1 කොටස

30 3 11
                                    

එකක් දෙකක් වලාකුළු අහසේ තිබ්බාට මොකද අහස අද හරිම පැහැදිලී. හරියට මම වගේ එකක් දෙකක් ප්‍රශ්න මගේ ජීවිතේට තිබ්බාට මගේ මූනේ හිනාව හරිම පැහැදිලි. මෙහෙමයී මගේ හිනාව විතරයි පැහැදිලි ජීවිතේ නම් පැහැදිලි නෑ නොගැලපෙන උපමාවක් නේ මම මන් ගැන කිව්වේ ඒත් ඒක ඇත්තනේ...
මම ආසයී හිනා වෙන්න නිකන්ම නිකමෙක් වගේ හිනා වෙන්න නෙමෙයී මේ අහස වගේ පැහැදිලියට හිනා වෙන්න ඕනේ.

අද ටිකක් රස්නි දවසක් නිසා මම  වෙනදා වගේම ගියේ ගෝල් ෆේස් එක ඉස්සරහා තිබ්බ රියෝ අයිස් ක්‍රීම් කඩෙට .
මෙතන ගොඩක් නිදහස් තැනක් කාගෙන්වත් කරදරයක් නෑ.
මම කෙලින්ම ගියේ ඕඩර් එක දාන්න කැශියර් එකට .වෙනදාවගෙම තමයි මෙක මගේ සුපුරුදු දින චර්යාවක් .

" මිස් විහගි good evening "

" Good evening ශාලිකා කෝ අද වෙනුර නැද්ද "

" අද එයා ඕෆ් එකක් අරන් ගමේ ගියා "

" ආහ්හ්හ් මට - "
මම කියන්න යද්දිම මෙන්න මේකි මැද්දට පැනලා කිව්වේ නැතෑ . ඔව් ඉතින් එහෙම් වෙන්න එපැයී හැමදාම ඕඩර් කරන්නේ ඕකනේ .

"කැරමල් අයීස් ක්‍රීම් නේ "

ශාලීකා ඇස් වලින් හිනා වීගෙන මගෙන් ඇහුවේ ඕඩර් එක දාන ගමනුයී.

" හැව්ව් හැව්ව් එව්වා තමයී "

මමත් පර්ස් එක බෑග් එකෙන් ඇදලා අරන් බිල් එකත් පේ කරලා ඕඩර් එක ගන්න අයීස් ක්‍රීම් බාර් එක ලගට ගියා. ශාලිකා දීපු රිසිට් එකත් පෙන්නලා මම තඩි හිනාවකුත් අපේ අයීස් ක්‍රීම් සේව් කරන කොල්ලෝ දෙන්නට දාලා කෙලින්ම බදලා අයිස් ක්‍රීම් බෝල් එක තියපු ට්‍රේකත් අරගත්තා. ඊට පස්සෙ  එතන තිබ්බ ග්ලාස් වෝල් එක පැත්තේ ටේබල් එකේ පුටුවත් ඇදන් වාඩි උනා.

මම මෙතනට හරිම කැමතී පුදුම නිදහසක් මෙතනින් දැනෙන්නේ. එතකොට මේ අයීස් ක්‍රීම් එක ඒක වෙනම ලෙවල් එකක් . වට පිට බල බල හිමීට කොටා බබා කද්දී වෙලාවත් ගිහින් නොදැනීම.

 වට පිට බල බල හිමීට කොටා බබා කද්දී වෙලාවත් ගිහින් නොදැනීම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Nov 09 ⏰

Add this story to your Library to get notified about new parts!

𝐌𝐘 𝐂𝐀𝐑𝐀𝐌𝐄𝐋 | 𝐍𝐎𝐍𝐅𝐈𝐂𝐓𝐈𝐎𝐍Where stories live. Discover now