කුස්සියට අමාරුයි..🌻💛
01 කොටස" පරක්කුයි මලී.. ඉක්මන්ට පිටි එක ගේන්න.."
තෙනුර කළු පැහැ දිගු කලිසමට සුදු පැහැ කමිසය යට කරමින් කෑ ගසන්නේ මුළුතැන්ගෙයට වී තවමත් ආහාර පිසිනා ඔහුගේ බිරිඳටයි..
" ආහ්.. මෙන්න.. "
දිගු සායෙන් අත් පිසිනා ගමන්ම ඔහුට මග් එක දුන් ඈ නැවත මුළුතැන්ගෙයට දිව යන්නට වුනේ ඉක්මනින් ඔහුට ගෙන යාමට බත් මුලක් බදින්නටයි...
කාර්යබහුල උදෑසන දැන් ඇයට හුරුයි.. තෙනුරගේ නිවාඩු දිනයන්ටත් ඈ කාර්යබහුලයි.. මන්ද දරුවන්ට පන්ති වලට ගෙන යන්නට ආහාර පිස දිය යුතුයි...
විටෙක දරුවන් නිවාඩු ගත්තත්, තවත් විටෙක සැමියා නිවාඩු ගත්තත් ඇයට කොයින්ද නිවාඩු..
සුසුමක් හෙලමින් ඈ ඔහුටත් දරුවන්ටත් බත් පාර්සල් බෙදන්නට වත්දි යළිත් තෙනුර කෑ ගසන්නට විය...
ඉතින් යළිත් ඈ ගමනේ..
" ඒ පාර මොකද.."
" මං පිටි ඉල්ලුවෙ.. "
ඔහු කණ්ණාඩිය දෙස බලා ගෙන කොණ්ඩය පීරමින් පැවසුවේ අසල මේසය මත වූ තේ කෝප්පය පෙන්වමින්..
"පිටි නෑ.. "
" ඉවර වෙලාද.. "
" හ්ම්.."
" දරුවොන්ට.. "
" පිටි ඕන නෑ තෙනුර.. ඒවා ඇගට හොදත් නෑනෙ.."
" හ්ම්... මිදි තිත්තයි තමයි.. උදේට පිටි එකක් නැතුව නිකන් මොකද්ද වගේ ඕයී.. "
" දැන් ඕක බොන්න.. හෙට උදේට කොළ කැඳ එකක් හදන්නම් මං.. "
" අපරාදෙ තමුසෙගෙන් දොවා ගන්නවා මං දන්නවා නම් ඊයේ රෑම.. "
" අනේ මේ... "
ඈ ඔහුට ගස්සමින් මුළුතැන්ගෙය වෙතට ඇදුණි..
" මොනවද අද.."
තෙනුර විමසන්නේ ඇගේ අතැති බත් මුල ඔහුගේ කාර්යාල බෑගයට දමා ගන්නා අතරේයී..
" දෙල් කිරට හදලා ලුණු මිරිසක් එක්ක ඇති.."
"හාල්මැස්සෙක් වත් නැද්ද.. "
ඔහු මුහුණත් පුළුටු කරන් විමසන්නේ මදි පාඩුවක් විලසිනි..
" හාල් මැස්සො මං මවන්නද තෙනුර.. පරක්කු වෙනවනෙ.. යන්න.. ගිහින් එන්න පරිස්සමට.. "
" මේ ජොබ හරියන් නෑ මලී.. එක්පීරියන්ස් එකත් එක්ක වෙන එහෙකට ට්රයි කරනවා මං.. නැත්තන් පොඩි උන්ට කිකිළිගෙ බිත්තරයක් කවනවා කියන්නෙ රත්තරං බිත්තරයක් කවනවා වගේ දැනෙයි.."
" මොකක් හරි කරමු තෙනූ.. මාත් මොනවා හරි කරන්න බලනවා ගෙදර ඉදන්...බඩු මිල ඉහළ ගියාට පඩිය වැඩි කරන් නෑනෙ ඉතින්.."
ඔහු බයික් එකෙහි යතුරත් උඩ දමමින් ගෙතුළින් එළියට බසින්නට විය..
" මං යනවා එහෙනම්. පොඩි එකාව මොන්ටිසෝරි දාන්න ට්රයිෂො එකකවත් යන්න.. මං ස්කූටිය ගෙනියනව.. පරක්කුයි.. "
" හරි හරි.. මං බස් එකේ යන්නං.. ට්රයිෂො වල යන්න ගියොත් මාව විකිනේවි..
යන ගමන් තෙල් ගහන් යන්න හොදද.. නැත්තන් මග නතර වෙලා තල්ලු කරන් යන්න තමා වෙන්නෙ ඔයාට.. "
එයට නම් ඔහුගේ මුවද ඇඹුල් විණි..
" මොකද්ද ඕයි තමුසෙ තෙල් ගැහුවෙ නැද්ද.. තමුසෙත් මගේ පොකට් එකට විදින්නමයි බලන් ඉන්නෙ..
කුණු ලෝභී.......... "
බයික් එකෙන් ගේට්ටුව තෙක් යමින් ඔහු බෙරිහන් දෙන්නට වුනේ ඇගේ මුවඟට සිනාවක් ගෙනෙමින්..
" අම්මි.. අයිස් චොක් එකක් අලන් දෙන්නතො.. "
චූටි බෑග් පුංචක් කරේ එල්ල ගෙන පැටියා කඩයක් දෙසට අතක් දිගු කරමින් මලී ගෙන් ඉල්ලන්නෙ ඇගේ සායෙන් කඩේ දෙසට යන්නට අදිමින්..
" හා යංකො.. "
සුසුමක් හෙලමින් ඈ යන්නෙ තෙනුරගෙ පඩිය ලැබෙන්නට තවත් සතියක් පමණ තිබෙන නිසායී...
කෙසේ හෝ එතෙක් අතැති මුදල් පරිස්සමින් පරිහරණය කළ යුතුයි...
නැත්නම් තෙනුර කාගෙන් හෝ අත මාරුවක් ගන්නට සිදු වේවී..
ණයක් ගන්නට හැකි වුවත් මලී අකමැතියි තෙනුර මිනිස්සුන්ගෙන් ණය ඉල්ලන්න යවන්නට..
ඈ උපරිම උත්සාහ කරනවා ඉන් වැළකී ඉන්නට..
" අම්මි තොකෝ එකක් ඕනි මට.. "
" අපොයී.. මේ චොකෝ එක රුපියල් සීයකටත් වඩා වැඩියි පුතු.. මේ සෝස පාට එකෙන් ගමු... හොදද ... ඒක රසයිනෙ.. අම්මිත් ආසම ඒකට.. "
" අනේ... මට අලං දෙන්නකො... "
පුතුගෙ නාහෙන් ඇඬිල්ලට ඈ තරවටු නොකාම උත්සාහ කලේ කෙසේ හෝ මේ අවස්ථාවෙන් ඔහුගේ සිත නොරිදෙන්නට කටයුතු කරන්නටයි...
" මගේ පුතු මේක ගන්න කැමති නම් දවල්ට අක්කත් ආවම අපි තැඹිලි කඩන් බොමු...
මොකද කියන්නෙ.. "
" ම්...... හා එහෙනං.. අක්ක පවුනෙ.. එයාතයි මතයි තැපිලි දෙන්න ඒනං.. හැබැයි මේ සෝස එකක් මත ඕනි.."
චූටී ඇගිල්ලක් කටේ ගසා ගෙන ඔහු හුරතල් වදන් පවසන්නෙ අනෙක් අතින් ඇගේ සුළගිලක්ද අල්වා ගෙනයි..
" ම්ම්ම්... මගෙ හොද පැටියා.. "
༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎☾︎♡︎☽︎༒︎
" මං කම්පැනි තුනකට ඇප්ලිකේශන් දැම්මා සුදු නෝනා.. "
" හ්ම්ම්.. ඒක හොඳයි... ඔයාගෙ එක්ස්පීරියන්ස් එකත් එක්ක වැඩේ හරි යයි..
මාත් කල්පනා කරේ කෑම මොනව හරි හදලා කඩේකට දාන්වද කියල.. "
" වැඩේට වුවමනාව තියෙනව නම් කඩේටම ඕන නෑ බං.. මේ ගෙදර ඉස්සරහ තියල විකිණුවත් විකිනෙනවා.. "
" ඒත් අනේ මේ වටපිට ඉන්න අය ගනීද.. "
" ගනී ගනී.. ඔයා වැඩේ කොලිටියට කරන්න.. හිතල බලන්න මේ හරියට වඩාත් ම ගැලපෙන්නෙ මොනාද කියල..
පාන්දර පොඩි උන්ට ඉස්කෝලෙ ගෙනියන්න වගේ කෑමද.. නැත්තන් රෑට මොනව හරි හදන එකද.. ඒ වගේ හිතල බලන්න.. පස්සෙ ටික ටික දියුණු කර ගන්න ක්රමත් බලමු.. "
" හ්ම්ම්.. මං තාම එච්චර හිතුවෙ නෑ.. තව මං හිතුවා හැබැයි මල් පැළ විකුණන්න.. වැඩේ හොදයි නං නිවාඩු දවස් දෙකේ වරුවක් විතර පාරට ගෙනිහින් විකුණන්නත් පුළුවන්නෙ..
තව මොන්ටිසෝරියෙ අම්මල මාත් එක්ක ෆිට් නිසා පොඩි ප්රචාරණයක් සෙට් එක අස්සෙ දුන්න නම් ඒම විකුණන්නත් පුළුවන්.. අනික වියදම් ගොඩක් අවමයි නෙ මේ වැඩේ දි.. "
" ඒක තමයි.. ඔයාට ඒක ලේසියෙම්ම පටන් ගන්න පුළුවන් සුදු නෝනා.. කොහොමත් ඔයා වවනවනෙ.. මල් පැල විතරක් නෙවි.. එළවළු පැළ පළතුරු පැල උනත් හොඳයි...
හොඳ මාකට් එකක් හදා ගන්න පුළුවන් ඔයාට.
තව ඔයා පැල විකුණත්දි කියන්න මේකට වැඩිය අවුව වැටෙන එක සුදුසුද නැද්ද.. මල් වර්ග ගෙඩි වර්ග ගහේ හැදෙන එක වැඩි කර ගන්න කරන්න පුළුවන් දේවල්..
පොහොර වර්ග ගැන .. ඊට පස්සෙ කොම්පෝස්ට් හදන හැටි.. ඕවා ටිකක් කියල දෙන්න.. ඔයාගෙ විශේෂත්වයක් තියා ගන්න පැළ විකුණද්දි... "
ඇගේ මුවේ සිනාවක් මතු වූයේ ඔහුගේ අදහස් ගැන තෘප්තිමත්වයි..
" ඒ වැඩේ මරු අනේ... ඔයා නම් සෝයි අප්පා.. උම්ම්ම්ම්මා.."
තෙනුරගේ ගෙල වටා අතක් යවා අනෙක් අතින් ඔහුගේ මුහුණ අල්වා ගෙන ඈ ඇගේ මුව ඔහුගේ කම්මුලකට තද කලේ ඔහුට රිදෙන්නමයි..
" ඒහ්.. තමුසෙටත් පුදුම දැගලිල්ලක් ඕයි තියෙන්නෙ.. වෙලාවකට හපනවා. වෙලාවකට අයිනවා.. නැත්තන් කොනිත්තනවා.. යාළු වෙන්න කලින් නම් මූණ උස්සල බැලුවෙ නෑ.. මැට්ටි.. "
ඉතින් ඈට නම් සතුටුයී.. නොකීවාට ඔහුටත් සතුටුයි... ඔහුත් ආසයි ඇගේ දගකාරකම් වලට..
" හෙටම මං වැඩේ පටන් ගන්නව තෙනූ.. වැඩේ සක්සස් වෙනවා කියල මට විශ්වාසයි.. "
" ම්ම්හ්.. ගුඩ් ගර්ල්.. ඔයාගේ අරමුණට වැඩ කරනවා වගේම අනිවාර්යයෙන්ම හොද විශ්වාසෙකුත් ඔයාගෙ හිතේ තියෙන්න ඕනා..
නෙගටිව් හිතන්න ගියොත් ඔයා කොච්චර මහන්සි උනත් වැඩේ ගොඩ දාන්න බෑ.. ඒ නිසා හැම දෙයක් ගැනම පොසියිව්ලි හිතන එක වැදගත් ගොඩක්.. "
" හ්ම්ම්.. හාකෝ.. දැන් නිදියමු ඔයාගෙන් නිදි මත බේරෙනවා. මේ."
ඇය ඔහුගේ ඇසකට අනින්නට මෙන් ඇගිල්ලක් ගෙනයමින් පවසත්දී නැවත තෙනුර ගේ මුව ඇදව යත්දී ඉක්මනින් ඔහු ඇගේ සුරත ඔහුගේ දෑත් අතරට ගන්නට විය...
ඈ දසන් සියල්ල පෙන්වමින් ඔහුට සිනා වෙත්දී ඔහු ඈව තම ගත මතට ඇද ගත්තේ විටෙන් විට ඈ කරනා සුරතල් වැඩ හමුවේ පිබිදෙන හැඟුම් නිසායී..දෙවන කොටසින් හමුවෙමු..
අදහසක් ඉතිරි කර යන්න..❤️
✍️ Hiroo Hewage
![](https://img.wattpad.com/cover/382778514-288-k842356.jpg)