මමයි උබෙ ඇස් දෙකේ මේ හැටි
විඩාබර දුක් කදුලු මැව්වේ
උබයි මම ඒ කදුලු පිසලන මොහොතෙදිත් මට එහෙම කිව්වේ
මගෙත් හිත මොන තරම් රිදුනද
මගෙන් ඇයි ඒ ගැන නොඇහුවේ
උබයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ~~~~~~~~🥀
"අවුරුදු ගානක් එකම සින්දු සෙට් එකම අහලා උබට ඇති වෙන්නැද්ද බන් "හදවතම අත ගාන්න පුලුවන් රහක් එක්ක ලියවුනු පදපේලි එකින් එක කන වැටෙද්දි මගෙ දැහැන බිද දාලා කාමරේට ආවෙ වෙන කවුරුත් නෙමේ මගෙ ජිවිතේට ඉන්න එකම යාලුවා එකම යාලුවා කිව්වෙ වෙනස් නොවුන බොක්කෙන්ම ඉන්නවා කියලා මන් හිතන් ඉන්න එකම යාලුවා
"අවුරුදු ගානක් ඇහුවත් ඒ රහ එහෙම්ම දැනෙනකොට මෑත කාලින බයිලා වලට කන්දෙන්නෙ කොහොමද බන් "
"උබ ඌ දාලා ගිය දා ඉදන්ම ඔය සින්දු සෙට් එක එහෙම්ම අහනවා ඇත්ත කියපන් උබ ඔය සින්දු අහන්නෙ ඌ ගිය එක උබට තාම වද දෙන හන්දා නේද "
අතේ තිබුන පෑන පුලුවන් තරම් තදට මිරිකෙන්න ඇති අවුරුදු ගානක පුස්කාපු මතක පොතේ පිටු එකින් එක දිග ඇරෙද්දි පපුවෙ බර පැත්ත කීරි ගැහිලා යනවා වගේ දැනෙන්නැති
" මන් කිව්වා ආයෙ ආයෙම ඒ මනුස්සයා ගැන මට මතක් කරන්න එපා "
" දුක නෑ ආදරයක් මේ හිතේ නෑමයි කිය කිය උබ යාලුවො පවුලෙ උන් වටේ පිටේ සේරමල්ලන්ට ඒත්තු ගැන්නුවාත් එකට උන්න මට නොතේරෙන්න විදියක් නෑ බන් මට උබව තේරේනවා ඔය හිතේ කොනක හරි තාම ඌ ඉන්නවා "
" අවුරුදු දහයක්....අවුරුදු දහයක් මන් උබට එකම දේ කියනවා මේ හිතේ ඒ ආදරේ මැරුනේ ඌ ගිය දාමයි ආයේ ආයෙම අහන්න එපා ඒ ගැන "
පපුවෙ බර පැත්තට දැනෙන කීරි ගැහෙන වේදනාව කාගෙන මන් ඒ කිව්වත් මගෙ සහෝදරයා ගානට ඉන්න මගෙ යාලුවට කොහොම කිව්වත් පිලිගන්නෑ මන් දන්නවා
"අවුරුදු දහයක් පස්සෙන් එන එන කොල්ලව එපා කිය කිය පස්සෙන් එන එන කෙල්ලව එපා කිය කිය උබ මොන මගුලක්ද එහෙනම් කරන්නෙ ඌ ගැන ආදරයක් නැත්තම් ඇයි වෙන කෙනෙක් එක්ක යාලු නොවෙන්නෙ "
YOU ARE READING
LONER OR LOVER(ongoing )
Fanfictionමගෙත් හිත මොන තරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නො ඇහුවෙ 🥀💔