මන්ද්‍ර ස්වර 07
ඉතින්... දවස් හෙමීට ගෙවිලා යනවා. ආයෙම සතියක්ම ගෙවිලා ගියා. ස්වරගෙ කඩාපැනීම්, ස්වරගෙ දඟ වැඩ, තොරතෝංචියක් නැති කියවිල්ල එක්ක ගෙවෙන දවස් වල තමන් ජීවත් වෙනවා කියලා මන්ද්‍රව්ට ආයෙම දැනෙන්න අරන් තිබ්බා. කොටින්ම කීවොත් ස්වර කියන්නෙම මන්ද්‍රව්ගෙ හේබාවෙලා තිබ්බ ජීවිතේ අහුමුළු වලින් 'පාලුව' කියන දේ උදුරන් යන්න ආපු හොරෙක්!
"මටනම් වෙලාවකට ඔයා එක්ක තරහත් එනවා පුංචි හාමුවො හරිද? මම ඇඟිලි ගෙවෙනකන් මෙතන තෙල් උල උලා සාත්තු කරාට තවුසෙගෙ කිසිම උනන්දුවක් නෑනෙ සනීප වෙන්න."
එදා සිද්ධර් සීයා ඇවිත් මන්ද්‍රව්ව පරීක්ෂා කරලා තාම ගුණයක් නැති වගයි, බේත් ඇඟට අල්ලනවද කියලාවත් කියන්න බෑ කියන එකයි කියලා යන්න ගියාට පස්සෙ පළවෙනි වතාවට ස්වර මන්ද්‍රව්ට චෝදනාවක් කරා. හැබැයි මන්ද්‍රව් කරේම ස්වර ගාව තිබුණ ඇස් බැල්ම අඹ ගහ උඩින් පෙනෙන අඳුරු අහසට අරන් ගිහින් බර හුස්මක් අතහැරපු එක විතරයි.
"උගුඩුවා වගේ හුස්ම ඇර ඇරා බොරුවට හූල්ලන්නැතුව මේ ඇඟිලි හොලවන්න..."
ඒකටත් පුංචි වෙද ළමයා ආඩපාලි කියන්න ගත්තට මන්ද්‍රව්ගෙ ඇස් වල තිබ්බ බැල්ම එයාට තේරුම් ගන්න බැරි වුණා. මන්ද්‍රව්ගෙ හිත අස්සෙ තිබ්බ වේදනාවයි, හිත අස්සෙ මැවෙන අඳුරු ඡායාවල් වල මතක එක්ක හැදුණ ව්‍යාකූල හැඟීම් ගැන දැනන් හිටියෙ මන්ද්‍රව්ම විතරයි.
"මේක අල්ලගන්න.. ආ... ඔයාට ඇඟිලි මූව් කරන්න පුළුවන් කියන්නෙ මේක අල්ලගන්න පුළුවන්නේ.."
මන්ද්‍රව්ගෙ අත් වල ඇඟිලි යන්තම් චලනය කරන්න පුළුවන් කොහොමත්. නර්ව්ස් වල ප්‍රශ්නෙ තිබ්බට ඒක හොඳ කරන්න පුළුවන් තත්වෙක එකක් කියලා තමා සිද්ධර් වෙද සීයා කීවෙ. මොකද මන්ද්‍රව්ගෙ ස්නායු මැරිලා නෑ. ඒවා දුර්වල වෙලා විතරයි. ඒ වගේම එයාට ඇවිදගන්න බැරිවුණාට ඉඳගෙන ඉන්න පුළුවන් කොන්ද කෙලින් තියාගෙන.
YOU ARE READING
මන්ද්‍ර ස්වර
Romance🤎 මන්ද්‍රව් ධිහාර් මඩුවන්වෙල 🤍 ස්වර ආකාශ ද සිල්වා ~~ අනන්තයකට වැයෙනා මන්ද්‍ර ස්වර දැහැනට සමවදින්නට අවසර....