| Writers Block Avoid කරන්නෙ කොහොමද? |

61 15 6
                                    


තවම ආදුනිකයිනෙ මේ වැඩේට... ඉතින් මූලිකම දේවල්වලට මුලින් අතහමු...









Writer's Block කියන්නෙ... වෙලාවකට කොච්චර ආසාව උවමනාව තිබුණත්.. ලියන්න හිතෙන්නෙම නැති එක. ෆෝන් එක අතේ තියෙනවා.. වෙලාවත් තියෙනවා. ඒත් ලියන්න හිතෙන්නෙ නෑ.. එහෙම කාල අනන්තවත් මමත් පහු කරලා තියෙනවා.







ඔයා රීඩර් කෙනෙක් නම්.. මේ වගේ අවස්ථා දිහා මානුශීයව බලන්න කියලා ඉල්ලනවා.. මොකද නිර්මාණාත්මක ලිවීම කියන්නෙ රිපෝට් එකක් ලියනවා වගේ.. කරුණු තිබුන පලියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට මනසෙ ආශාවක් තියෙන්න ඕන. බලෙන් කරන්න අමාරුයි.. ගොඩක් ඕතර්ස්ල ඒ වගේ වෙලාවට හිර වෙන එක සාධාරණයි.








මේක සාමාන්‍යයෙන් අලුතෙන්ම පටන්ගන්න ඕතර් කෙනෙකුට  සාමාන්‍ය තත්වයක්. එයාලට සපෝට් අඩුයි.. අනිත් ඒව එක්ක සන්සන්දනය කරද්දි අසාර්ථකයි වගේ දැනෙනවා. එහෙම වෙද්දී ලියන්න හිත හදාගන්න ලේසි නෑ. එතකොට අප්ඩේට්ස් පරක්කු වෙනවා.. පරක්කු වෙන්න වෙන්න ඉන්න රීඩස්ල ටිකත් නැති වෙනවා... තව ලියන එක අප්‍රසන්න අත්දැකීමක් වෙනවා..







ඒත් තවත් එහෙම වෙන එකක් නෑ.. මොකද.. මම හොයාගත්ත ක්‍රම කීපයක් තියෙනවා මේ ප්‍රශ්නෙට විසදුම් විදියට...






01. සෝශල් මීඩියා අයින් කරන්න.





   එක හේතුවක්.. ලියන එක බෝරින් වැඩක්. සෝශල් මීඩියාවල තියෙන විකාර බල බල හිනාවෙන එක ඊටවඩා සෑහෙන ලේසි වැඩක්. මොලේ ආස නෑ නෙ අමාරු වැඩ කරන්න.. මොලේ කියන්නෙ පුංචි බබෙක් වගේ කෙනෙක්. ඉතින් අර පාට පාට රස ලෝකවලටම අපිව ඇදගෙන් යන්න මොලේ දක්ෂයි.




   ඒත් එතනත් තව ප්‍රශ්නයක් එනවා.. ඔයාව නොදන්න කෙනෙකුට අහම්බෙන් සජෙස්ට් වුනොත් මිසක්.. සෝශල් මීඩියා නැතුව රීඩස්ල හම්බවෙන්නෙ නෑ ඔයාට. බයිලා පැත්තක දාමු.. කවුරුත් ආස නෑ පොතක් ලියලා ඒක කවුරුත් කියවන්නැතුව ඉන්නවා බලන්න.





   ඉතින් ලේසිම දේ... ඔයා ඩිවයිසස් දෙකක් තියාගන්න. නෝට්පෑඩ් එකක් එක ඩිවයිස් එකක තියාගෙන.. සෝශල් මීඩියා තව එකක තියාගන්න. නෝට්පෑඩ් තියෙන ඩිවයිස් එකේ වෙන මොකුත්ම නැත්තං ගොඩක් හොදයි. ඔයාල ලියන ගමන් සින්දු අහන්න කැමතිනම් සින්දු ටිකක් වගේ තියාගත්තට කමන්නෑ. ඒත් අඩුම ගානෙ වට්පෑඩ් එක වත් ඒ ඩිවයිස් එකේ තියාගන්න එපා.




You've reached the end of published parts.

⏰ Last updated: Dec 03 ⏰

Add this story to your Library to get notified about new parts!

How To Be A Good BL Writer Where stories live. Discover now