" ඒ කියන්නෙ අයියෙ. ආරාෂ් මෙන්ඩිස් ඔයාව මීට කලින් ඉදන් දන්නවා " ආෂ් එලියට යනකන් බලන් හිටිය රෂ් එහෙම කියන ගමන් යෂ්ගෙ පැත්තට හැරුනෙ.
" ඒ කීවෙ "
" ඇයි මෝඩයෝ අතීතෙ අමතක කරන්න කීවෙ "
" එහෙමත් එකක් කීව නේද ? කවුද බං මේ ආරාෂ්. මූ මාව ලස්සනට පටලනවා. මාත් එක්ක අර ඩිල් මේ ඩීල් ගහමු ගගා නැටුවට මූ ෆෙරන්ස්ගෙ එකෙක්ද දන්නෑ "
" මං කොහොමද දන්නෙ. හොයලා බලපන් අයියෙ. ඒත් බං අයියෙ උඹව දාන්න ඊයෙ ගෙදරටමන් ගියානෙ. මූ ෆෙරන්ස්ගෙ කෙනෙක් නෙමේ. " එකට වැඩ කරන්න අනිත් කෙනාගෙ අතීතෙ ගැන දැනගන්න ඕන්නෑනෙ. බිස්නස් ෆීල්ඩ් එකට ඕනෙ දේවල් විතරක් දැන ගත්තම හොදටම ඇති. ඒ කියන්නෙ යෂ්ට මතක නැති වුනාට ආෂ් එයාව ගොඩක් කාලෙක ඉදන් අදුනන කෙනෙක්. ඒත් රෂ්ට එහෙම කෙනෙක් ගැන පොඩිහරි මතකයක් නෑ. පොඩ්ඩක් ඉන්න ඒත් යෂ්ට එක දෙයක් අමතක වෙලා තියෙන්නෙ. ආෂ් එයාට වඩා අවුරුදු තුනක් වැඩිමල් කියන එක. සමහරවිට මේ එක්ස් ගර්ල්ෆ්රෙන්ඩ් ශාක්යාගෙ අයියා වෙන්න බැරිකමකුත් නෑ.
යෂ් දැනන් හිටියෙ නිරෝධි ශාක්යා කියන නම විතරයි. ශාක්යා එයාගෙ පවුලේ විස්තර ගැන කියලා නෑ. ඒ වගේම තමා යෂ් අහලත් නෑ. අහන්න ගියෙ නැත්තෙ බයකට නෙමේ යෂ් ඕනම මනුස්සයෙක් පස්සෙන් ඕනැවට වඩා එලවන්නෙ නෑ. එයා කියනකන් බලන් ඉන්නවා කියලා හිතන් හිටියට ඒ යාලු වෙලා හිටිය අවුරුදු තුනටම ශාක්යා කිසිම දෙයක් කීවෙ නෑ. ඉතින් අන්තිමටම දාර සපත්තුවක් තියලා යනකන් යෂ් දන්නෙ නෑ. යනකන් නෙමේ ගිහිල්ලා අනිත් කොල්ලා එක්ක එනකන් යෂ් දන්නෙ නෑ. අන්තිම කාලෙ දෙන්නා වැඩිය කතා කරෙත් නෑනෙ. ශාක්යාව හිතෙන් අයින් කරන්න යෂ් නොකෙරුව දෙයක් නෑ. අන්තිමට බිස්නස්වලට අත ගහුවට පස්සෙ තමා අතීතෙ ටික අමතක වෙලා ගියෙත්. ඒත් සම්පූර්ණයෙන්ම නෙමේ. මොකක්හරි පොඩි දෙයක් වුන ගමන් ආයමත් උඩ මතු වෙන අතීතයක්. ශාක්යා හින්දා යෂ්ට නැතිවුන වටිනා දේ එයාගෙ හිනාව.
යෂ්ගෙ හිනාවෙ තිබ්බෙ අමුතු ලස්සනක්. එක පැත්ත වල ගැහෙන කම්මුල් , හිනා වෙනකොට එලියට පනින නළ දත් දෙක , හිනා වෙනකොට විතරක් හීනි වෙන ඇස්. එහෙම හිනා වෙනකොට අර තියන සෙල්ලක්කාර ගති කොහෙද කියලවත් හොයාගන්න බෑ. Cute පොඩි ලමයෙක් වගේ. ඒත් දැන් ආයුෂ් කියන්නෙම හිනාවෙන්න දන්නැති , බිස්නස්වලට විතරක් කොටු වුන , කොයි වෙලෙත් යකා වැහුන ගමන් ඉන්න සීතල චරිතයක්.