කලින් chapter එකට තව ටිකක් add කරලා තියෙන්නේ.. එක කියවල එන්න..
____________________________________
මන් අප්පච්චිටත් bye කියලා car එකෙන් බැස්ස..
අද දෙවෙනි දවස.. gate එක ගාව ගොබ්බයෙක් වගේ බලන් ඉදල වැඩක් නැති නිසා මන් ඇතුලට ගියා.. පාරත් මතක නෑ වගේ.. අහ්හ් හරි මේ පැත්තෙනේ.. මන් ground එක ලගින් යද්දී දැක්කේ ground එකේ vollyball practice තියෙනවා..
පන්තියට යද්දී සනුමි පඩි පෙළ අතු ගානවා..
හරි ද දැන්.. සන්තෝස ද..
හරි හරි බන් ඉතින්..
අතු ගාල ඉවර වෙලා පන්තිය බලන්න හිටපු prefect ත් කෑ ගහල මේ පැත්ත බලද්දී තමා මාව දැක්කේ..
හලෝ අලුත් ළමයා.. Good morning..
හායි.. Good morning.. අද මට වාඩි වෙන්න තැනක් තියෙනව ද..
ඔව් ඔව් අපේ පේලියේ එක පුටුවක් කොහොමත් හිස් තිබ්බේ.. ඔයා ගිහින් bag එක තියන්න මන් දුලා හොයන් එන්නම්..
අහ්හ්.. හා හා..
දුලා කිව්වේ අර අනිත් කෙල්ල වෙන්න ඕනි.. නම මතක නෑ නේ..
පේලියට ඩෙස් හතරයි... බිත්තිය කොනේ පුටුවේ bag එකක් තිබ්බා.. ඊට පස්සේ එක හිස් ඊට පස්සේ එකෙත් bag එකක් තිබුනා.. මන් ඉතින් අනිත් පැත්තේ කොනේ හිස් පුටුවෙන් bag එක තිබ්බා.. තියල පන්තියේ කොරිඩෝ එකට ගිහින් ජනේලෙන් එලිය බැලුවා.. මතක් වෙනව අනේ කලින් ඉස්කෝලේ.. කෝම හරි පුරුදු වෙන්න එපැයි මේ ඉස්කෝලේ ට..
ඒයි.. මොනා ද කල්පනා කරන්නේ..
මොකුත් නෑ අනෙහ්..
ඒ සනුමි එයා නම් මේ ඉන්නව මේ නෑ.. එතකොට ම වගේ බෙල් කරා..
යමු ක්ලාස් එකට..
Sorry ඉස්සෙල්ල ඔයාව දාල ගියාට.. ඔයා තනියෙන් කියලා මට මීටර් උනේ නෑ..
අයියෝ.. ඒකට කමක් නෑ මැට්ටි..
මේ ඔයාට බැරි ද මගේ හොදම යාළුවා වෙන්න.. දුලන්‍යා ට වෙනුරි ඉන්නව නේ..
හා අනේ ඕක අහන්නත් දෙයක් ද.. ඔයා මාත් එක්ක කතා කරේ නැත්තන් මාත් තනියෙන් නේ..
හී.. එන්න එන්න ක්ලාස් එකට යන්න..
අපි ක්ලාස් එකට යද්දී දුලන්‍යා ඇවිත් හිටියා.. එයා මාත් එක්ක හිනා උනා.. මත් හිනා උනා ඉතින්.. එයාගේ එහා පැත්තේ පුටුව අදත් හිස්.. එයාගේ යාළුවා අදත් නැද්ද එතකොට..
.
.
.
.
.
ආයුබෝවන් ළමයී..
ආයුබෝවන් ටීචර්..
මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.. ඒ උනාට මන් ආසම නැති වැඩේ තමා උදේට ඉස්කෝලෙදි ගාථා කියන එක.. ගෙදරදී විනාඩි පහෙන් කියන ටික කියන්න ඉස්කෝලේ දී පැය බාගයක් විතර යනවා..
සනුමි.. පුතේ ගිහින් register එකයි record book එකයි අරන් එන්නකෝ..
හරි ටීචර් මන් අරන් එන්නම්..
මටත් කතා කරා යන්න.. මාත් ඉතින් ගියා.. ඔෆිස් එකට යන්න තියෙන දුරම පාරෙන් ගිහින් පොත් දෙකත් අරන් පන්තියට එද්දී ටීචර් පාඩමත් පටන් අරන්..
මන් හිතුවේ දෙන්නත් එක්ක අතරමන් වෙලා කියලා..
මම පොඩි ගොන් හිනාවක් දාල ටීචර් දිහා බැලුවාම අරූ ඊට නොදෙවෙනි හිනාවකින් ටීචර් දිහා බැලුවා..
මන් ගිහින් වාඩි වෙලා පොත අතට ගත්ත විතරයි..
Excuse me teacher..
එන්න..
කවුද අඩේ මෙච්චර පරක්කු වෙලා ක්ලාස් එකට එන්නේ.. මන් ඔලුව උස්සලා බැලුවාම දැක්කේ තනි අතට bag එක එල්ලන් තව රතු පාට sport bag එකකුත් එල්ලන් ඉන්න කෙල්ලෙක්.. හොදට දැකල පුරුදු මූනක්.. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මේ අර එදා මන් දැක්ක බැල්කනි කෙල්ල නේ.. මේ පැත්තට එන්නේ ඇයි.. මාව මතක ද දන්නේ නෑ..
සිරාවට ම මොක ද මේ පැත්තට එන්නේ..
එයා මගේ ලගටම ඇවිල්ලා.....
____________________________________
අදත් Chapter එක කොටයි නේ ද.. Sorry ලමයී.. මේක ලියන්න පටන් ගත්තට දැන් නිකන් බෑ වගේ.. මට නිකන් set නෑ වගේ.. ඊලග එක අනිවරෙන් දිගට දෙන්නම්.. කතාව ගැන මොක ද හිතෙන්නේ කියල කියන්න.. 🙂
VOCÊ ESTÁ LENDO
Dimple Girl 💗 [GL]
Não FicçãoSinhala Gl story " මන් රැවටුනා.. ඔව්.. ඒ බැල්මට.. ඒ හිනාවට.. ඒ කතාවට.. ඉතින් මෙහෙම ද මේක ඉවර වෙන්නේ.. " - Nethuli - " මට සමාවෙන්න නෙතූ.. මට ඔයාට ඕනි කෙනාව දෙන්න බැරි වෙයි.. අපි ය...