අවුරුද්දකට වතාවක් competition එකක් හින්ද හම්බෙන්න වෙන එක ,
හිතාගන්න බැරි වේගෙන් ගෙවිල යන දවස් දහය ,
සමහර හැගීම් හින්ද හම්බෙන පාවෙන මොහොතවල් ,
ආදරේ වුනත් ඒකපාර්ශ්වික උනාම රිදෙන්න තියන ඉඩකඩ වැඩියි නේද ?
මේක කතාවකට වැඩිය මතක ගොන්නක එකතුවක් කිව්වොත් හරී.කොහොම උනත්..නෑ.කියවලම බලන්නකො👍
මම අවුරුදු 17 ක ගෑනු ලමයෙක්.ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙන ගන්නෙ.සාමාන්‍යෙන් සමාජශීලී , ඕන කෙනෙක් එක්ක කතාවට යන ආතල් එකේ ඉන්න චරිතයක්.මෙහෙමයි ඉතින් ආතල් කිව්වට එහෙමමත් නෑ. මෙන්න මෙහෙමයි කතාව පටන් ගන්නෙ..
වසරකට පෙර
බණ්ඩාරවෙල තියන ඉස්කෝලෙක එක්තරා බාලිකා කණ්ඩායමක් මුණගැහෙනව අපිට මේ competition එක ඇතුලෙ.ඒක වෙන්නෙ හරියටම අවුරුද්දකට කලින්.
ඒ ඇතුලෙ ඉන්නව එක්තරා ගෑනු ළමයෙක්.කොට කොණ්ඩේ.තඩි ඇහිබැම.අහ්...
ඉතුරුව පස්සේ..කොටින්ම ගෑනු ළමයෙක් කියන්නත් බැරිතරම් එයාගෙ තිබුණෙ පිරිමි ගතිගුණ.ඒ උනාට අමුතුම cute හුරතල් ගතියක් එයාට තිබුණ.
ඒ හින්දම ද මන්ද කෙල්ලන්ගෙ අවධානෙ ගොඩක් එයාගෙ පැත්තට වැඩිපුර හම්බුනා.අපේ team එකේ අයගෙත්..
එයාගෙ නම හොයාගන්න කාපු කට්ටක්.මායි තව යාලුවෙකුයි.නමත් හොයාගත්ත.
ශෙහාරා.
කතා කරලවත් නැතුව,ඒ දවස් දහය එහෙමම ගෙවිල යනව.ආයෙත් හම්බවෙන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව.
ඒ අවුරුද්ද ඇතුලෙ ඉදල හිටල ශෙහාරා ගැන කතා ඇදල ගත්තත්,එයාව මතක් උනේම නැති තරම්..ඒ කියන්නෙ තිබ්බ වැඩත් එක්ක එයාව මතක් කරන්න නම් වෙලාවක් හම්බුනේම නැති තරම්..
අනික මේ පිස්සු කෙල්ලෙක් ගැන මොනව හිතන්නද අනේ..
ඒත් නොහිතපු විදියට
අපේ team එක අවුරුද්දකට පස්සෙත් ආයෙ ඒ competition එකටම තේරෙනව.ඒ කියන්නෙ ආයෙත් දවස් දහයක්.
"ශෙහාර ඉදීද බන්.."
ඉදල හිටල යාලුව එහෙම කිව්ව ඇරෙන්න එයා ගැන අපි අතරෙ කතාවක් උනේම නෑ.
busy life.කොහොම උනත්,
මෙතනින් එහාට තියෙන්නෙම,
ඇත්ත ඒත් සමහර බොරු වලින් ගෙතිච්ච...බිනර මල.....💕
YOU ARE READING
බිනර මල
Romanceදන්නවද? කොළ පාට බෝලයක් දකින එක මොහොතකට නවතිනවා පපුව එයා මාව දකීද? කෙල්ලෙක්ගෙ හදවතක් නවතින්නෙ කොල්ලෙක් ළග විතරමද? ඇයි ලා කොළ පාට පනුවෙක් දැක්කම සුදු පාට ගෝව මලක හැංගුන මොහොතකට නවතිනව හදවත වේගෙන් ගැහි ගැහි ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ...