Epi 01

12 2 6
                                    

"ඩැඩී මාව මොකට එව්වද මන්දා මේ ලන්කාවට අනික මේ පරන  ගෙදරකට මන් මේකෙ ඉන්නෙ කොහොමද. අන්කල් ජූඩ්......."

"ඔව් සර් කියන්න"

"අපි දෙන්නට අද වැඩ වැඩිවෙයි වගේ මේ ගෙදරම අපි දෙන්නටනෙ සුද්ද කරන්න වෙන්නෙ"

"සර් ගිහින් වොශ් එකක් දාගන්නකො මන් කෑම මොනාහරි හදල තියන්නම් කන්න"

"okay ආ මේ මට සර් සර් කියන්න එපා පුතා කියන්න"

"හරි සර්.....ආ නෑ...පුතේ"

වයස අවුරුදු 22 ක් වුන ආයු ආකාශ් එයාට වයස අවුරුදු 10ක් වෙද්දී කොරියන් ගියා මේ වෙනකම් ජීවත් උනේ කොරියාවෙ ආකාශ්ගෙ තාත්තා තීරන කරනව ආකාශ්ව ලන්කාවට එවන්න ඒකත් එයාගෙ බිස්නස් වැඩ වලට ආකාශ්ගෙ තාත්තට ආකාශ් ගැනවත් හොයන්න වෙලාවක් තිබුනෙ නෑ එයාගෙ බිස්නස් වැඩත් එක්ක. ආකාශ්ගෙ අම්මත් ආකාශ්ට අවුරුදු තුනක් වෙද්දි නැති වෙනවා ඉතින් ආකාශ් පොඩි කාලෙ ඉදන්ම තනිකමට හුරු වෙලා හිටියෙ.ජූඩ් කියන්නෙ ආකාශ්ගෙ තාත්තා ලග වැඩ කරන කෙනෙක් ආකාශ්ගෙ තනියට වගේම ආකාශ්ගෙ වැඩ වලට උදව් කරන්න ආකාශ්ගෙ තාත්තා ජූඩ්ව ආකාශ් එක්ක ලන්කාවට එවනව ඒත් ආකාශ් කැමති නෑ ජූඩ්ව වැඩ කාරයෙක් වගේ තියාගන්න මොකද පොඩි කාලෙ ඉදන්ම ආකාශ්ගෙ තනියට හිටියෙ ජූඩ්

"පුතේ......එන්න කෑම කන්න"

"මේ එනව අන්කල්"

"දැනට මේ රාමෙන් එක කන්නකෝ මන් ඔයාට ලන්කාවෙ විදිහට මොනා හරි හදල දෙන්නම් රෑට දැන් හවස දෙකයිනෙ ඕක කාල හිමීට එන්න මන් එතකන් අස්කරන්න පටන්ගන්නම්"

"හරි අන්කල්"

ජූඩ් ගෙදර කොනක ඉදන් අස්කරන්න පටන් ගත්තා ආකාශුත් කාල ඇවිත් ජූඩ්ට ගෙදර අස්කරන්න උදව්කරා. ගෙදර තට්ටු දෙකක් තිබුන නිසා දෙන්නට ගෙදර අස්කරන්න පැය කිහිපයක් ගියා.වෙලාව රෑ 9.45 යි දැන් තමයි ගෙදර වැඩ ටික සම්පූරනයෙන්ම ඉවර කරේ

"පුතේ ටිකක් ඉන්න මන් දැන් කන්න මොනා හරි හදන්නම්"

"ලොකු ලොකු දේවල් ඕනෙ නෑ අන්කල් රාමෙන් එකක් හදල ගන්න ආයෙ උයන්න මහන්සි වෙන්න එපා හෙට උදේටම මොනා හරි හදන්න"

"හරි එහෙනම් පුතේ"

අන්කල් ජූඩ් කෑම හදාගෙන ආවා....

"අන්කල් ඔයත් කාල නිදාගන්න අපි දෙන්නා හෙට යමු ගෙදරට ඕන බඩු ටිකක් අරගෙන එන්න"

"හරි සර්..."

"මොකක් කිව්වා"

"නෑ නෑ පුතා"

"හරි හරි මන් යනව නිදාගන්න අන්කල් කාල නිදාගන්න හරිද මහන්සියිනෙ"

"හරි පුතේ"

"Good night අන්කල්"

"Good night පුතා"

ආකාශ්ගෙ රූම් එක තිබුනෙ දෙවෙනි තට්ටුවෙ ඉතිම් එයා දෙවනි තට්ටුවට ගියා ජූඩ් එයා යන දිහා බලාගෙන හිටියා

"මගෙම පුතා  වුනානම් කොච්චර දෙයක්ද...."

ජූඩ් ආකාශ් යන දිහා බලාගෙන තමන්ටම කියාගන්න ගමන් කිචන් එකට ගිහින් ඇවිත් කාලා එයත් නිදාගන්න ගියා....

මතු සම්බන්දයි 💫

අදුරු පියාපත් 🖤🪶Where stories live. Discover now