යෂ් හිටියෙ මූණ හෝදලා ඉවර වෙලා ග්ලාස් එක දිහා බලාගන. ටික වෙලාවක පස්සෙ ආයමත් දොර ඇරුම හින්දා එයා අවධානය දොර පැත්තට දුන්නා. ඒ අර කලු පාට ඇදපු , රතු පාටට හුරු දුඹුරු පාට ඇස්වල අයිතිකාරයා. යෂ් දන්න විදිහටනන් ඒ ෆුල්ෆේස් හෙල්මට්කාරයා. ලගට ආවට පස්සෙතමා හරියටම දැක්කෙ එයාට තියෙන්නෙ අමුතු ලුක් එකක්. රතු පාටට හුරු පාට ඇස් , එ ඇස් දෙක වැහෙන්න වැටෙන වගේම බෙල්ල ලගට තියන ස්ට්‍රේට් කොණ්ඩෙ , එක කනකට විතරක් දැම්ම කරාබුව කොල්ලාට ගෙනාවෙ සෙල්ලක්කාර පෙනුමක්. උසෙන් ගත්තොත් එයා යෂ්ට වඩා ටිකක් උසයි. පෙනුමෙන් රෂ්ගෙ ටයිප්.
" මිස්ටර් ආයුෂ් ෆනෑන්ඩෝ " ඒ කතා කරේ පිටිපස්සෙ හිටිය කෙනා. යෂ් කණ්ණාඩියෙන් බලලා ඇස්වලින් ඇයි කියලා අහන ගමන් දුන්නෙ කට කොනේ හිනාවක්. සමහරවිට යෂ් එයාව දැකලා තියනව. සමහරවිට නෙමේ කොහොමත් දැකල තියනවා. ගිය අවුරුද්දෙ බෙස්ට් බිස්නස්මන් අවෝඩ් එක හම්බුනේ එයාට. යෂ්ට එයාගෙ නමනන් මතක නෑ. ඒත් කොහොමහරි එයා දැන් යෂ්ව හොයාගන ඇවිල්ලනෙ.
" මගෙ contract එකක් තියනවා දැන් මාසෙකටත් ලගයි. ඒක සයින් කරන්න අදහසක් නැද්ද " ඒක කියනවත් එක්කම යෂ් ආපහු හැරුනෙ අර කට කොනේ තිබ්බ හිනාවට වෙනසක් කරන්නෙ නැතුව. යෂ්ගෙ ඉස්සරහ හිටිය කෙනාගෙ හිනාවත් ඊට දෙවනි වුනේ නෑ.
" පුළුවන්නන් එන්න හෙට අත්සන් කරන්නන් මිස්ටර් .... " එව්... කොච්චර රෙස්පෙක්ට් එකකින් කතාකරත් අර මනුස්සයගෙ නම දන්නැතුව අසරණ වුනානෙ. අනිත් කෙනාගෙන් හම්බුනේ හෙනම චාටර් උත්තරයක්. මෙහෙමත් කතා කරනවද ක්ලයන්ට් කෙනෙක්ට.
" ඔයාගෙ අලුත් ක්ලයන්ට් කෙනෙක්. පුදුමයි මාව දන්නෑ කීවම. මම ආරාෂ් යෂ්වින් මෙන්ඩිස් " ආෂ් එහෙම කීවෙ යෂ්ට අතට අත දෙන ගමන්. ඒත් යෂ්නන් කරේ අත් දෙක සාක්කුවට දාගත්ත එක.
" හරි මිස්ටර් ආරාෂ් , හෙට එන්න එහෙනන් "
" ම්ම්. තමුසෙගෙත් මාර කැටයන් නේද තියෙන්නෙ " ආෂ් ඒක කීවෙ යෂ් ටිකක් එයාට ගෑස් පෙන්නුව හින්දා.
" It's my style " යෂ්ගෙ ඒ උත්තරේටනන් ආෂ්ගෙන් හම්බුනේ කට කොණේ හිනාවක්. ඒක තමා යෂ් කැමතිම නැති විදිහ. එයාගෙ ඉස්සරහ කවුරුහරි කෙනෙක් ඔය විදිහට චැලේන්ජ් කරන එක.