"ලමායි , යන් කෑම කන්න. "
ඒ අපේ captain තුන්වෙනි පාරටත් කෑගහපු වෙලාව.අපේ උන් එක එක වැඩ තැන් තැන්වල.එහෙම තමයි ඉතින් competition ආවම.ඒ අපි මෙහෙට ඇවිත් දෙවෙනි දවස.
මුළු දවසම මහන්සියෙන් ඉදල රෑට කන්න යන්න තමයි captain ඒ කෑගැහුවෙ.තැන් තැන් වල වැඩ කරපු උන් සේරම දඩිබිඩි ගාල නැගිට්ටෙ uniform දාගන්න.ඒකෙන්ම තේරෙනව නෙ මුන් හිටපු බඩගින්න.නිදියන් හිටපු උනුත් ඇහැරල තිබ්බ බඩගින්නෙ size එකට.
කොහොම උනත් විනාඩි 5ක් වගේ ඇතුලත හැමෝම uniform දාගෙන ලෑස්ති උනා.නැවතිලා ඉන්න තැන ඉදන් කෑම කන හෝල් එකට 100m වගේ දුරක් ඇති.
ඉතින් අපි කට්ටියම කන තැනට ගියේ හිමින් ඒත් වේගෙන්.පොඩි කන්දක් වගේ එකක් නගින්න තියන හින්දම මමයි මගෙ යාලුව නෙතුමියි පොඩ්ඩක් පිටිපස්සට වුනා.අන්තිමට යන එක ලේසීනේ.
කට්ටියම hall එක ඉස්සරහට යද්දි තව teams ඇවිත් හිටිය.එතනත් පෝලිම.
"නෙතූ , ඉන්ඩකො අත හෝදන් එන්නම්."
මම එහෙම කියල පිටිපස්සෙ තිබ්බ ටැප් එක දිහාට ගියේ නෙතුමි විතරක් මාත් එක්ක ඉද්දි.අනිත් අය සේරම පෝලිමට එකතු වෙන්න් ගිහින්.
" අයියෝ මොට්ටස්.යමන්කො.අරුන් ගියා "
"ඉන්ඩෝ "
මම පුළුවන් තරම් ඉක්මනට ආවෙ නෙතුමි විතරක් තනියම හින්ද.
ඉතින් අපි දෙන්නත් අනිත් අය හිටපු තැනට යන්න හදද්දි වුනේ හිතාගන්නත් බැරි දෙයක්. හැරෙද්දිම අපි ගාවින් ගියේ අර කෙල්ල.
ශෙහාරා..
නෙතුමියි මායි වෙච්ච දෙයක් හිතාගන්න බැරිව මූණට මූණ බලාගත්තා.එයාගෙත් ඇස් ලොකු වෙලා.මං හිතන්නෙ මගෙත් එහෙමයි.
ගිය අවුරුද්දෙ මට වැඩිය ශෙහාර ගැන interest උනේ නෙතූ.ඉතින් එහෙම වෙන එක පුදුමයක් නෙමේ..
ශෙහාර ගැන හදුන්වන්න මෙතන තැන නෙමේ.මොකද අපි එයාව දැක්කෙ කලුවරේ.
වෙච්ච දෙයක් හිතාගන්න බැරුව හිටපු මමයි නෙතුයි අනිත් අය එක්කම පෝලිමට එකතු උනා.
"ඕයි.."
"මොකද බන්"
"මං හිතුවෙ නෑ එයා මේ පාරත් එයි කියල.."
නෙතුමි එහෙම කිව්ව.ඇත්තනෙ මම හිතුවෙත් නෑ තමා.
"මාත්"
"දැක්කද එයා ලස්සන වෙලා තියන තරම..."
"කටවහන් කන්න යන්කො.ඕක පස්සෙ කතා කරමු පැන්චො.."
මම ඒ කතාවට තිතක් තිබ්බෙ ඒ විදියට.කෑම කද්දි කෑම කන්න ඕනෙ.කතා නෝ.
කොහොම වුනත් අනපේක්ෂිතව වුණ ඒ දේ හින්ද මගෙ හිතත් ගැස්සිලයි තිබ්බෙ.ඒ කෙල්ල මේ අවුරුද්දෙත් ඉදී කියල කවුද හිතුවෙ..
අනේ ඉතින්...ශෙහාරා.ඔයා මාව පිස්සු වට්ටනවනෙ මේ කළුවරේ.... 😓💕
YOU ARE READING
බිනර මල
Romanceදන්නවද? කොළ පාට බෝලයක් දකින එක මොහොතකට නවතිනවා පපුව එයා මාව දකීද? කෙල්ලෙක්ගෙ හදවතක් නවතින්නෙ කොල්ලෙක් ළග විතරමද? ඇයි ලා කොළ පාට පනුවෙක් දැක්කම සුදු පාට ගෝව මලක හැංගුන මොහොතකට නවතිනව හදවත වේගෙන් ගැහි ගැහි ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් ...