අදත් ඉතින් සුපුරුදු පරිදි උදේම නැඟිට්ටේ මගේ චූටි බිම් බෝම්බෙ උදේ 7 විතර ඉඳලම පුපුරන්න ගත්තු නිසා..
"මොකද මනුස්සයෝ උදේ පාන්දරම කෑ ගහන්නේ.. උඹට නින්ද යන්නේ නැද්ද හරියට..අනිත් කාමරවල ළමයිනුත් ඇහැරිලා ඇති තොගෙ කටේ සද්දෙට..😑😒"
"අපි නම් දැන් ඇහැරිලා ගොඩක් වෙලා චූටි..ඔයා විතරයි නැඟිටින්න ඉන්නේ.. ඔයත් ඉක්මනට නැඟිට්ටොත් හොඳයි.."
මම ඇදේ ඉඳගෙන ඇස් දෙකත් පොඩිකරකර ප්‍රාර්ථනාට කෑගහද්දි මට ඇහුණේ හංසිගේ කටහඬ. මට ඒ වෙලාවේ තමයි මතක් වුණේ අද අපි එළියට යන්න කතා වුණා නේද කියලා. මම එහෙමම ඉක්මනට නැඟිටලා වොෂ් එකක් දාගෙන ඇඳුමකුත් ඇඳගෙන එළියට ආවේ ප්‍රාර්ථනා තේ ගෙනාවා කියලා කෑගහද්දි. මම එහෙමම ප්‍රාර්ථනාගේ අතින් තේ එකත් අරගෙන එහෙමම ඇඳෙන් වාඩි වුණේ දැන් අපි යන්නේ කොහෙද කියලා අහනගමන්.
"මම නම් කියන්නෙ අපි One Galleface ගිහින් එහෙමම ටිකවෙලාවක් Galleface එකේ ඉඳලා එමු."
ඒ යෝජනව නදූගෙන්.."ඒකත් හොඳයි..සීතා මොකද කියන්නේ..? "
ප්‍රාර්ථනා ඒ අදහස හොඳයි කියනගමන්ම සීතාගෙනුත් ඇහුවේ එයා ගොඩ වෙලාවක ඉඳලා මොනවාහරි කියන්න try කරනවා වගේ තේරුණ නිසා."When I came back from the bakery course yesterday I saw a poster about a carnival. The carnival has started on Monday.It has four days.හෙට තමා ඉවර වෙන්නෙ. I was going to say let's go to that carnival . හැබැයි නුගේගොඩ තමා තියෙන්නේ. "
" හ්ම්..ඒකත් හොඳයි හැබැයි..One Galleface නම් අපිට ඕනි දවසක යන්න පුළුවන්නේ.. Carnival හැමදාම නැහැනේ..අපි එහෙනම් Carnival එකට යමු. "
ඉතින් හැමෝම එකඟ වුණාට පස්සෙ අපි carnival එකට යන්න තීරණය කළා. උදේ ඉඳලම ඒකේ Food Festival එකකුත් තියෙනව කියලා කියපු නිසා අපි වෙන කොහෙවත් නොයා කෙලින්ම carnival එකට යන්න තීරණය කළා.
_________
Intro
_________*Hansi*
මම හංසනී ප්‍රසාදී කුලසේකර. මට ඉතින් වයස 16. මට අයියා කෙනෙක් ඉන්නවා. එයාගෙ නම නෙතුල ප්‍රසාද් කුලසේකර. එයා Navy එකේ ඉන්නේ. දැන් වයස 23 ක්. මගේ තාත්තාත් Navy එකේ හිටියෙ. තාත්තා 2008 දී ඒ කියන්නේ මම ඉපදිලා අවුරුදු 2කින් නැතිවුණා. තාත්තා නැති වුණේ යාපනේ ඉන්නකොට යුද්ධෙන්. මගේ අම්මා අවුරුදු 4ක් තිස්සේ Paralyse වෙලා ඉන්නේ. අම්මා Paralyse වුණේ car accident එකකින්. අම්මාව බලාගන්නේ පුංචි. ආච්චියි සීයායිත් අම්මා ළඟ ඉන්නවා. අයියා හැම මාසෙකම Salary එකෙන් කොටසක් අම්මාට එවනවා. මගේ ගෙවල් රත්මලානෙ.
YOU ARE READING
සත්සරණි 💕
No FicciónMn description liyanna danne nehe lamaii..💔 Ee nisa kathawa kiyawalama balanna 🙂