1 වන පරිච්ඡේදය

26 3 1
                                    

"ඕයි රෂියෝ! ඉක්මනට ඔය වැඩේ ඉවර කරලා වරෙන්කෝ..බඩගිනී ඕයි..!!"

"උබ කාපන්, මං මේ ලී ටික ගාලම එන්නම්.."

බඩගින්න වැඩි හින්දම මෝක්ෂ බත් එක ළඟ තිබුනු ලී බංකුව උඩ වාඩිවෙලා කන්න පටන්ගත්තා..රෂීන්ට නම් බඩගින්න ගානක්ම නෑ, විසිල් පාරකුත් ගගහා ආතල් එකේ සිංදුවක් කිය කිය කොල්ලා වැඩ..

"මේ බං උබ ඇයි මේ ලී මෝලේ වැඩට ආවේ..??"

මෝක්ෂ ඇහුවේ එයාට මේ සති දෙක තුනේම තිබුනු දැවෙනම ප්‍රශ්නය..ප්‍රශ්නෙ ඇහුවට මොකද රෂීන් නම් දත් තිස් දෙකම පෙන්නලා හෙන ගොං පහේ හිනාවක් දාලා ආයේ වැඩ ටික කරන්න පටන්ගත්තා..

"ඕයි, මං ප්‍රශ්නේ ඇහුවේ උබෙන්. කියපන්කෝ බං, මොකක්හරි අවුලක්වත්ද..??"

මෝක්ෂත් වැඩේ අතාරින්නෙම නෑ..එක අතකට ඌට එහෙම ප්‍රශ්නයක් ඇතිවෙච්ච එක සාධාරණයි..මොකද රෂීන් කියන්නේ මහ ලොකුවට නැතත් සාමාන්‍ය තරමින් සල්ලි බාගේ තියෙන පවුලක එකම ළමයා..එහෙව් එකෙක් මේ වගේ ලී මෝලක අත් උදවු දෙන්න එනවා කියන්නෙම හරිම විකාරයි වගේ දෙයක්..

"එහෙම මගුලක් නෙවෙයි බං..මං මේ පොඩි වැඩකට සල්ලි වගයක් එකතු කරනවා.."

එහෙම කියාගෙන රෂීන් ඇවිත් මෝක්ෂගේ එහාපැත්තෙන් වාඩි වුණා.

''ඔහොම්ම මටත් කවපන්කෝ, ආයි අත හෝදන්න කම්මැලි බං..''

මෝක්ෂ එයාගේ බත් එකෙන්ම රෂීන්ට කවන්න පටන්ගත්තා..

''මොකෝ කෑල්ලගේ වියදම් වැඩීද..?''

මෝක්ෂ ඒක නම් ඇහුවේ ටිකක් නෝන්ඩියට වගේ, මොකද කිව්වොත් රෂීන්ගේ girlfriend අමන්දි ගැන නම් මෝක්ෂගේ හිතේ කාලේ ඉදන්ම හැටි පැහැදීමක් තිබුනේ නෑ.. කාලේ ඉඳන්ම කිව්වට රෂීන් අමන්දි ප්‍රේම සම්බන්ධෙට තාම හරියට මාසයක්වත් නෑ..

දාර ස්නේහWhere stories live. Discover now