කුක්ටත් තේරෙනවා තමන් ඕවර් ගියපු බව..
ජින් දුකෙන් ඉන්නවා දැකලා ජන්ග්කුක්ට ඊට වඩා දුක හිතුනා.. තමන් එක්කම තරහක් ජන්ග්කුක්ට දැනුනා..ජන්ග්කුක් කරබාගෙන ඉඳලා ඔලුව උස්සලා බැලුවෙ ජින් දිහා..
තාමත් ජින් ජන්ග්කුක්ගෙ ඇඳ කොනකින් වාඩි වෙලා කල්පනාවක.. ඒ ජන්ග්කුක් ගැන.